පුරාණ කාම නිල කලාව බිරියගේ සතුට සිතන සැමියන්ට පමණයි!

ජනවාරි 31, 2025

ලිංගිකත්වය යනු ආහාර, ජලය, වාතය මෙන්ම පණ ඇති ජීවීන්ට අත්‍යවශ්‍ය දෙයකි. ලිංගිකත්වය සිර කරගෙන සිටීම රෝග රැසකට බලපානු ලබයි. විරුද්ධ ලිංගිකයන් පිළිබඳ තම සිතෙහි ඇතිවන අනුරාගී හැඟීම සම්භෝගයකින් මුදාහළ යුතුය.

එසේ පිට නොකර සිරකරගෙන සිටීම යමෙකුට කායික මෙන්ම මානසික වශයෙන් බලපානු ඇත. සෙම්, සොටු, මළ, මූත්‍ර සේම ශුක්‍ර ධාතු ද අවශ්‍ය වේලාවන්හිදී පිටකළ යුතු බව ආයුර්වේදයේ දැක්වේ.

පෙරදිග සංස්කෘතියට වඩා බටහිර සංස්කෘතිය තුළ ලිංගිකත්වය නිදහසේ අත්විඳීමට පසුබිම සැකසී ඇතැයි හැඟීමක් ලොව පුරා ඇත. අප රට ඇතුළු පෙරදිග රටවල විවාහ වන තෙක් ලිංගික ඇසුරක් පැවැත්වීම ශිෂ්ට නොවන කාරණාවක් ලෙස සමාජගත වී ඇති බැවිනි.

සෑම නිරෝගී ස්ත්‍රී පුරුෂයකුම වැඩිවියට පත් වීමත් සමඟ අනුරාගී හැඟීම් දැනීම් ඇති වීම ස්වාභාවිකය.

“ස්ත්‍රී ශරීරං සුන්දරඞ
පුරුෂ මනසාසංතුෂ්ඨිං”

ස්ත්‍රී ශරීරය සුන්දරයි. එම ශරීරාංගවල සුන්දර බව පිරිමි සිත් සතුටු කරවයි. පැරණි ශ්ලෝක මෙන්ම කාම තන්ත්‍රය වැනි පැරණි ග්‍රන්ථයන්හිද ස්ත්‍රී - පුරුෂ කාම කලාව ගැන තොරතුරු දක්වා ඇත.

ලිංගික වශයෙන් පිරිමියකුට වඩා ගැහැනිය තෘප්තිමත් වීමට වැඩි කාලයක් ගනී. ඒ සඳහා ඇයගේ කාම නිල චුම්භනයෙන් හා ස්පර්ශයෙන් උත්තේජනයකට ලක් කළ යුතුය. සම්භෝගයක් සාර්ථක වීමට නම් පුරුෂයාට සේම ස්ත්‍රියට ද ශ්‍රාව පිට වී තෘප්තිමත් විය යුතුය. එබැවින් ස්ත්‍රිය ද සතුටුවන අයුරින් ලිංගික ඇසුරක් පැවැත්වීමට පුරුෂයා වගබලාගත යුතුය. යම් පුරුෂයකුගේ බිරිය, සහකාරිය සයනයේදී ගණිකාවක මෙන් හැසිරිය යුතු බව පුරාණ ඉන්දීය බ්‍රාහ්මණ මතවාදවල ද කියැවේ.

එසේම ප්‍රබෝධවත්, සාර්ථක යුගදිවියකට මඟ සලසන පුරාණ ඡ්‍යොතිෂ පොත්පත්හි දැක්වෙන තම බිරිඳ හෝ සහකාරිය සතුටු කිරීමට අවැසි පුරාණ කාම නිල ශාස්ත්‍රය එවක බොහෝ රජ මැතිවරුන් මෙන්ම තෘප්තිමත් ජීවිත ගතකළ පුරවැසියන් අතර ජනප්‍රිය වූ විෂයයකි.

කාම නිල ශාස්ත්‍රය

ස්ත්‍රිය කෙරෙහි, ස්ත්‍රී ශරීරය කෙරෙහි ජ්‍යෙතිෂයේ වැදගත් පැතිකඩක් වෙන් කිරීමට පුරාණ නක්ෂත්‍රාචාර්යවරුන් කටයුතු කර තිබේ. “ස්ත්‍රී කාම නිල ශාස්ත්‍රය ද” එවැන්නකි. ස්ත්‍රියගේ ශාරීරික, ලිංගික ක්‍රියාකාරීත්වය කෙරෙහි චන්ද්‍ර හෙවත් සඳුගේ බලපෑම ඉතාමත් වැදගත් වේ.

මල්වරවීම, ඔසප්වීම, ප්‍රථම සම්භෝගය වැනි ස්ත්‍රී ලිංගික ක්‍රියාකාරීත්වය කෙරෙහි ඡ්‍යොතිෂයේ එන නවග්‍රහයින් අතරින් චන්ද්‍රයාගේ බලපෑම විශේෂයෙන් සලකා බලනු ලබයි. එම චන්ද්‍රයාගේ (සඳුගේ) බලපෑම මත ස්ත්‍රියකගේ කාම නිල උද්දීපනයවීමක් පිළිබඳව ඡ්‍යොතිෂයේ දැක්වේ.

ස්ත්‍රියගේ ඒ කාම නිල නිවැරැදිව දැනගෙන ඒවා චුම්භනය කිරීමෙන්, ස්පර්ශයෙන්, පිරිමැදීමෙන් හා තෙරපීමෙන් සප්‍රාණික කොට ඇය මෛථුන ක්‍රියාවලිය සඳහා සූදානම් කිරීමටත් ඒ සඳහා අවනත කර ගැනීමටත්, කායික - මානසික වශයෙන් වැඩි වින්දනයක් සතුටක්, තෘප්තියක් පුරුෂයාට මෙන්ම ස්ත්‍රියට ද ලබා දීමටත් හැකි බව ඡ්‍යොතිෂ මූලාචාර්යවරුන් පෙන්වා දී ඇත.

සඳුගේ ගමන හෙවත් තිථිය පදනම් කර ගනිමින් පුර සහ අව වශයෙන් ස්ත්‍රී කාම නිල සංකෝචනය වීම, ඉහිල් වීම, උද්දීපනය වීම අනුව බලගැන්වෙන අයුරු පහත පරිදි කියා ඇත. පංචාඤ්ග ලිතක් භාවිතයෙන් සම්භෝග දිනයට අදාළ තිථිය ද, පුර අව භේදය ද සලකාගෙන එම දිනයට අදාළව ස්ත්‍රී කාම නිලය හඳුනාගෙන එම ස්ථානය මුවින් චුම්භනය කිරීම හෝ තෙරපීම කළ යුතුය. එහි සාර්ථකත්වය ඇයගේ හැසිරීමෙන් දැකිය හැකි වනු ඇත.

විරුද්ධ ලිංගික ඇසුරට රුචි පාඨක භවතුන්ගේ මනදොළ සපුරාලනු පිණිස ඉදිරි දින කිහිපය සඳහා ස්ත්‍රී කාම නිලයන් සක්‍රිය වන ශරීරාංගයන් ද තිථිය අනුව ස්ත්‍රි ශරීරයේ කාම නිල වෙනස්වී යන අයුරු ද පහතින් දක්වමි.

ඡ්‍යොතිෂ ගුප්ත විද්‍යා ශාස්ත්‍රවේදී කොත්මලේ නාරද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.