වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
දණහිස සන්ධියට ඇතිවන අනතුරුවලින් සන්ධිය ආශ්‍රිතව පවතින විවිධ මෘදු පටක වර්ග හානි වන්නට පුළුවන්. එලෙස හානිවන ප්‍රධානතම මෘදු පටක ව්‍යුහයක් ලෙස...
2024-12-05 18:30:00
ප්‍රෙමිලා රුද්‍රිගු - පොතුහැරප්රශ්නයවෛද්යතුමනි,මගේ සිවුවැනි දරුවාගේ වයස අවුරුදු දාහතකි. පිරිමි දරුවෙකි. දරුවා සුදුමැළි වී ඇති බව පෙනෙනවා. සමහර...
2024-11-28 18:30:00
ඩිම්භ කෝෂ ආශ්‍රිතව ඇතිවන ඩිම්බ පරිනත වීමේ ක්‍රියාවලියේ විවිධ දුර්වලතාවයන් ඇතිකර දරුවකු පිළිසිඳ ගැනීම පමා කිරීමට හේතුවන ප්‍රධානතම රෝගයක් ලෙස...
2024-11-28 18:30:00
දද, කුෂ්ඨ, පණුක - බෝ ඇට, සියඹලා ඇට, සාදික්කා, ඇඹුල් පේර, නමිනං, කුරුඳු පොතු, නෙල්ලි කලං දෙක බැගින් ගෙන රන් තැඹිලි වතුරෙන් අඹරා ගානු. වහා සුව...
2024-11-28 18:30:00
මල්ලිකා රත්නායක - කිරිබේරියප්රශ්නය වෛද්‍යතුමනි, තිස් දෙහැවිරිදි මා අවිවාහක කාන්තාවකි. මගේ කෙස් කලඹ දිගට වැවී ඇත. මම පුරුදුව ඇත්තේ උදේට ස්නානය...
2024-11-21 18:30:00
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුරමීට පෙර සුබසෙත පුවත්පතෙන් ස්ත්‍රී මරයෝග පුරුෂ කේන්දර තුළ යෙදෙන අයුරු කතා කළෙමු. පුරුෂ මරයෝග භංග වෙන ආකාරය...
2024-11-21 18:30:00
ගෘහිණියන් මෙන්ම විවිධ රැකියාවල නියුතු වෘත්තිකයන් ද ක්‍රීඩා සහ ව්‍යායාම්වල නියැළෙන පුද්ගලයන් අතර ද සුලභව දැකිය හැකි තත්ත්වයක් ලෙස වැලමිට වේදනාව...
2024-11-21 18:30:00
පසුගිය කලාපයෙන් අපි බෙල්ලේ වේදනාව අඩු කිරීමට සුදුසු යෝගාසන කීපයක් පිළිබඳ අවධානය යොමු කළෙමු. එමඟින් ද බෙල්ල පිටුපස ඉස්කර ලෙස හඳුන්වන කොටසේ ඇතිවන ස්ථූල...
2024-11-21 18:30:00
ශරීරයේ විශාලතම අවයවය වන්නේ සමය. රුව ලස්සන වඩාත් මතුකර දක්වන්නේ පැහැපත් සමය. සමේ කොරළ ඇතිවීමෙන් දිස්වන්නේ අප්‍රසන්න ස්වභාවයකි. මුහුණ කොතරම් ලස්සන වුවද...
2024-11-21 18:30:00
මුහුණේ කුරුලෑ ඇතිවීම සහ කුරුලෑ ආශ්රිත වෙනත් රෝගාබාධයන් ඇතිවීමෙන් ලෝක ජනගහනයෙන් 20.5% පමණ පීඩා විඳීන බව නවතම සොයාගැනීම් දක්වා තිබෙනවා. මුහුණේ අනවශ්‍ය...
2024-11-14 18:30:00
එදිනෙදා ජීවීතයේ දී අප සියලු දෙනා බොහෝ කටයුතුවල නිරත වනවා. එවන් ක්‍රියාවල නිරත වීමේ දී විවිධ කායික වේදනාවන්වලට පුද්ගලයාට මුහුණ දීමට සිදු වනවා. බෙල්ලේ...
2024-11-14 18:30:00
මේ වන විට ලොව පුරා මිලියන හාරසිය විසිදෙකක පමණ ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන මඟින් පෙන්වාදී ඇත. සෑම වසරකම ලොව පුරා සිදුවන මරණ මිලියන...
2024-11-14 18:30:00
වැටීම් ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම්වලින් ප්‍රධානම අස්ථිබිඳීම් ප්‍රභේදයක් ලෙස කලව අස්ථියේ ගෙල කොටසෙහි සිදුවන බිඳීම් දක්වන්නට පුළුවන්. මැදි වයස ඉක්මවූ...
2024-11-07 18:30:00
සිත, කය, වචනය දියුණු කරගත් ඍෂිවරුන් විසින් ලෝකය මැව්වා වූ මහා බ්‍රහ්මයා වෙතින් මනුෂ්‍ය ලෝකයට රැගෙනවිත් මිනිසාගේ සිත සුව පිණිස ව්‍යාප්ත කළාවූ...
2024-11-07 18:30:00
ප්‍රබෝධී - අලව්වප්රශ්නයවෛද්යාචාර්යතුමනි, මා විසි දෙහැවිරිදි කාර්මික අධ්‍යාපනය ලබන සිසුවියෙකි. මගේ සම වියළි බවක් පෙන්නුම් කෙරේ. සමේ රැළි වැටීම...
2024-10-31 18:30:00
සන්ධි වර්ග කිරීමට අනුව ගෝල කුහර (Ball & Socket ) වර්ගයට ගැනෙන උකුල් සන්ධිය පහළ ගාත්‍රවල තිබෙන චලන පරාසය වැඩිම සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්....
2024-10-31 18:30:00