වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සඳ එළියෙන් වතුර මලෙන් නිවෙසක සුව සදමු
වාස්තු විද්‍යාව විශ්වාසයක්, හිතලුවක් ලෙස දකින්නන් ඒ දුර්මතයෙන් මුදා ගනිමින් එයින් පිහිට ලබා ගැනීමට අවකාශ සළසාදීමට ඇති උපාය මාර්ගය වන්නේ බටහිර විද්‍යාවයි. එසේ වන්නේ බටහිර විද්‍යාව පිළිබඳව එවැනි භවතුන්ගේ ඇති පිළිගැනීම හා විශ්වාසයයි.
මෙහිදී වාස්තු විද්‍යාවේ භෞතික බලපෑම් පිළිබඳ විග්‍රහ කිරීම අපහසු කාර්යයක් නොවේ. ඒ සඳහා නිවෙස වෙත අන්තරීක්ෂ ශක්තිය මැනවින් ගලා ඒමේ දී ඇතිවන විස්්මිත සරල භෞතික ප්‍රතිඵල අවබෝධ කරදීම වුව ප්‍රමාණවත් ය. එසේ වුවත් විද්‍යුත් රසායනික බලපෑම පැහැදිලි කර දීම එතරම් සුලභ පැහැදිලි කිරීමක් නොවේ. එහිදී පර්යේෂණාත්මකව තහවුරු කිරීමේ සරල ක්‍රමවේද සහිත වූ ආකාරයන් යොදා ගැනීම පොදු සමාජයේ විශ්වසනීය භාවය රැක ගැනීමට ඉවහල් වේ.
පෙරදිග ශාස්ත්‍රයන්හි අපට ඇති පරිසරය පංච මහා ධාතූන්ගෙන් නැතහොත් චතුර් මහා භූතයන්ගෙන් සැකසී ඇති බව විස්තරව ඇතත් බටහිර විද්‍යාවේ දී එය ඝන, ද්‍රව හා වායු ලෙස සරල විශ්ලේෂණයකට ලක්කොට ඇති බව පෙනේ. ඒ අනුව අපටද වාස්තු විද්‍යාවේ විද්‍යුත් රසායනික බලපෑම විග්‍රහ කොට දැක්වීමට මෙකී ඝන, ද්‍රව හා වායු යන අංගයන් ඔස්සේ සිට විවරණය සිදුකිරීම පහසු වෙයි.
ඒ අනුව වායුවල පවත්නා ස්වභාවය විග්‍රහ කිරීම ආරම්භ කරමු. එහිදී ඊශාන දිශාවෙන් සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ධාරාවන් නිසා පරිසරයේ පවත්නා විද්‍යුත් මීදුම නිශ්ක්‍රීය වීම සිදුවේ. විද්‍යුත් මීදුම යනු විශේෂයෙන් අප විසින් භාවිතයට ගන්නා විවිධ විද්‍යුත් මෙවලම්වල බලපෑම නිසා වාතයේ හටගන්නා ධන ආරෝපණයන් වේ. මෙකී ධන ආරෝපණයන්ගේ සාන්ද්‍රණය හෙවත් ප්‍රමාණය වේගයෙන් අඩු වැඩි වන බැවින් මොහොතින් මොහොත පවත්නා බලපෑම වෙනස්වීම සිදුවේ.
විශේෂයෙන්ම පරිසර උෂ්ණත්වය වැඩිවීම හා වෙනත් භෞතික පාරිසරික ප්‍රවණතා හේතුකොට ගෙන හා සමාජ මට්ටම ප්‍රදර්ශනය කිරීමේ මෙවලමක් ලෙස වායුසමීකරණ යන්ත්‍ර ආයතනවල මෙන්ම නිවාසවලද වැඩි වෙමින් පවතින ප්‍රවණතාව අපගේ නිරීක්ෂණයට ලක් විය යුතු වේ. මෙවැනි ධන ආරෝපණ සහිත වාතය පරිසරයේ වැඩිවන විට එවැනි පරිසරයක ජීවත් වන්නන්ගේ ශරීරයේ පවත්නා අයන ස්වභාවයද බරපතළලෙස වෙනස් වේ. එවිට ශරීරය ධන ලෙස ආරෝපණය වීම යනු රසායනික විද්‍යාවේ වචනවලින් කියන්නේ නම් ආමිලක තත්ත්වයක් ඇතිවීම සිදුවේ.
ආම්ලික ශරීරයක පද්ධතිවල ක්‍රියාකාරීත්වය පොදුවේ වියවුල් සහගත වන අතර රුධිරයේ විද්‍යාත්මක ආරෝපණ සාන්ද්‍රණය වෙනස්වීම බරපතළ ආබාධ තත්ත්ව ඇතිවීමටත් රෝග හා ව්‍යාධි තත්ත්වයනට නිධානමය හේතුවක් බවත් අවධාරණය කිරීමට සිදුවේ.
මේ පිළිබඳව දොස්තර ඔටෝ නම් සුවිශේෂ පර්යේෂකයා විසින් කරන ලද පර්යේෂණයක එන විස්මිත නිගමනයට 1930 ගණන්වලදී නොබෙල් ත්‍යාගය පවා හිමි වී තිබේ. පිළිකා සෛලවල වර්ධනය හා පැතිර යෑම පිළිබඳ එතුමන් කළ පර්යේෂණය අනුව “ධන අයන සහිත මාධ්‍යයක පිළිකා සෛල නොවැඩේ” යන්නෙහි සිට විවිධ රෝග තත්ත්වයන් කෙරෙහි මෙකී ආරෝපණ ඝනත්වයේ බලපෑම කෙතරම් බරපතළ ද යන්න තහවුරු කොට දක්වා තිබේ.
