වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
මදුරුවෙක් තලා ගන්න බැරි මිනීමරුවෙක්..
“මං නම් කියන්නේ පත්තරේට වැරදිලා, වෙනදා නැතත් මේ පාර හරි වැරදිලා” දැං වාදේ ජයටම නැගලා යනවා.
“නැත්තං පත්තරේ කියන විදිහට මේ මදුරුවෙක් තලා ගන්න බැරි අර පන්සලේ ඇබිත්තයා වගේ කෙනෙක්ටත් කොහොමෙයි මිනීමරු ලේබල් අලවන්නේ?”
“ඉතිං හරිනේ? ඕගොල්ලෝ මේ මස් බෝලෙක කතාවක් පටලවා ගෙන. ඇයි මතක නැද්ද කිව්වා බෝල දෙකක කතාවක්? ඒකේ එක කොට්ඨාසයක් විතරක් මිනීමරුවෝ වෙද්දී අනික් කොට්ඨාසය ඒ අහලකින් වත් තියන්න බෑලූනේ? තම තම නැණ පමණින් කොන් පටලන් නැතුං අද අපි එක මිටකට මිනීමරු මාපටැඟිල්ලත් මුගුරාකර හැඩයත් ලිහලා අහවරයක් කරගම්මු”.
“ඔය කියන විදිහට දෙගොල්ලන්ටම මාපටැගිඟිල්ලේ තියෙන මුගුරාකාර ස්වභාවය පොදු වෙනවා. නිය පුරුක් හරිය එහෙම වුණාම මහපටැඟිල්ලේ පිහිටන්නෙත් උසින් අඩු-පළලින් වැඩි පටි නියපොත්තක් ම නේද? එහෙම නම් ඉතිං අපි දන්න මිනීමරු මාපටැඟිල්ලයි.
එහෙම නැති එක අතර තවත් සියුම් වෙනස්කම් ගණනාවක් ඇති”
“මොකද නැත්තේ? බලන්න සුබසෙතෙන් කොච්ච්ර නම් අපිට දැනුම දෙන්න මහන්සි වෙනවද කියලා. අපි ඒවා අපේ එදිනෙදා ජීවිතයට එකතු කර ගන්න ඕනි නැද්ද? හරි තොරතුරු විතරක් නෙවෙයි ඒවාට අදාළම පින්තූරු පවා දාන්නෙත් පළපුරුදු කාරයෝ හින්දා ම නේ? ඔන්න අලුත්ම පත්තරේ දාලා තිබ්බා අත් සටහනක්. ඒක ටිකක් කල්පනාවෙන් කියෝ ගත්ත නම් වැඩේ ගොඩ”.
“ඒ මාපටැඟිල්ල දිහා බැලුවම මුගුරක් එහෙමත් නැත්තං යගදාවක් කැපිලා පේනවා වගේ. මාපට ඇඟිල්ල පොඩ්ඩක් වත් නැවෙන පාටකුත් නෑ. ඒ කියන්නේ මෘග ශක්තියක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයාගේ තියෙන්නේ හත්රැස් අතක් කොට ඇඟිලිත් එක්කලා. ඒ කියන්නේ වේගවත්, ආවේගශීලීයි. පළමු පුරුක් කෙටි නිසා ඇඟිළි වල ශාස්ත්‍රීය බවක් ගැවිලාවත් නෑ. අල්ලේ වුණත් උඩු කොටසට වඩා යටි කොටස විශාලයි. සිකුරු මණ්ඩලය බැලුවත් චන්ද්‍ර මණ්ඩලේට වඩා විශාලයි. සිකුරු මණ්ඩලේ පවා උස්. කුජ මණ්ඩලේ පවා ශක්තිමත්ව පවතිනවා. ඒ වගේම එම මණ්ඩල මත කතිර හා අව ලකූණු පවා බහුල වෙනවා. ඒ වගේ මිනිස්සු තමයි