මැද ඇඟිල්ලෙන් හෙළි කරන ඔබේ ගතිගුණ

නොවැම්බර් 10, 2023

 

පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මිල මුදල් ව්‍යාපාර ආදි අරමුණු සපුරා ගැනිමේ ප්‍රවණතාවය හා උද්යෝගයේ ප්‍රමාණය ජිවිතයේ යථා තත්ත්වය සහ අනිත්‍යභාවය ආදි කරුණු ශනි ඇගිල්ල සහ ශනි මණ්ඩලයේ ස්වභාවය මත තේරුම්ගත හැකිවේ. මැද ඇගිල්ල වශයෙන්ද මෙම ඇගිල්ල හදුන්වනු ලබන අතර මේ ඇගිල්ල ආහාර මාර්ගය සහ අක්මාවේ සෞඛ්‍ය තත්වය ගැන අපට හෝඩුවාවක් දෙයි. අනෙක් ඇඟිලිවලට වඩා ඝණකමට හා පළලට මේ ඇගිල්ල ඇති පුද්ගලයා එක්වරකට වඩා විවාහ වීමට බොහෝ ඉඩකඩ තිබේ.

යම් කිසි පුද්ගලයකුගේ අත්ලේ අනිත් ඇඟිලිවලට සාපේක්ෂව ශනි ඇගිල්ල අධික දිගකින් යුක්ත නම් එම පුද්ගලයා අශෝභන සිතුවිලි සහිත සෑම දෙයකම අශෝභන පැත්ත දකින මසුරු මලානික පුද්ගලයෙකි. ඇඟිල්ල වඩා කෙටි නම් එම පුදු්ගලයාට වැඩකටයුතු කිරිමේදි වගකීම් දරිය නොහැකිය. ඔවුන්ගේ සමතුලිතභාවයක් නොමැත. එහෙත් ශනි ඇගිල්ල මධ්‍යස්ථ දිගකින් යුක්ත නම් විචක්ෂණ දුරදර්ශී බුද්ධියක් සහිත උත්සාහයෙන් වැඩකරන කර්මාන්තවලට දක්ෂ පුද්ගලයකු බිහිවේ. මැද ඇඟිල්ල විකෘති ස්වභාවයෙන් යුක්ත නම් දරුණු අපරාධ කිරිමට පෙලඹෙන හෝ මානසික ආබාධ සහිත පුද්ගලයෙකු විය හැකිය. විකෘති ඇගිල්ල ප්‍රබලව පළලට ඇත්නම් පුද්ගලයා තම දෛව්‍ය සහ වාසනාව ගැන ඕනෑවට වඩා සිතයි. සිහින් සහ පැතැළි ආකාරයට ඇත්නම් ඊර්ෂ්‍යාවෙන් පිරුණු පළිගැනිමේ චේතනාවෙන් සැම විටම කටයුතු කිරිමට පෙලඹෙන්නෙකි.

ශනි ඇගිල්ල ගුරු ඇගිල්ල දෙසට ඇලව ඇත්නම් දියුණුවට ඇති බලවත් ආශාව නිසාම සිතේ සතුට අහිමි වේ. අපහාස ලැබිමට ද කරුණු කාරණා ඇතිවේ. ඔවුන්ට තදබල ආත්ම විශ්වාසයක් ඇතත් පාලන කටයුතුවල පසුබෑමක් ඇතිවේ. එසේම ශනි ඇගිල්ල රවි ඇගිල්ල දෙසට නැඹුරු වන්නේ නම් ඉතා සුළු කරුණු මත ප්‍රීතියට පත් වන්නෙකි.

එසේම කනගාටුවට ද පත්වේ. සංගීතයට සහ චිත්‍රයවලට ඇලුම් කරන අතර දෛවෝපගත සිද්ධින් ගැන විශ්වාසය තබයි. තවද ශනි ඇගිල්ල සහ රවි ඇගිල්ල අතර පරතරයක් වේ නම් පසු ප්‍රථිපල නොතකා කටයුතු කිරිමෙන් පසුතැවිල්ලට පත්වන අවස්ථා ඇති කර ගනී. ආශ්‍රිතයන්, පරිසරය නොසලකා කටයුතු කරන හෙයිනි. එහෙත් මේ පිහිටීම දුබලය. ශනි ඇගිල්්ලේ පළමු පුරුක හෙවත් නිය පුරුක පුද්ගලයාගේ බුද්ධිමත්කම සහ ඉගනීමට ඇති ළැදියාව පෙන්වයි. මේ පුරුක මධ්‍යස්ථ ප්‍රමාණයේ දිගතින් යුක්ත නම් සෑම සෙයක් ගැනම නිර්මාණාත්මකව පරික්ෂණාත්මකව සොයා බැලීමට කැමැතිය. නමුත් මෙම පුරුක ඉතාම දිගනම් හිතේ මළානිකකම සහ නපුරු සිතුවිලි පිරී පවති. ඒ නිසාම සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹීමට පුළුවන. පළමු පුරුක දිගින් අඩුනම් තමා කළ දේ ගැන පසුතැවිල්ලෙන් පසුවේ. කෙසේ වෙතත් ශනි ඇගිල්ලේ පළමු පුරුක හෙවත් නිය පුරුක සමචතුරස්‍රාකාර හෝ ස්පැටියුලාකාර හැඩය නම් වඩාත් සාර්ථක වේ. නිය පුරුකේ තරු සලකුනක් ඇති විට කණගාටුවෙන් පසු වන පුද්ගලයකු බිහි වන අතර අත් දෙකෙහිම ශනි ඇඟිල්ලේ නිය පුරුකේ තරු සලකුණ ඇත්නම් තමා අතින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවිය හැකිය.එම නිසා එවැනි පිහිටිමක් ඇතිනම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ.

