වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
එරබඳු සහ කෝකිලයා අලුත් අවුරුද්ද සංකේතවත් කරන
සිංහල හින්දු අලුත් අවුරුද්ද සංකේතවත් කරන විශේෂ පක්ෂියෙක් හා පුෂ්පයක් බක්මාසය උදාවී සිංහල හින්දු අවුරුද්ද ලබන විට අසන්නට හා දැක ගන්නට හැකිය. බක්මහ මිහිර සිහියට නංවන සංඥා නාදයෙන් දූ දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද ප්‍රබෝධමත් කරවන කෝකිලයා නොහොත් කොවුලාද අවට පරිසරය සංකේතවත් කරමින් අලංකාරයක් ගෙන දෙමින් රක්තවර්ණයෙන් මුළු පළාතම බබළවන එරබදු මල් අවුරුදු ආ බව පෙන්වමින් අපව දිරිමත් කරති.
අවුරුදු උදාවේ මංගල පණිවිඩය රැගෙන එන කොහා කුරුළු පරපුර අතරින් අමුතුම විදියේ නාදයක් පතුරුවා හරින පක්ෂියෙකි. පරපුටු කොහා නමින්ද හඳුන්වනු ලබන කෝකිලයා කොහෝ කොහෝ යන නාදය පතුරවමින් එහා මෙහා පියාඹා යන්නේ දරුවන්ද ඒ හඬට යොමුකරවමිනි.
ඛ්භතභතඪඤචඥ නම් කෝකිල කුලයට අයත් කොවුලාගේ ඉංගී්රසි නාමය වන්නේ ඒඪඵචද ඬධඥත යනුවෙනි. අවුරුද්දේ මිහිරි නාදය පතුරවමින් තැන තැන පියාඹා යමින් හඬනගන්නේ පිරිමි කොහාය. නිල් පැහැයට හුරු කලුපාටින් යුත් එම කොහාගේ දෑස් රතු පාටින් දිස්වේ. කොහාගේ කිරිල්ලියගේ සිරුර රතු මිශ්‍ර දුඹුරුවන් හා සුදු පැහැතිය. ගෝමර සහිත පිහාටුවලින් යුත් කෙවිලියට කොවුලාට මෙන් දස දෙස පැතිරයන මිහිරිහඬක් පතුරවාලිය නොහැකිය. වසරේ හතරවන මාසය වන බක්මාසෙන් ඇරඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය කොවුලාගේ වසන්ත සමයයි. වසන්ත කාලයේ කෙවිලිය හා එක්ව හැසිරෙමින් පැටවුන් බෝ කිරීමට සූදානම් වේ.
මොනරාගල සිරිගල, ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
සටහන – බී.ඇල්. ප්‍රේමරත්න
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>