වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
නොවැම්බර් මාසය ඔබ උපන් ලග්නයට කෙසේ බලපායිද?
මේෂ ලග්නය
පැවති කරදර අවම වේ. නොවැම්බර් 15න් පසු සෙනසුරු වක්‍රතාව අවසන්වේ. හැකිතාක් ධාර්මික කටයුතු කරන්න. මාසය මැද වැඩ කටයුතු බොහෝමයක් සාර්ථක වෙයි. විවාහයට ප්‍රේමයට සුබවාදී කාලයකි.
ආර්ථිකය- නව ව්‍යාපාර සිහින බාධාවකින් තොරව ඉටුවන මාසයකි. විදේශ විනිමය ලාභ හිමිය.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනය ලබන දරුවන්ට සුබ කාලයකි. මතක ශක්තිය, උද්යෝගය වර්ධනය වේ. තරග විභාගවලට සුබ වේ. වරින්වර කොන්ද, ආමාශය ආශ්රිත රෝග පීඩා උත්සන්න විය හැකිය. පිෂ්ටඨය සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
සමාජ ක්‍රියාකාරිත්වය- පාලන තන්ත්රයට සම්බන්ධ අයට තිබූ බාධක මගහැරේ. සමාජීය බැඳීම්වලදී කල්පනාකාරී වන්න.
පිළියම්- මසකට හෝ වසරකට වරක් යාචකයෙකුට නිර්මාංශ ආහාර වේලක් ලබා දෙන්න. වස් වසන භික්ෂූන් වහන්සේ උදෙසා සිවුරු පිරිකර හෝ අටපිරිකර පූජා කරන්න.
සුබ දිනය - අඟහරුවාදා
සුබ අක්ෂර-අ, ෂ
සුබ වර්ණය- රතු
ජය අංකය- 3
වෘෂභ ලග්නය
අධ්‍යාපන ආර්ථික කටයුතුවලට යහපත් වූ කාලයකි. කලාව හදාරන්නට වඩාත් යෝග්‍යය. විදේශ සංචාරවලට ඉඩ ලැබේ.ආදරේ මුහුකුරා යන කාලයකි.
ආර්ථිකය- ආර්ථිකමය ලාභවලට යහපත්ය. ව්‍යාපාරවලට සුබ කාලයක් නිර්මාණය වේ.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනට ඉතා යහපත් කාලයකි. නව විෂය ධාරා හැදෑරීමට සුබයි. ශරීරයේ උෂ්ණ රෝග හටගත හැකිය.දණහිස ප්‍රදේශ ආශිතව රෝග ලක්ෂණ මතුවිය හැකිය. නිරන්තරයෙන් කොල්ලු වැනි දේ ආහාර වේලට එකතු කර ගන්න.
සමාජ ක්‍රියාකාරීත්වය- රජයේ හා රාජ්‍ය තාන්ත්‍රික වෘත්තීන්වල සිටින අයට රවි සහ කුජගේ වෙනස්වීම සමග සුළු බාධා තත්ත්වයක් පැවති වුවද නොවැම්බර් 20 වැනිදායින් පසු එම පීඩා තත්ත්වය පහව යයි.
සුබ දිනය - බදාදා
සුබ අක්ෂර- ස, ර
සුබ වර්ණය- කොළ
ජය අංක- 6, 7
මිථුන ලග්නය
විශේෂ මාසයකි. ඒරාෂ්ටක කාලසීමාව නිමාවී නොවැම්බර් 15 වෙනිදායින් පසු සුබ කාලයක් නිර්මාණය වේ. එහෙත් සිත් පීඩා තැවුල් මුල් සතිවල හටගනී. පසුව සතුට වර්ධනය වන කාලයකි. විදේශ සංචාරවලට සුබයි. දරුපල අපේක්ෂිතයන්ට සුබදායකය.
ආර්ථිකය- නව ව්‍යාපාර සාර්ථක වන කාලයකි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- අතපසු අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාලයකි.
සමාජ ක්‍රියාකාරීත්වය- නොවැම්බර් 20න් පසු සමාජයයේ පිළිගැනීමක් ලැබෙයි.දේශපාලනයේනියැලෙන බොහෝ දෙනකුට සුබදායක කාලයකි.
පිළියම්- බෝධීන්වහන්සේ නමක් අභියස කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න. යාචකයකුට ආහාර වේලක් ලබා දෙන්න. දෙවියන්ට පින් පිණිස පින්කමක් සිදු කරන්න.
