වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වසන්ත සැණකෙළිය
ශ්‍රී ලාංකේය ජාතික හා ආගමික උත්සව අතරින් බොහෝ ජන විශ්වාස සහ ඇදහිලි සම්බන්ධ වූ එකම ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුද්දයි. එනිසාම එය බක්මහේ හෙවත් භාග්‍යවත් මාසයේ යෙදෙන වසන්ත සැණකෙළිය නමින් හැඳින්වේ.
ඈත අතීතයේ පැවති සූර්ය වන්දනා ක්‍රමය පදනම් කොටගෙන මේ උත්සවය ආරම්භ වූ බැව් සිතිය හැකිය. සූර්ය සංවත්සරය නම් වූ හිරු දෙවියාට පුද පූජා පැවැත්වීමේ උත්සවය එකල ලොව බොහෝ රටවල පවත්වන ලදි. තේජෝ ධාතුවට අධිපති වූ හිරු පොළෝ තලය මත සකල වස්තුවටම අධිපති යැයි සිතන ලදී. නැකැත් කෙළිය නමින් ද මෙය ජන වහරේ පවතී. ඉතාම භාග්‍යවත්ම කාල පරාසයකි. අවුරුදු සමය සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන්නේ ය. කුඹුරේ අස්වැන්න ගෙන එයින් පිසගත් මුදුන් බත් හැන්ද බුද්ධ පූජාවට තැබීම අපේ හෙළ බෞද්ධයන්ගේ මහා වන්දනාවකි. දේව පූජා, ගම්මඩු, කංකාරි මඩු, පහන් මඩු, දෙවොල් මඩු, ශාන්තිකර්ම පැවැත්වීම ගැමි සම්ප්‍රදායකි.
සහල් පිටිවලින් කුඩා පිට්ටු කෝඳුරුවන්ට තබන්නේ කෝඳුරු උවදුරින් බේරීමටය. සඳ බැලීම පළමුව පිරිමින් කරන අතර කාන්තාවෝ අත්පුඩි ගසති. හකුරු සමඟ කොට්ටපොල් තලු මර මරා කති. කුස්සියේ දොර මුල්ලේ කාටත් හොරා දෙන්නා එක කොණ්ඩ කැවුම කෑම කොච්චර රසවත්ද? අවුරුදු කුමරු යනු මිහිඟු නැතහොත් මෘදංග යන සංස්කෘත පදයෙන් බිඳී ආවකි.
සත් කෝරලයේ කුණු මුත්තා පිදීම අවුරුදු චාරිත්‍ර ක්‍රමයකි. අවුරුදු දිනයේ පාන්දරම ගෙබිම ඉඳිකොළ අත්තෙන් අතුගා කුණුටික කුල්ලට දමා වට්ටියට බත් වෑංජන කැවිලි පෙවිලි තබා බුලත්විටක් සහ කාසියක්ද තැඹිලි ගෙඩියක් ද තබනු ඇත. පොල් රා කට්ටක් ද ඒ අතර වේ. මෙය නිවෙසේ කුස්සිය මුල්ලේ තබා පසුව ඉඩමේ හෝ මහපාර අයිනේ කුල්ල තබනු ලැබේ. (අවුරුද්දේ වස් දොස් පහ කිරීමකි.)
අවුරුදු උදාවත් සමඟම නැකැතට ළිප ගිනි මොළවා ආහාර පිසගෙන කැවිලි පෙවිලි සමඟ ආහාර පාන වර්ග ගෙයි සාලයේ මේසය මත තබා සුබ නැකත උදා වූ විට වැඩ අල්ලා ආහාර අනුභව කොට ගනුදෙනු කරනු ලැබේ. බුලත් අත් දී පඬුරු ප්‍රදානය කරයි. මවට පියාට වැඩිහිටි අයට ඇඳුම් ආයිත්තම් තෑගි බෝග පිරිනමනු ලැබේ. අවුරුදු චාරිත්‍ර අතර පුණ්‍ය කාලයේ පන්සලට ගොස් ආගමික වතාවත්වල යෙදෙනු ඇත. ඊට පසු සංස්කෘතිකමය අගය ඇති ජන ක්‍රීඩා කරති. පංච දැමීම, පොර පොල් ගැසීම, රබන් ගැසීම, ගුඩු ඇදීම, අං කෙළිය, කොට්ටපොරය, අලියාට ඇස තැබීම, ගම හරහා දිවීම වැනි ක්‍රීඩා කරති.
වැඳ දෙවියන් හට වරම් ලැබෙන වා
උඩු පිලයේ පොල් බිඳී තිබෙන වා
තෙද මිණි සළඹෙන් සමා ලැබෙන වා
පොල් කෙළියට වස් දොස් දුරු වෙන වා
දේවයාදිනි ස්තෝත්‍ර ජන ගී, සැහැලි කවි ගායනා කරනු ඇත. කාන්තාවන්ගේ සහභාගිත්වය අංකෙළියට තහනම්ය. කිළිවලින් වැළකීම අනිවාර්ය වේ. දේව මෙහෙයකි. ඔංචිලි පැදීම, දේව රාජකාරියකි. පත්තිනි දේවියට බාරහාර වී වැල් වටයට සුවඳ දුම් අල්ලා දේව පූජාව කරනු ඇත.
