ජන්ම පත්‍රයේ පලාපල කථනය

සැප්තැම්බර් 29, 2023

ජන්ම පත්‍රයක පළමු වැනි භාවය මඟින් ඔහු ගැන සියලුම තොරතුරු පෙන්වන අතර, එතැන් සිට ඉදිරියට ඇති භාව මඟින් ජන්මියා මුහුණදෙන දේවල් සහ පවුලේ සෑම දෙනාගේම තොරතුරු ගැනද විස්තර පෙන්වා 10 වැනි භාවය මගින් ඔහුගේ රැකියාව සහ කීර්තිය පෙන්වා ජන්මියා එතෙක් ආ ගමනේදී එකතුකරගත් දේවල් එනම්, ලැබීම හෙවත් අයස්ථානය මෙන්ම බලාපොරොත්තු ඉටුවීමද පෙන්වයි. ජන්ම පත්‍රයක 11 වැනි භාවය, ජන්මියාගේ ලාභ ස්ථානය වෙයි. එනම්, ලැබීම හෙවත් අයස්ථානය මෙන්ම බලාපොරොත්තු ඉටුවීමද පෙන්වයි. චර රාශිවලින් උපන් අයගේ 11 වැනි භාවය, ඔවුන්ගේ බාධක ස්ථානය වන හෙයින් යහපත් නැත.

මෙම ජන්ම පත්‍රය හිමි අයගේ බලාපොරොත්තු ඉටුවීම් සම්බන්‍ධයෙන්, ජන්ම පත්‍රයේ 11 වැනි භාවය සමඟ අදාළ භාවයන් පරීක්‍ෂා කරමු. මෙම ජන්ම පත්‍රයේ 11 වැනි භාව ස්ඵූඨය මකර 22 10 23 හි යෙදී ඇත, මෙම භාව ස්ඵූඨය ශනි ග්‍රහයා හිමි රාශියේ සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ සිකුරු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත, මේ භාවය තුළ බුධ, ශනි සහ රවි ග්‍රහයන් තැන්පත්ව ඇත.

මෙම ජන්ම පත්‍රයේ 11 වැනි භාව ස්ඵූඨයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා වෙයි,

මේ සිකුරු ග්‍රහයා, 3 වැනි, 8 වැනි, 11 වැනි සහ 12 වැනි, භාව නිවේදක ග්‍රහයකු වෙයි. මේ අනුව ජන්මියාගේ බලාපොරොත්තු ඉටුවන බව ප්‍රකාශ කළ හැකිය.

මේ ජන්මියාගේ බලාපොරොත්තු ඉටුවන කාල සීමාව නිගමනය කිරීම සඳහා ජන්ම පත්‍රයේ 11 වැනි භාවය නිවේදක ග්‍රහයන් යොදා ගන්න

ශනි, සිකුරු සහ රවි. බුධ සහ ගුරු වෙති.

පාලක ග්‍රහයන් සිකුරු, කුජ, කේතු, රවි, ගුරු, බුධ සහ රාහු.

මේ අනුව, 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, කුජ, කේතු, රවි, ගුරු, බුධ සහ රාහු යන ග්‍රහයන් වෙති.

මේ ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාගේ බලාපොරොත්තුව වන වෘත්තියේ උසස්වීම ලබයි.

නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී සහ දශා අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට ප්‍රතිපල ලබයි.

මේ කාල සීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලා, ඒ අනුව බලාපොරොත්තුව වන වර්ෂය තෝරාගන්න. රස වර්ෂ තුළ යහපත් නිවේදකත්වයක් ඇති ග්‍රහයෙකුගේ නක්‍ෂත්‍රයක ගුරු ග්‍රහයා ගමන් කරන කාලය බලන්න. එය මාස තුනක හෝ මාස හතරක කාල සීමාවක් විය හැකිය.

මේ කාල සීමාව තුළ රවිගේ ගෝචර ගමන බලන්න. රවි ග්‍රහයා එක් මාසයකදී, එක් රාශියක් තුළ ගමන් කරයි. යහපත් ග්‍රහයෙකුගේ රාශියක සහ නක්‍ෂත්‍රයක රවි ග්‍රහයා ගමන් කරන කාලය බලන්න. එය සති දෙකක කාල සීමාවකි.

ඊළඟට එම සති දෙකක කාල සීමාව තුළ, සඳුගේ ගෝචර ගමන සිදුවන රාශිය සහ නක්‍ෂත්‍රයක බලා දිනය නිගමනය කරන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.