සුබ දිනය - සිකුරාදා
සුබ අක්ෂර - ග, ප
සුබ වර්ණය- ළා නිල්
ජය අංක-7,8
කටක ලග්නය
අෂ්ටමය ඒරාෂ්ටක කාලසීමාව නිසා ප්රවේශමෙන්කටයුතු කරන්න. බාහිර පාර්ශ්වයන් සමඟ ගැටුම්වලට නොයන්න.ආදරණීයන් සමඟ සුහදව ගනුදෙනු කරන්න.
ආර්ථිකය- ආර්ථිකයකය මධ්‍යස්ථ වේ.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- තිබූ බාධක අවම වේ. උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වන්න. පිටි සහිත ආහාර පාලනය කරන්න. නිතර ජලය පානය කරන්න.
සමාජ ක්‍රියාකාරීත්වය- පාලන තන්ත්රය හොබවන අයට යම් චෝදනාවලට ලක්වීමට ඉඩකඩ වැඩිවේ. ඉවසීමෙන් කටයුතු කරන්න.
පිළියම් - බෞද්ධ අයකු නම් වස් වසන භික්ෂූන්වහන්සේට උපස්ථාන කිරීම, භික්ෂූන් වහන්සේට සිවුරු පිරිකර, නිර්මාංශ දානයක් පූජා කරන්න. විෂ්ණු දෙවියන්ට හා සත්පත්තිනි මෑණියන් වහන්සේලාට පිච්ච මල් මාලයක් පූජා කරන්න. නිරාගමික අය පරිසරය, කලාව ඇසුරු කරන්න.
සුබ දිනය- සඳුදා
සුබ අක්ෂර- ර, ම
සුබ වර්ණය- කහ
ජය අංක-6,4
සිංහ ලග්නය
මධ්‍යස්ථ ප්‍රතිඵල දෙන කාලයකි. මාසය අගදි තිබූ බාධක අවම වේ. විදෙස් සංචාර හිමිවේ.ආදරය බැඳීම් මුහුකුරා යන කාලයකි.
ආර්ථිකය- ආර්ථික ලාභ නිර්මාණය වේ. නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය වේ.
අධ්‍යාපනය හා සෞඛ්‍ය- අධ්‍යාපන දූ දරුවන්ට පෙරට වඩා බුද්ධිය, මතක ශක්තිය වර්ධනය වේ. සුබවාදී ප්‍රතිඵල නිර්මාණය වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පෙරට වඩා අවධානය යොමු කරන්න. හිසෙහි බර ගතිය, ආතරයිටිස් රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේ. අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
සමාජ ක්‍රියාකාරිත්වය- සමාජයේ ගරු බුහුමන් ලැබෙන කාලසීමාවකි. අලුත් මිතුරන් හිමිවේ.
පිළියම්- වෙනදාට වඩා ආගමික කටයුතුවලට නිරතවන්න.
සුබ දිනය- ඉරිදා, බදාදා
සුබ අක්ෂර- ය, ෂ
සුබ වර්ණය- රතු, කහ
ජය අංක- 5,3
කන්‍යා ලග්නය
තරමක් අභියෝගාත්මක කාලසීමාවකි. රවිගේත් කුජගෙත් බලපෑම් වැඩි වේ. කාර්යබහුල වෙහෙසකර මාසයකි. සංචාරයට දොරටු විවිරවේ. නොගැළපෙන බැඳීම් ඇතිවිය හැකියි. ආදරය සම්බන්ධතාවලදී ප්‍රවේශම් වන්න.
ආර්ථිකය- ව්‍යාපාර සාර්ථක කර ගැනීමට හැකිවේ. විදේශ විනිමය තුළින් වැඩි ආදායම් ඉපයිය හැකි කාලසීමාවකි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනයේදී සැලසුමකට අනුව කටයුතු කරන්න. සෙම්, පිත් මට්ටම ඉහළ ආහාර ගැනීමෙන් වළකින්න.උරහිස්, කොන්ද දණහිස් ආශ්රිත රෝග උත්සන්න වීමට ඉඩ ඇත. සවස් වරුවේ ස්නානය නොකරන්න.
සමාජ ක්‍රියාකාරීත්වය- පරිපාලන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන කටයුතු කිරීමේදි සිත් පීඩාගෙනදේ. ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
සුබ දිනය- සිකුරාදා
සුබ අක්ෂර - බ, ට
වර්ණය- කහ
ජය අංක- 3, 2
තුලා ලග්නය
ඉතා යහපත් කාලසීමාවකි. සංචාරයට අවස්ථා හිමි වේ. මඳක් කාර්යබහුල කාලයකි. සතුට ප්‍රීතිය ගෙන දේ. ඔබ වටා ආදරණීය පිරිසක් නිර්මාණය වේ. සිත් තැවුල් අවම වෙයි.
