වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සඳුගේ සෞම්‍ය ගුණ පිරි රතන යන්ත්‍රය
පසුගිය දිනෙක සෞරග්‍රහ මණ්ඩලයේ පියා වශයෙන් සැලකෙන රවි සම්බන්ධව “සූර්ය මණ්ඩලය” ගැන පූර්ණ විග්‍රහයක් සහිත රූපසටහනක් ඔබ වෙත ඉදිරිපත් කළ අතර ඊට පැසසුම් බොහෝයි. ග්‍රහ මඬුල්ලේ මව් එනම් සඳු ගැන අද සාකච්ඡා කිරීමට අදහස් කරමු.
රාශි චක්‍රයේ කටකය හිමි “සඳු” ට මූලික වශයෙන් අයත් වන්නේ “රතන යන්ත්‍රය” යි. ඇය වෙනුවෙන් තවත් යන්ත්‍ර කීපයක් නැතුව ද නොවේ. එහෙත් සඳු නොහොත් චන්ද්‍රයා වෙනුවෙන් ඉදිරිපත් කරනුයේ ඉතා සෞම්‍ය වූ රතන යන්ත්රයයි. රාශි වළල්ලේද ග්‍රහ මණ්ඩලයේ ද ඉතා සෞම්‍ය ග්‍රහ කිරණයක් වන සඳු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති රතන යන්ත්‍රය යන්ත්‍ර කාණ්ඩයේද ඉතා සෞම්‍ය යන්ත්‍ර රාජයෙකි. යන්ත්‍ර විද්‍යාවේ නොයෙකුත් කාණ්ඩයන්ට අයත් එක එක යන්ත්‍ර වර්ග ඇත.
රතන යන්ත්‍රය විශේෂයෙන්ම සර්වෝපද්ර හරණ බුද්ධ යන්ත්‍ර කාණ්ඩයට අයත් යන්ත්‍රයකි. සාමාන්‍ය වශයෙන් පිරිත් කිරීමක් කිව්වොත් තරමක් නිවරැදිය. වෙනත් යන්ත්‍රවලට අයත් නොවන පංචාක්ෂර පිහිටීමක් ඇති යන්ත්‍රයකි. යන්ත්‍ර ජපයෙදි වෙනත් යන්ත්‍ර මෙන් ජප ක්‍රමය අත්‍යවශ්‍ය වෙයි.
මේ යන්ත්‍රය වඩාත් සුදුසු වන්නේ සෙම් අමාරු, පීනස් අමාරුවලින් මිදීමටය. රතන යන්ත්‍රයෙහි ජප වශී ගණන් 108 වැඩි වාර ගණනකි. ඒ සුරයක බහාලන යන්ත්‍ර වේ. සෙම් අමාරු, පීනස් අමාරු යන රෝගවලට මෙන්ම ස්ත්රීන්ට පැමිණෙන නපුරු ස්වප්න වළකාලීමටත් කුඩා දරුවන් හීනෙන් බයවී නින්දෙන් නැඟිටීම වැනි අමනුෂ්‍ය දෝෂවලටත් ඉතා යහපත්ව ගුණදෙන යන්ත්‍රයකි මේ. වෙනත් යන්ත්රද පිරිසුදුව කළ යුතුව වනවා.එහෙත් මේ යන්ත්‍රය වඩා පිරිසුදුව කළ යුතු බව පොතපතේ සඳහන් වනවා. එනම් පූජා කළ යුතු බව පොතපතේ සඳහන් වනවා. එනම් පූජා තටුවට තබන පංචෝපාකාර පුදපූජා හා මතුරන කෙනාද ඉතා පිරිසුදුව සිටිය යුතු අතර යන්ත්‍රය මතුරන දිනවලට කිළිකුණු මස්මාංශ ආහාරයට නොගෙන සිටීම කොතරම් අත්‍යවශ්‍ය වුවත් එවැනි ස්ථානවලට නොපැමිණීම වැනි දේ ද කළ යුතු වනවා.
