ව්‍යවසායකත්වය සහ ඡ්‍යොතිෂය

පෙබරවාරි 8, 2019

මිනිසාගේ ධනෝපායන හැකියාවන් කෙරෙහි ඡ්‍යොතිෂය දක්වන බලපෑම මෙන්ම ව්‍යාපාරික සාර්ථකත්වය නැත්නම් සාර්ථක ව්‍යවසායකත්වය කෙරෙහි ඡ්‍යොතිෂය දක්වන බලපෑම හඳුනා ගැනීම සඳහා පසුගිය අඩසියවසක පමණ කාලය තුළ පෙරදිග මෙන්ම අපරදිග රටවලද විවිධ පර්යේෂණ පවත්වා ඇත.

සාර්ථක ව්‍යවසායකයෙක් වීම සඳහා සුවිශේෂි හැකියාවන් සමූහයක් තිබිය යුතු බවත් එවැනි හැකියාවන් ඇත්තේ අප සමාජයේ ඉතා සුළු පිරිසකට බවත් අප හොඳින් දන්නා කරුණකි. මෙසේ සිදුවන්නේ කුමන ආකාරයේ ඡ්‍යොතිෂමය හේතුන් නිසාද යන්න අනාවරණය කර ගැනීම සඳහා මෙහෙයවන ලද විවිධ පර්යේෂණවලින් අපූර්ව තොරතුරු රැසක් අනාවරණය වී ඇත. පසුගිය දශක කිහිපය තුළදී ව්‍යාපාරික කටයුතු නිසා බිලියනපතියන් වූ ව්‍යවසායකයන් 100 දෙනකුගේ නියැදියක් යටතේ කරන ලද එක් පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එම 100 දෙනාගෙන් 12.5% ක් මකර ලග්න හිමියන් බවයි. එසේම 10.3% ක් වෘෂභ ලග්න හිමියන් වී ඇති අතර 5.9% කටක ලග්න හිමියන් වී ඇත. අනෙකුත් ලග්නවලට හිමි වී ඇති ප්‍රතිශතය 5.0% ට වඩා අඩු අගයක් ගනී. මීට අමතරව පහත දැක්වෙන භූත කාණ්ඩ අනුවද ව්‍යාවසයකත්ව හැකියාවන්හි වෙනස්කම් ඇතිවේ.

තේජෝ කාණ්ඩයට අයත් මේෂ, සිංහ, සහ ධනු ලග්න

මෙම ලග්න වලට අදාළ ජන්මීන් තුළ අධික ශක්තියක් පවතින අතර ඔවුන් ප්‍රායෝගිකව යමක් ක්‍රියාත්මක කරන අය වේ. තම අභිමතයට හොඳින් ගැළපෙන පෙළඹවීමේ හැකියාවක් ඇති මෙම අය ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ටී.එම්. කුලරත්න

ඡ්‍යොතිෂ සහ මනෝවිද්‍යා උපදේශක

0718167593

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.