රැකියාවක් ලැබෙයිද? කවදාද?

සැප්තැම්බර් 22, 2023

ඔබ ලඟ ජන්ම පත්‍රයක් ඇතිවිටකදී මෙන්ම නැති අවස්ථාවකදී වුවද තත්කාල විමසුමක් කළ හැකිය. තත්කාල කේන්‍ද්‍රයක් යොදාගෙන යම් කරුණක් සම්බන්‍ධව පිළිතුරක් ලබාගෙන, ජන්ම පත්‍රය මගින් තවදුරටත් තහවුරු කරගත හැකිවෙයි. තත්කාල කේන්‍ද්‍රයක් මගින් පිළිතුරක් ලබාගත්තායින් පසුව, එම තත්කාල කේන්‍ද්‍රය වෙනත් කරුණක් සඳහා යොමුකළ නොහැකිය. එහෙත් තත්කාල කේන්‍ද්‍රයක් මගින් පිළිතුරක් ලබාගෙන, එයටම සම්බන්‍ධව තවත් විමසුමක් සඳහා මුල් තත්කාල කේන්‍ද්‍රයම යොදාගත හැකිවෙයි. මෙහි දක්වා ඇත්තේ එවැන්නකි. ප්‍රශ්නකරුගේ මුල් විමසුම වූයේ ඔහුට රැකියාවක් ලැබෙයිද යන්නය. එයට සුභවාදී පිළිතුරක් ලද හොත් නියත වශයෙන්ම දෙවැනි ප්‍රශ්නයක්ද ඇතිවෙයි. ඒ සඳහා තවත් තත්කාල කේන්‍ද්‍රයක් සකස්කිරීමට අවශ්‍යවන්නේ නැත. මුල් තත්කාල කේන්‍ද්‍රයම යොදාගෙන පිළිතුරක් ලබාගත හැකිය.

ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක 10 වැනි භාවය මගින් වෘත්තිය පෙන්වයි. තත්කාල කේන්‍ද්‍රයේ 10 වැනි භාව ස්ඵූඨයේ උපස්ථානය අධිපති ග්‍රහයා 10 වැනි හෝ 2 වැනි හෝ 6 වැනි භාවයක නිවේදකත්වය දරණ විට ප්‍රශ්නකරුගේ වෘත්තිය පිළිබඳ වාසනාව ලබාගන්නේය.

මේ විමසුම සඳහා ප්‍රශ්නකරු ඉදිරිපත්කළ අංකයට අනුව මේ තත්කාල කේන්‍ද්‍රය සාදා ඇත.

තත්කාල කේන්‍ද්‍රය.

මුලින්ම මේ තත්කාල කේන්‍ද්‍රයේ සඳුගේ පිහිටීම බලන්න. තත්කාල කේන්‍ද්‍රයේ සඳු, 11 වැනි භාවය අධිපතිය. 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි. 1 වැනි සහ 10 වැනි භාව අධිපති බුධ, 11 වැනි භාවයේ තැන්පත්ව සිටියි.

තත්කාල කේන්‍ද්‍රයේ 10 වැනි භාව ස්ඵූටය මිථුන 20 53 36 හි යෙදී ඇත, මෙම භාව ස්ඵූඨය බුධ ග්‍රහයා හිමි රාශියේ ගුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ගුරු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත. ගුරු ග්‍රහයා, සිකුරු හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව ඇත. සිකුරු

ග්‍රහයා, 2 වැනි භාවය අධිපතිව 10 වැනි භාවය තුළ තැන්පත්ව සිටියි. ඒ නිසා ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවනබව නිගමණය කළහැකිය.

ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවන බව නිගමණය කළ නිසා ඔහුගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ එය ඉටුවන්නේ කවදාදැයි දැනගැනීමය. ඒ සඳහා මේ තත්කාල සටහනම යොදාගත හැකිය.

මේ ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවන කාල සීමාව නිගමණය කිරීම සඳහා ජන්ම පත්‍රයේ 6 වැනි, 10 වැනි සහ 2 වැනි භාවයක නිවේදක ග්‍රහයන් යොදා ගන්න. 2 වැනි භාවය; සිකුරු, බුධ සහ රාහු. 6 වැනි භාවය; ශනි. 10 වැනි භාවය; බුධ, සිකුරු සහ ගුරු. මේ අනුව, 2 වැනි, 6 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, බුධ, රාහු, ශනි සහ ගුරු යන ග්‍රහයන් වෙති.

මේ ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරනවිට ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවෙයි.

නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී සහ දශා අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට ප්‍රතිපල ලබයි. මෙම තත්කාල කේන්‍ද්‍රයේ ක්‍රිස්තු වර්ෂ 2023 ජනවාරි මාසයේ 11 වැනි දින සිට රවිගේ මහ දශාව පවතියි. රවි ග්‍රහයා. 11 වැනි භාවය අධිපති සඳු සමඟ සංයෝගව ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. ඒ නිසා මෙම දශා කාලය තුල කරදර රාශියකව මුහුණ දුන්නායින් පසුව රැකියාවක් ලබයි.

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 1 වැනි දින සිට 2023 ඔක්තෝබර් මාසයේ 31 වැනි දින

දක්වා රවිගේ මහ දශාව සහ සඳුගේ භුක්තිය පවතියි. 11 වැනි භාවය අධිපති සඳු ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුකරදෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 22 වැනි දින සිට 2023 ඔක්තෝබර් මාසයේ 22 වැනි දින දක්වා රවිගේ මහ දශාව සහ සඳුගේ භුක්තිය සහ සිකුරුගේ අන්තරය පවතියි. මේ කාල සීමාව යහපත්ය. ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 18 වැනි දින සිට 2023 ඔක්තෝබර් මාසයේ 17 වැනි දින දක්වා රවි ග්‍රහයා බුධ හිමි කන්‍යා රාශියේ ගෝචරය වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 27 වැනි දින සිට 2023 ඔක්තෝබර් මාසයේ 11 වැනි දින දක්වා රවි ග්‍රහයා බුධ හිමි කන්‍යා රාශියේ සඳු හිමි නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 ඔක්තෝබර් මාසයේ 4 වැනි බුධදින සඳු ග්‍රහයා ස්වකීය නක්‍ෂත්‍රයක ගෝචරයවන විට ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.