උඩ යන තරමට පපුවයි දන් නේ
පාතට එනකොට නිවිලයි එන් නේ
පොල්ලෙන් පැන්නට බිය නොසිතන් නේ
පත්තිනි දෙවි හට පින්දී පන් නේ
රබන් ගැසීමද දේව පුරාණයට අයත් කතා පුවතකි. ඊශ්වර දෙවිඳුන් සඳුන් උයනට ගොස් සඳුන් ගසක් කපාගෙන රබාන එකැස් බෙරය නිර්මාණය කරන ලදී. මෙය ඉසුරු දෙවිඳුන්ගේ නිර්මාණයක් බැව් දේව පුරාණයේ දක්වා තිබේ.
විවිධ ජන ක්‍රීඩා අතර ඔන්චිල්ලා පැදීම තරුණ ළමිස්සියන් කරන ක්‍රීඩාවකි. තුඩු ඔන්චිල්ලාව, බඹර, දෙපට, කතුරු වැල්, යතුරු මල් යන ඔන්චිල්ලා රැසකි. තරුණ ගැටිස්සියන් මේ ක්‍රීඩාවට සමත්ය. එදා පැරණි කාලයේ සීට්ටුකරුවා අවුරුදු සීට්ටු පත්‍රිකා මිටිය ගෙයින් ගෙට බෙදති. ගෙදර හාමිනේ එය බිත්තියේ කජු මැලියම් ගා අලවා ගෙන අලුත් අවුරුද්ද ලබාපු හැටියේම සීට්ටුවේ සඳහන් අන්දමට චාරිත්‍ර ඉටු කරන්නීය. ළිඳ සමඟ ගනුදෙනු කිරීම ගෙදර හාමිනේගේ මුල්ම කටයුත්තයි. මෙරට අලුත් අවුරුදු චාරිත්‍රය ගැන සිතන විට ලෝකයේ කිසිම රටක එකම වේලාවකට නැකතට අවුරුදු චාරිත්‍ර කරන ක්‍රමයක් නැත. නමුත් අපේ රටේ එකම නැකත් වේලාවට සියලුම දෙනා එය අකුරටම කරති. මේ තුළ කිසියම් විද්‍යාත්මක පදනමක් ද තිබේ. නීතියෙන් පවා කළ නොහැකි දෙයක් අපේ අය චාරිත්‍රයක් කිරීමේ දී එය උතුම් කොට සැලකීම සුවිශේෂිය.
එදා සිට අද දක්වාම කරන මේ අලුත් අවුරුදු චාරිත්‍රය, ඉදිරි අනාගත දූ පුතුන්ට ද ඉතිරි වන සේ අද සිටින අය ක්‍රියාකිරීම මැනවි. ලැබූ අලුත් අවුරුද්ද අපේ සුවහසක් දෙස් විදෙස් පාඨකයන්ට කිරි ඉතිරේවායි පතමු.
------------------------
ඝෘතු පලාපල
වසන්ත ඝෘතුවේ උපන්නේ නම්,
මහොද්‍යම් මනශ්විච තෙජස්වි බහුකාර්යය කෘත් නා නා දෙශ රසාභිඥො වසන්ත ත්‍රිභවො නරඞ
ධෛර්ය සම්පන්න, නුවණැති, තේජස්නි විවිධ කර්මාන්ත කරන නානාප්‍රකාර වැඩවලට අති දක්ෂ බුද්ධිමතෙකු වන්නේ ය.
ගී‍්‍රෂ්ම ඝෘතුවේ උපන්නේ නම්
බහ්වා රමෙගා ජිතං කොධා
ක්ෂුධාලුඞ කාමුකො නර ඦඞ//
දීඝ¡ඞ ශුරො බුද්ධිඞ” මාශවච
භීෂ්මෙ ජිනඞ සහ ශුචිඞ
විවිධ කර්මාන්තයන් අරඹන එයින් විශාල ලෙස ධන සම්පත් ලබන අර්ථ ගාස්ත්‍රඥයෙක් වන ජීවිතයේ විපුල ඵල ලබන නුවණැත්තෙක් වේ.
වර්ෂාව ඝෘතුවේ උපත ලද්දේ නම්
ගුණ වාන් භොග යුක්කශච
රාජ පූඡ්‍යො ජිතේන්ද්‍රිඞ කුශලඞ
සත්‍ය වාදීච චතුර්තෙත්ථා
නරො භවෙත්
දැහැමි ගුණවන්ත, රාජ සම්මාන ගරු බුහුමන් පුද සත්කාර ලබන දමනය කරන ලද ඉඳුරන් හිමි සත්‍යවාදී උතුම් අයෙක් වේ.
සරත් සෘතුවෙහි උපන්නේ නම්
වාණිජ්‍ය කෘෂි වෘත්තිශව
ධන ධාන්‍ය සමෘද්ධිමත්
තේජස් වී බහු මාන්‍යශච ශරජ්ජා තතා නරොමතඞ
වෙළෙඳාම ව්‍යාපාරික කටයුතු කෘෂිකර්මය ආදියට දක්ෂ ධනධාන්‍යවලින් පිරිපුන් ධනවතෙක් වේ. ජනපි‍්‍රය වේ. තේජස් ඇත්තෙක් වේ. බුද්ධිමතෙක් ද වන්නේ ය.