ආර්ථිකය- ආර්ථික ලාභ ප්‍රයෝජන හිමිවන කාලයකි. මිලදී ගැනීම්වලට සුබවේ.
අධ්‍යාපනය හා සෞඛ්‍ය- අධ්‍යාපනයේ නියැළි දූදරුවන් ප්‍රබෝධවත්ව කටයුතු කරනු ඇත. දණහිස, විලුඹ ප්‍රදේශ ආශිතව පීඩා ගෙනදේ. පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
සමාජ ක්‍රියාකාරීත්වය - සමාජයේ පිළිගැනීම ඉහළයි. දේශපාලන ක්ෂේත්රයේ නියුතු අයට ඉතා වාසිසහගතය. ඔබ වටා පිරිස් බලය රැඳෙයි.
සුබ දිනය- බ්‍රහස්පතින්දා
සුබ අක්ෂර- ද, ස
සුබ වර්ණය- නිල්
ජය අංක-7,8
වෘශ්චික ලග්නය
සුළු බාධා අවහිර තත්ත්වයන් කිහිපයක් ඇත. මේ කටයුතුවලදී කල්පනාකාරී වන්න. දුරබැහැර ගමන්වලදී අනතුරු ඉහළ මට්ටමක පවතී. නොවැම්බර් අවසන් සතිය ඉතා සුබවාදීය. ආදරය බැඳීම්වලට ගරුත්වයක් ලැබෙන කාලයකි. ප්‍රමාද වූ විවාහ සාර්ථක වෙයි.
ආර්ථිකය- නව ව්‍යාපාර සැලසුම් කිරීමට යෝග්‍ය මාසයකි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- බෙල්ල හා කොන්ද ප්‍රදේශය ආශ්‍රිතව රෝග හටගත හැකිය. අනාරක්ෂිත බර ඉසිලීම්වලට නොයන්න. අධ්‍යාපන දූ දරුවන්ට මතක ශක්තිය වැඩි වේ. උසස් අධ්‍යාපනයට සුබ වේ.
සමාජ ක්‍රියාකාරීත්වය- සමාජ තත්ත්වය තුළ යම් ආකර්ෂණයක් නිර්මාණය වේ. මාසයේ අග දේශපාලන ක්ෂේත්රයේ නියුතු අයට වඩා සුබවාදී කාලයකි.
පිළියම්- කුරුලු ජෝඩුවක් බෝධීන්වහන්සේ අභියස නිදහස් කරන්න. ආබාධිත යාචකයෙකුට ආහාර වේලක් පිරිනමන්න.
සුබ දිනය- අඟහරුවාදා
සුබ අක්ෂර - ජ, ර
සුබ වර්ණය- රතු
ජය අංක- 2, 5
ධනු ලග්නය
බුද්ධිමත්ව අනාගතය සැලසුම් කළයුතු මාසයකි. විදේශ ගමන් අවහිරතා මේ මාසයේ ද තිබේ. දුර බැහැර ගමන් නොයන්න. සමාජගත වූ කටයුතු නිසි ආකාරයෙන් ඉටු කරගත හැකිය. බැඳීම් දුරස්ථ විය හැකි නිසා සමීපතමයන් සමඟ කාලය ගත කරන්න.
ආර්ථිකය - ආර්ථික වශයෙන් නව අවස්ථා හිමිවේ.
අධ්‍යාපනය හා සෞඛ්‍ය- නව විෂයන් හැදෑරීමට හැකි වේ. ආමාශගත හෝ පපු ප්‍රදේශය ආශ්රිත රෝග වර්ධනය වේ. නිතර ජලය පානය කරන්න.
සමාජ ක්‍රියාකාරිත්වය- දේශපාලන ක්ෂේත්රයේ කැපී පෙනෙන නායකත්වයක් උසුලන අයට මේ මස 8 වැනිදා දක්වා වරින්වර සුබදායක වේ.
පිළියම්- ඔබ අදහන ශාස්තෘන් වහන්සේ නමකට මල් මාලයක්, මල් වට්ටියක් පූජා කරන්න.යාචකයකුට නිර්මාංශ ආහාර වේලක්, වස්ත්‍රයක් ලබාදීම වැදගත්ය
සුබ දිනය- සිකුරාදා
සුබ අක්ෂර - අ, ස
සුබ වර්ණය- කහ
ජය අංක- 4,7
මකර ලග්නය
මුල් කාලයේ සිටම මකර ලග්න හිමියන්ට සුබවාදී මාසයකි. විවාහ කටයුතු සාර්ථක වේ. මනසට සැහල්ලුවක් දැනේ.