විශේෂයෙන් මේ යන්ත්‍රය වසරේ පුරතිථියට ආරම්භ කර පුර තිථියට අවසන් කිරීම කළ යුතු වන අතර වැඩිපුර යහපත් ප්‍රතිඵල ලැබෙන්නේද පුර තිථිය පවතින කාලයට බව අත්දැකීමෙන් දන්නවා. ඒ මන්ද යත් චන්ද්‍රයා බලවත් වන්නේ පුර තිථිය පවතින කාලයට බැවිනි. උදාහරණයක් වශයෙන් උමතු රෝග උත්සන්න වන්නේද මල්වර වන කන්‍යාවන්ට එම කාරණය ඉටුවන්නේද වැඩිපුරම පුර තිථියට බව කවුරුත් දන්නා කරුණකි.
විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණකි. මේ යන්ත්‍රය මැතිරීමේදි බල දිෂ්ටි මන්ත්‍ර අවශ්‍ය නැත. එනම් ඉෂ්ටප්රවර වැනි සැහැල්ලු දිෂ්ටියකින් දිෂ්ටි කලාව ඇති බවයි. එහෙත් වාර ගණන නම් සම්පූර්ණ කළ යුතු වනවා. වශී යන්ත්‍ර මැතිරීම පසු ප්‍රතිඵල පරීක්ෂාව අවශ්‍ය නැත. නිවැරැදිව යන්ත්‍රය තඹ හෝ පස්ලෝ තහඩු වර්ග යන්ත්‍රය ඇඳ නිවැරැදිව මැතිරීමෙන් පසු නිවැරැදි ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ බව වගකීමෙන් සඳහන් කරමි. මේ යන්ත්‍රය මතුරන මන්ත්‍රය යන්ත්‍රය දැකීමෙන්ම ඔබට වැටහෙනවා ඇත.
ඇත්ත වශයෙන්ම මෙය පිරිත් කිරීමක් වැනිය. නාමික යන්ත්‍රයක් නිසා පංචාක්ෂර යන්ත්‍රය මැද නම ලිවිය යුතු බවට සඳහන් වී ඇත. එහි අවශ්‍ය කෙනෙකුගේ නම සමඟ ලග්නය, නැකත සඳහන් කිරීම ද අත්‍යවශ්‍ය බව සඳහන් කරමි.
විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. මේ යන්ත්‍රය බොහෝදෙනා රාමු යන්ත්‍රයක් ලෙස ද භාවිත කරති. එය බොහෝ සෙයින් ගුණදායක, ප්‍රතිඵලදායක බව බොහෝ පොත්වල සඳහන් වී ඇත. මේ රාමු යන්ත්‍රය නැත්නම් ගෘහස්ථ යන්ත්‍රය අඟල් 3” ය 5” වැනි ප්‍රමාණයෙන් ඇඳ පින්තූරයක් මෙන් නිවෙසේ බිත්තියක එල්ලා තැබීමෙන් එම නිවෙසේ සාමය, සෞම්‍ය බව පවුලේ එකමුතුව පවත්වාගෙන යා හැකිය.
මේ රාමු යන්ත්‍රය පමණක් බාහිර කොටු ද්විත්ව ඉරිවලින් සකස් කර ගත යුතුය. මේ ගෘහස්ථ යන්ත්‍ර නම් 1800 වරක් ජපකර ගත යුතු බව දැනගත යුතුමය. අවසානයේදී සුපුරුදු පරිදි යන්ත්‍ර වර්ෂය යන්ත්‍ර පලිප්පුව හා ස්ඵුටය ජප කිරීමෙන් යන්ත්‍රයේ වැඩ අවසන් කර ගත හැකි වන්නේය.
විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ යන්ත්‍රය නිවෙසේ තැන්පත් කර දිනයේ සිට දින 90ක් නොහොත් මාස 3ක් නිවෙසට කිළි ආහර නොගෙන ආ යුතු බවය.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න