සුරාව, නුරාව හා සුඛෝපභෝගී බව හඹා යන්නේ. වැඩි වැඩියෙන් පස් පව් පුරන්නේ. සමාජයේ නිත්‍ය ශීලය වෙච්චි පංච ශීලය උල්ලංඝණය වෙන තැනක අපි කොහොමද යහපත් සමාජයක සවිමත් අඩි තාලම ගොඩ නගන්නේ? මිනිස්-තිරිසන් ගති පැටළුණු මිනිහෙක්ට සතෙක් වගේ කන බොන එකත් තැන තැන ලගින එකත් අරුමයක්
නෙවෙයි නේ? එකට කන බොන එකාගේ අඹුවට කට කැඩිච්චි කතාවක් කියාලා හරි පිහි ඇණුම් කෑම වුණත් මේ වගේ උප සමාජ කොට්ඨාසයකට බොහෝම සරල, සිල්ලර මාතෘකාවක් විතරමයි. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හඳුනා නොගත් මිනිස්සු තිරිසනුන්ට අන්තයි. ඒ වගේ මිනිස්සුන්ගෙන් සමාජයට වෙන්න පුළුවන් විනාශය තක්සේරු කරන්න තියා හිතන්නවත් බැරි තරම්. ඒ වගේ අයට තමයි ජීවිත ගමනේදී සතුරෝ, තරහා කාරයෝ බුරුතු-බුරුතු බාහිරින් ඇති වෙන්නෙත්. ඒ වගේම තමයි තමා තුළම ඇති ආවේගශීලී බවේ ගිනියමත්”
“ඒ ඔක්කෝටම වඩා වැදගත් කාරණයක් තියෙනවා මතක් කරන්න. මෙයාගේ හෘද රේඛාවයි, ශීර්ෂ රේඛාවයි දෙකම වෙනුවට වානර රේඛාව කියන සුවිශේෂී රේඛාවක් තමයි පෙන්නුම් කරළා තියෙන්නේ. අල්ලේ පැහැය වුනත් මේ වගේ අයගේ ලේ පාට වෙනවා. මනෝ විද්‍යාත්මකව වචනයක් එක් කළත් මේ වගේ අධ්‍යාත්මයෙන් ඈත් පෞරුෂ ලක්ෂණ තුළ අමු තිරිසන් (ඉඩ්) ස්වභාවය වැඩියෙන් ඉස්මතු වෙනවා. එහෙම අය කැලෑ සත්තු වගේ තමන්ගේ අවශ්‍යතාවය හොඳීන් හරි නරකින් හරි ඉටු කර ගන්න මාන බලන්න විතරයි නිතරම දන්නේ. තමන්ගේ ක්‍රියාවේ ප්‍රති විපාක ගැන හිතන්න දන්නේ නෑ.”
“දැංවත් පත්තරේ ඊළඟ කලාපයත් එකට කියවලා ගලපාගමු මුළින්ම. එතකොට තමයි ඇත්තම පෝරිසාදයගෙයි පන්සලේ ඇබිත්තයගෙයි සමාන කම මස් බෝලෙකට විතරක් තීරණය කරන්න බැරි බව වැටහෙන්නේ. ඒ වගේම සංසාරේ කළ කිසියම් අකුසලයකට
මිනීමරු මාපටැඟිල්ලත් එක්කලා මෘග ගති ඉස්මතු කරන සෙසු සාධකත් උත්පත්තියෙන් ගෙන ආ අය ඕනේ තරම් මේ සමාජයේ ඇති අවදානමට පෙර අවධානය කියලා මේ වගේ අයට හැම විටම පිහිටි නුවණින් යුතුව දිවි ගෙවන්න සිහිපත් කර දෙන එක තමයි අපි සතු යුතුකම වෙන්නේ”.
විශේෂ ස්තූතිය:
වෛද්‍ය බන්දුල සිරිවර්ධන
ප්‍රශන්න ජයවර්ධන
පාරවිද්‍යා පර්යේෂක - නිරංජන් සේනානායක