වාස්තු න්‍යායයන් නිසි ලෙස භාවිත කිරීමෙන් නිවෙස අභ්‍යන්තරයේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව පහසුවෙන් වැඩිකරගත හැකි අතර එයින් මෙකී ධන ආරෝපණයන් ක්ෂණිකව නිශ්ක්‍රීය කරගත හැකියි. මේ සඳහා කෘත්‍රිම ක්‍රමවේදයන් බටහිර ලෝකයේ බහුලව භාවිත වේ. මේ අතර ආරෝපණ ජනක නම් මෙවලම් ද විවිධ ධාරිතාවන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් භාවිතයට පැමිණ තිබේ. මේවා භාවිත කර ඇති වාහනවල පෙර කී වායුසමීකරණ යන්ත්‍රවලින් හා එන්ජිමෙන් උපදවන ධන ආරෝපණ බැලීමේ පහසු හැකියාවක් ඇති බව තහවුරුව තිබේ.
පරිසරයේ පවත්නා වාතයේ මෙන්ම ද්‍රව ස්වභාවය ද මෙහිදී අපගේ සැලකිල්ලට ලක් විය යුතුව තිබේ. නිවෙසේ භාවිතයට ගන්නා ජලයේ මේ වන විට රසායනික ක්‍රම භාවිතයෙන් යම් පමණකින් ධන ආරෝපණ මැඬලීම සිදු කෙරෙන අතර ඒ අනුව නිවෙසට ආයතනිකව ලබා දෙන ජලයේ භාෂ්මික තත්ත්වයක් පවතී. එහෙත් ඒ ක්‍රමයෙන් ඇති කරන ආරෝපණ තත්ත්වයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයත් සමඟ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරයට අත්වන අයහපත් ප්‍රතිඵල පිළිබඳ අපගේ අවධානය යොමු විය යුතුව තිබේ. මේ නිසා අතුරු ආබාධ හා පසු ආබාධ රහිත ක්‍රමවේදයකට අප විසින් මාරුවිය යුතුව තිබේ.
ස්වභාවික ජල මූලාශ්‍රයන් ලෙස ළිංවලින් ලබා ගන්නා භූගත ජලය ද මහත් සේ ධන ආරෝපණයන් සහිත වන බවද අපගේ අවධානයට ලක්විය යුත්තේ ළිං ජලයේ ඇති පෙරී එන පිරිසුදු බවේ බලපෑම ඉක්මවන අයනමය වියවුලක් ඒවායේ පවත්නා බැවිනි.
මෙවැනි ස්වභාවික ජලය ස්නානය සඳහා වතුර මලක් යොදා ජල බිඳිති ලෙස භාවිතයට ගැනීමෙන් නාන කාමර පරිසරයේ ඇතිවන ආරෝපණ ඝනත්වයෙන් හිතකර ස්වභාවය නිසා නිවෙසේ ස්වභාවික ජල සැපයුමට ද යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකියි.
මිදුලේ සිටුවා ඇති පැළ ආදියට ජලය ලබාදීමේදී වැඩි පීඩනයකින් ජලය බිඳිති ලෙස විසුරුවාහැරීමෙන් ද ස්වභාවික දිය ඇල්ලක් යට, මුහුදු වෙරළේ මෙන් අයන සාන්ද්‍රණය හිතකර තත්ත්වයකට පත්කර ගත හැකියි. එසේම මිදුලේ උතුරු ඊශාන හා නැඟෙනහිර පැතිවල සිදුකරන අයන පවිත්‍රතාව ගලා එන අන්තරීක්ෂ ශක්ති ධාරාවේ ප්‍රබලත්වය මත නිවෙසට කැඳවා ගැනීම ද ඉතා පහසු සරල උපාය මාර්ගයකි. මේ සඳහා කෘතිම දිය ඇලි තැනීම භාවිත කළ හැකි වෙතත් එයින් අප වෙත ගලා එන අන්තරීය ශක්ති ධාරාවට බාධාවක් නොවීමට අපි වගබලා ගත යුතු වෙමු.
සඳ එළිය යොදා ගනිමින් හා සක්‍රීය අන්තරීක්ෂ ශක්ති ධාරාවක් වාස්තුමය වශයෙන් නිර්මාණය කොට ඇති නිවෙසක විවිධ පාෂාණ පහසුවෙන් බලගන්වා ගත හැකි අතර එවැනි ඝන වස්තූන් යොදා ගනිමින්ද ශරීරයේ අයන සාන්ද්‍රණ හිතකර ලෙස සකස් කර ගත හැකි වේ.
මේ අනුව අපට මැනැවින් පසක් වන්නේ බටහිර විද්‍යාවේ කියැවෙන ඝන, ද්‍රව, වායු යන තෙවැදෑරුම් ආකාරයෙන්ම වාස්තුමය ලෙස බල ගන්වා විද්‍යුත් රසායනක් ලෙස ගොඩනංවා ගැනීමෙන් නීරෝගිවත් ජාතියක් ගොඩනැගිය හැකි බවයි.
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න