ආර්ථිකය- ශක්තිමත් කාලසීමාවකී.
අධ්‍යාපනය හා සෞඛ්‍යය- විදේශගත අධ්‍යාපනයට ඉතා සුබවේ. නව අධ්‍යාපන රටා සැලසුම් කල හැකිය.
පාදවල රෝග පිළිබඳ අවධානය යොමු කරන්න.
සමාජය ක්‍රියාකාරීත්වය- සමාජ කටයුතුවලට වඩා සුබදායී වේ.
පිළියම්- පවතින බාධා මගහරවා ගැනීමට වනවාසී හෝ පිඩු සිඟා වඩින භික්ෂූන්වහන්සේ නමකට නිර්මාංශ ව්‍යංජන සහිත දාන වේලක්, පලතුරු පූජා කරන්න. කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න. රෝගී පුද්ගලයකුට ඖෂධ ලබා දෙන්න.
සුබ දිනය- සෙනසුරාදා
සුභ අක්ෂර- බ, ස
සුභ වර්ණ - සුදු
ජය අංක- 4,8
කුම්භ ලග්නය
අතිශයින් විශේෂ මාසයකි. සෙනසුරු වක්‍රතාවයෙන් මිදීම නිසා ජීවිතය වඩාත් සුබවාදී වේ. ජයග්‍රහණ ඉතා ඉහළින් ලැබේ. විදේශ ගමන්වලට සුබ වේ. නොවැම්බර් මස 15න් පසු නොසිතූ ධනයක් හිමි වේ.
ආර්ථිකය- ආර්ථික ඉතා යහපත් වේ.
අධ්‍යාපනය හා සෞඛ්‍ය- උරහිස් හා පපු ප්‍රදේශය ආශ්රිත කැක්කුම් හට ගනී. සීතල අධික ආහාර ගැනීමෙන් වළකින්න.
සමාජ ක්‍රියාකාරීත්වය-සමාජය තුළ කැපී පෙනේ. පාලන තන්ත්රයේ අයට සුබවාදී වේ. නව මිතුරු සබඳතා ඇතිවේ.
පිළියම්- පුන් පොහෝ දිනක හෝ සෙනසුරාදා දිනකදී තමාගේ වයසට පහන් ආලෝක පූජාවක් සිදු කරන්න. යාචකයෙකුට නිර්මාංශ ආහාරක් ලබා දෙන්න.
සුබ දිනය- සිකුරාදා
සුබ අක්ෂර-ස, ග
සුබ වර්ණය- ළා කොළ
ජය අංක- 2, 8
මීන ලග්නය
සුබ අසුබ මිශ්‍ර පල ලැබේ. ගෙදර දොර සුබවාදී වටපිටාවක් නිර්මාණය වේ. බාහිර සබඳතාවලදී සැලකිලිමත් වන්න. ආදරය සහ බැඳීම් මුහුකුරා යන ආකර්ෂණීයත්වය ඉහළ යන මාසයකි. දරුඵල අපේකෂකයන්ට සුබයි. විදේශීය සංචාරයන්ට සුබවාදී කාලයකි.
ආර්ථිකය- නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුබයි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය-තර්ක ශාස්ත්‍රය, කලාව, වෛද්‍යවිද්‍යාව හදාරන්නන්ට ඉතා යහපත්ය . සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. නිරන්තරයෙන් කොන්ද, ආමාශය ප්‍රදේශය ආශ්රිත සැලකිලිමත් වන්න. ප්‍රධාන ආහාර වේල් වෙලාවට ගන්න. නිසි පරිදි ජලය පානය කරන්න.
සමාජ ක්‍රියාකාරිත්වය- පාලන තන්ත්රයේ නියැළෙන අයට සටන්කාමීත්වයක් ඇති වේ. විශේෂයෙන් දේශපාලනයේ නියුතු අයට යහපත් කාලයකි.
පිළියම්- කතරගම සහ සත්පත්තිනි දෙවිවරුන්ට පිච්ච හෝ සුදු පැහැති මල් මාලා පූජා කරන්න. වයසට සරිලන පහන් ආලෝක පූජාවක් සිදු කරන්න.
සුබ දිනය- බදාදා
සුබ අක්ෂර- ග, බ
සුබ වර්ණය- කහ
ජය අංක- 6, 9
(සම්පූර්ණ විස්තර සඳහා සුබසෙත යූටියුබ් නාළිකාවට පිවිසෙන්න.)
ඡ්‍යොතිෂවේදී මියුරු සම්පත් ලියනගේ