වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අතේ හැඩය අනුව ඔබගේ චරිතය හඳුනාගනිමු
පසුගිය සතියේ අත් වර්ගයක් කිහිපයක් ගැන සාකච්ජා කරන ලද අතර අනෙකුත් අත් වර්ගයන් ගැන අප අද කතා කරමු
දාර්ශනික අත්ලක් හඳුනා ගැනීම ඉතාම පහසුය. එවැනි අත්ලක ඇඟිලි දික්ව පිහිටා තිබෙන අතර ඇඟිලි පුරුක් අතර සන්ධි විශාල වී ගැට සහිත ආකාරයට පිටතට නෙරා ඇත. අත්ලේ අස්ථිමය ස්වාභාවය වැඩි අතර මාංශමය ගතිය අඩුය. අත්ල දිගය. විශාලය. මැද ඇඟිල්ල දෙසට සියලුම ඇඟිලි ඇලවි ඇත. ඇඟිලි තුඩු අඩක් හතරැස් සහ අඩක් කෝණාකාර හැඩයක් ගනී. පිටි අත්ලේ නහර ඉලිප්පි ඇත. මහපට ඇඟිල්ල සෙසු ඇඟිලිවලින් ඈතින් පිහිටා තිබේ. එසේම මහපට ඇඟිලි කරුව අංශක 60 කට වඩා වැඩි කෝණයකින් යුක්තය. මෙවැනි අත්ල හිමියන් හොඳ චින්තකයන් වේ. ඒ වගේම උගත් බුද්ධිමතකි. දාර්ශනික අදහස් අනුව කටයුතු කර බුද්ධිය වැඩිදියුණු කර ගැනීමට උත්සහ කරයි. ධනවත් වුවත් මුදල් එකතු කිරීමට එතරම් උනන්දු නොවේ. හොඳ ඉවසීමේ ගූණයක් ඔවුන් සතුය. නමුත් තරමක ලැජ්ජාශීලි බවක් ඔවුන් තුළ දක්නට ලැබේ.
එසේම දාර්ශනික අත් හිමියන් තර්කානුකූලව කථා කිරීමේ හැකියාවෙන් යුත්තය. ආගමික පරිසරයන් සඳහා බොහෝ ඇලුම් කරයි. එම නිසාම මොවුන්ට විරුද්ධවාදීන් නැත. තමන්ට විරුද්ධව යමෙක් කටයුතු කළහොත් ඔහුගෙන් ඉවත්ව කටයුතු කිරීමට පෙළඹේ. අලුත් දේ ඉගෙනීමට පෙළඹේ. ඒ වගේම අනිත් අයට වඩා තමුන් උසස් යැයි හැඟෙන පරිදි කටයුතු කරයි. ජීවිත කාලය පුරාම ශිෂ්‍යයෙකු ලෙස බුද්ධි වර්ධනය කර ගැනීමට උත්සහ කිරිම මෙවැනි අත්ල හිමියන්ගේ ලක්ෂණයකි. විශේෂයෙන්ම විදුහල්පතිවරු මහචාර්යවරු වැනි වෘත්තීන් වල මෙවැනි අත් හිමියෝ දැකිය හැකිය. එමෙන්ම උසස් සිවිල් නිලධාරින් සහ විනිසුරන්ද මෙම අත් හිමිය. වෘත්තිය සහ සේවාවන් ගැන ඇඟිලි තුඩු අනුව වෙනස් වේ.
මානසික අත්ල හෙවත් සයිකින් අත්ල ප්‍රමාණයෙන් කුඩාය. පටු අත්ලක් සමඟ සිහින් ගැට රහිත ලස්සන දිගැටි මහපට ඇඟිලිවලින් යුක්තය. ඇඟිලි තුඩු කෝනික් ස්වභාවයක් ගනි. සෑම ඇඟිල්ලකම පළමුවන පුරුක අනික් පුරුක්වලට වඩා දිගට පිහිටා තිබේ. මෙවැනි අත්ලක අත්ල වටකුරු වන අතර සියුම් රේඛා බහුලව පිහිටා තිබේ. ප්‍රධාන රේඛා තුනම විකාතී ස්වභාවයක් ගනී. මහපට ඇඟිල්ල කුඩාවට පිහිටා තිබෙන අතර මැදින් ගෙවි ගිය ආකාරයට පටුවි තිබේ. එනමුත් මෙය ඉතාමත් ලස්සන දුටුවන් පිනායන අත් වර්ගයකි. මෙවැනි අත් වර්ගයන් හිමි පුද්ගලයන් ඕනෑම කර්තව්‍යයක් සැලසුමකට පිළිවෙළකට කරන්නේ නැත. නිතරම තමාට ලබාගත නොහැකි දේවල් පිළිබඳ සිහින බලාපොරොත්තු ගොඩනඟමින් අතරමංව කටයුතු කරයි. එසේම මොවුන් කරන කිසිම කාර්යයක් අවසානය දක්වා කරගෙන යාමට නොහැකිය. අභියෝග මුහුණ දීමට ශක්තියක් නොමැත. ගුප්ත දේ පිළිබඳව අන්ධ විශ්වාසයක් ඔවුන් ඇති කර ගනි.තමාට කරුණාව දක්වන හැමෝම විශ්වාස කරයි.