එම පුරුකේ ත්‍රිකෝණයක් පිහිටීම පුද්ගලයා ආත්මාර්ථකාමීත්වය ඇති පුද්ගලයකු වුවද ප්‍රීතිමත් විවාහයකට උරුමකම් කියයි. කතිර සලකුණ ඇත්නම් සමාජ විරෝධී මෙන්ම සමාජ විරෝධී කාර්ය කරන්නකු බව කියා පායි. ග්‍රිල් සලකුණද නිය පුරුකේ පිහිටා ඇත් නම් සදාචාර විරෝධී ක්‍රියාවල නියැළෙන ප්‍රකෘති ස්වභාවයෙන් තොර පුද්ගලයෙකු බිහි කරයි.

ශනි ඇගිල්ලේ දෙවැනි පුරුක දිග නම් එය යහපත් පිහිටිමකි.ක්‍රමානුකුල සහ විද්‍යානුකූල වැඩවලට දක්ෂය. අනුන්ගේ දුකට පිහිට වෙයි. ගුප්ත ශාස්ත්‍රවලට දක්ෂය. කෘෂිකර්මාන්තය ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වේ.ගණිතයට විශේෂ දක්ෂතාවයක් දක්වන අතර දෙවැනි පුරුක වඩාත් දිග නම් ගුරු වෘත්තියෙන් මුදල් උපයයි. සිරස් රේඛා පිහිටා ඇත්නම් සාර්ථක නොවන ව්‍යාපාර වලින් පවා ජය ගත හැකිවේ.එහෙත් අත්දෙකෙහිම මේ පුරුකේ තරු සලකූණ ඇත්නම් රහසේ මිනී මැරිමට පුද්ගලයා තල්ලුවන අතර සමචතුරස්‍රය ඇත්නම්

සිරගත වීම හෝ හදිසි අනතුරු වලට ලක් වීමට බොහෝ ඉඩකඩ තිබේ. යව ඇටයක සලකුණ දෙවැනි සංධියේ ඇත්නම් දෙමාපියන්ගෙන් ලොතුරුයිවලින් හෝ තමාව අරන් හදාගත් අයගෙන් දේපළ උරුමකම් තිබේ. කෝණයක ලකුණ ඇත්නම් පුද්ගලයා විශේෂයෙන් සූදුවට තල්ලු වේ. කතිරයද දෙවැනි පුරුකේ පිහිටීම එතරම් යහපත් නොවන අතර අනතුරු දායකතත්වයක් පෙන්නුම් කෙරේ.

ශනි ඇගිල්ලේ තුන්වෙනි පුරුක ප්‍රබලව වැඩි ඇත්නම් හුදකලාව ජිවත් වීමට අශාව ඇති ආර්ථික දියුණුව බලාපොරොත්තු වන විරුද්ධ ලිංගිකයන්ට වැඩි ළැදියාවක් දක්වන මසුරු

පුද්ගලයෙක් බව කියාපායි. එසේම පුරුක මහතට වගේම දිගට වැඩි ඇත්නම් ඔහු මුදල්

ඉපයීමට හැකි තෘෂ්ණාධික පුද්ගලයෙකි. එහෙත් ඔහු ජනප්‍රිය වීමට හෝ ගෞරවයට පාත්‍රවීමට පුළුවන. මේ පුරුකේ තරු සලකුණ ඇත්නම් අවි ආයුධවලින් හෝ වස විසවලින් මරණය සිදුවේ. ලප සලකුණක් පිහිටා ඇත්නම් තමාගේ මුදල් කාන්තාවක් නිසා විනාශ වන බව පෙන්වා දේ. මැදැඟිල්ලේ මුල සිට අග දක්වා සෘජු සිරස් රේඛාවක් ඇත්නම් භූගත සම්පත් වලින් වාසනාව උදාවේ. එසේම කාන්තාවකගේ ශනි ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ මුල තරු සලකුණ දරු සම්පත් අහිමි බව පෙන්වයි.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.