හතරැස් අත්ලේ ප්රභේදයන් කිහිපයක් දැකිය හැකිය. නමුත් ප්‍රධාන වශයෙන් මැණික් කටුව අසලින් අත හතරැස් වීමත් අත්ලට ඇඟිලි සවිවෙන ස්ථානය හතරැස් වීමත් ඇඟිලි තුඩු හතරැස් වීමත් දැකිය හැකිය. පොදුවේ ගත් කල වේලාවට වැඩකරන ඒ වගේම තමාට පැවරෙණ කාර්යයන් නිසි ආකාරයෙන් ඉටු කරන පුද්ගලයන් මෙවැනි අත්ල හිමියන් වේ. මොවුන්ගේද යම් තර්කානුකූල බවක් දකින්න ලැබේ. එම නිසා යමක් පිළිගැනීමට ඔවුනට කරුණු අවශ්‍යවේ. කලාව සහ සාහිත්‍ය ගැන එතරම් උනන්දුවක් නොමැත. ඔවුන් ප්‍රායෝගිකය එම නිසා කිසිවිටෙක කලබල වන්නේ නැත ආගම දහම කෙරෙහි ද සම්ප්‍රදායික මම්ටමෙන් ක්‍රියාකිරිම ඔවුන්ගේ ලක්ෂණයකි. එම නිසා අන් අයගේ මතයට අනුව තමාගේ අදහස් වෙනස් කර ගන්නේ නැත.හතරැස් අත්ල සමඟ කෙටි ඇඟිලි පිහිටා ඇත්නම් භෞතිකවාදි බවක් ඔවුන්ගෙන් දැකිය හැකිය. පටු මානසිකත්වයක් ඔවුන්ගෙන් දැකිය හැකිය. එසේම මෙවැනි පුද්ගලයන් ධනය එකතු කිරිමට කැමති පුද්ගලයන්ය. හතරැස් අත්ල සමඟ දිග හතරැස් ඇඟිලි පිහිටා ඇත්නම් කෙටි ඇඟිලි පිහිටන අත්ල හිමියන්ට වඩා මානසික මට්ටම උසස්ය. ඒ වගේම තර්කානුකූල බව ද වැඩිය. තවද ඇඟිලි දික්ව පිහිටා ඇත්නම් වෘත්තියෙන් විද්‍යාත්මක අංශයට මොවුන් ගමන් කරයි. හතරැස් ඇඟිලි ගැට සහිතව පිහිටා ඇත්නම් ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාපකයින් බිහි කරයි. කුමන වෘත්තියක සිටියත් යම් ක්ෂේත්රයක් විශේෂයෙන් හදාරනු ඇත. ඒ වගේම ඇඟිලි ස්පැටියුලේට් හැඩයට පිහිටා ඇත්නම් කාර්මික වැඩවලට දක්ෂ පුද්ගලයන් බිහි කරයි.
ගොරෝසු සහ අශෝභන හැඩයක් ඇති විශාල ඝන තද අත්ලක් ලෙස මූලික අත්ල හඳුනා ගත හැකිය. මෙම අත්ල විශාලය. කොට ඇඟිලි පිහිටා ඇත. අත්ලේ රේඛා පිහිටා නැති තරම්ය. මහපට ඇඟිල්ල ඉතා කෙටිය. චෛතික ස්වභාවයන්වල සහ බුද්ධිමත් භාවයේ පහළම මට්ටම මෙම අත මඟින් නිරුපණය වේ. ලිංගික අශාවන්ට පාලනයක් නොමැත.ආදරයේ ස්වභාවය පිළිබඳ හැඟීමක් නොමැත. එසේම පැවතුන් සත්ව චර්යාවන්ට සමාන වේ. වර්ණ සහ අලංකරණය සම්බන්ධ හැඟීමක් මොවුන්ට නැති තරම්ය. අවස්ථානුකූල ව අවේගශීලි ප්‍රචණ්ඩත්වයකට පත්වන අවස්ථාද නැතිවාම නොවේ. බොහෝවිට කම්කරුවන් කම්මල් කරුවන් අතර මෙම අත්ල හිමියන් දැකිය හැක.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ
මනෝ විද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක, මාතලේ නාඋල
බී.ඒ ජයවර්ධන