ඔබටත් හදිසි ධන ලාභ හිමි ද?

අගෝස්තු 18, 2023

ජන්ම පත්‍රයක 8 වැනි භාවය මගින් කියවෙන්නේ ආයාසයෙන් තොරව ලැබෙන දේවල්ය. ඒ නිසා හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව තියෙනවාද යන බව බලා ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම භාවය පරීක්‍ෂා කිරීමෙනි. එසේම හදිසි අනතුරුවලට ගොදුරුවන බව පෙන්වන්නේත් මෙම භාවය මගිනි. මේ සියල්ලටම වඩා අයහපත් තොරතුරු පෙන්වා දෙන්නේ මෙය ජන්ම පත්‍රයේ මෘත්යු ස්ථානය ලෙසටයි. ජන්මියාගේ මරණය පිළිබඳ සියලුම තොරතුරු පෙන්වා දෙන්නේ මෙම මෘත්යු භාවය මගින්ය.

කෙසේ වෙතත් හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව නිසායයි කියමනක් ඇත. එසේම උත්සාහයකින් තොරව ලබාගන්නා දේපළ හිමිකම්, පාරිතෝෂික දීමනා, රක්‍ෂණ ගෙවීම් ආදිය ගැන සඳහන්වන්නේ ජන්ම පත්‍රයේ හෝ තත්කාල කේන්‍ද්‍රයක අට වැනි භාවයේය.

මුලින්ම අට වැනි භාවයේ යහපත් පැත්ත මගින් පෙන්වන හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව ඇති අයෙකුගේ ජන්ම පත්‍රයක් පරීක්‍ෂා කරමු.

මෙම ජන්ම පත්‍රයේ 8 වැනි භාවය, සිකුරු හිමි වෘෂභ රාශියේ සඳු හිමි නක්‍ෂත්‍රයක සහ රාහු හිමි උපස්ථානයක යෙදී ඇත. උපස්ථානය හිමි රාහු, 2 වැනි භාවයේ සහ 8 වැනි භාවයේ තැන්පත්ව සිටින කේතුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රාහු තැන්පත්ව සිටියේ 3 වැනි සහ 6 වැනි භාව අධිපතිව, 8 වැනි භාවයේ වෘෂභ රාශියේ තැන්පත්ව සිටි ගුරුගේ නක්‍ෂත්‍රයකය. ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 8 වැනි භාවයේ උපස්ථානය හිමි රාහු, හදිසි ධනලාභ ලබාදෙන බව පෙන්වයි.

ජන්ම පත්‍රයේ හදිසි ධනලාභ ලබාදෙන ප්‍රධාන භාවය අටවැන්න වෙයි. අනුමාණයෙන් කරණු ලබන කටයුතු 5 වැනි භාවය මගින් නිවේදනය කරයි. මේ ජන්මියා එවකට අප රටෙහි පැවති ලොතරැයියකින් ලබාදුන් උපරිම ජය මුදල ලබාගෙන ඇත.

මෙම ජයග්‍රහනය ලබාගෙන ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 1986 පෙබරවාරි මාසයේ 13 වැනි දිනදීය.

මේ ජන්ම පත්‍රයේ, ක්‍රිස්තු වර්ෂ 1986 පෙබරවාරි මාසයේ 02 වැනි දින සිට ක්‍රිස්තු වර්ෂ 1986 අප්‍රේල් මාසයේ 14 වැනි දින දක්වා ගුරුගේ මහ දශාවේ සඳුගේ භුක්තිය සහ රාහුගේ අන්තරය පැවතියේය.

මෙම ජන්ම පත්‍රයේ මහ දශාව අධිපති ගුරු 3 වැනි, 8 වැනි, 10 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. මේ ගුරු තැන්පත්ව සිටියේ සඳුගේ නක්‍ෂත්‍රයකය. සඳු ග්‍රහයා 8 වැනි, 10 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි.

භුක්තිය අධිපති සඳු ග්‍රහයා 8 වැනි, 10 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි.

ගුරු 3 වැනි, 8 වැනි, 10 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. මේ සඳු තැන්පත්ව සිටියේ කේතුගේ නක්‍ෂත්‍රයකය. කේතු ග්‍රහයා 2 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. අන්තරය අධිපති රාහු ග්‍රහයාද 2 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. මේ රාහු තැන්පත්ව සිටියේ කේතුගේ නක්‍ෂත්‍රයකය. කේතු ග්‍රහයා 2 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි.

ක්‍රිස්තු වර්ෂ 1986 පෙබරවාරි මාසයේ 13 වැනි දින මහ දශාව අධිපති ගුරු, කුම්භ රාශියේ 4 වැනි භාවයේ කුජගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. මේ ගුරු ජන්ම ස්ථානයට චතුරස්‍ර විය.

භුක්තිය අධිපති සඳු, මීන රාශියේ 6 වැනි භාවයේ බුධගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. මේ සඳු, ජන්ම ශනිට ත්‍රිකෝණගතවිය. අන්තරය අධිපති රාහු, මේෂ රාශියේ 6 වැනි භාවයේ කේතගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. මේ රාහු, ජන්ම ස්ථානයට ත්‍රිකෝණගතවිය.

දීප්ත රවි, කුම්භ රාශියේ 5 වැනි භාවයේ කුජගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. මේ රවි, සිංහ රාශියේ 11 වැනි භාවයේ සිටි ජන්ම සඳුට සප්තමවිය.

මෙම ජයග්‍රහනය ලබාගෙන ඇති දිනයේදී පැවති දශා සහ අතුරු දශා අධිපති ග්‍රහයන් ඔවුන්ගේ කාල සීමාව තුල ගෝචර ගමන් මඟින්ද වාසනාව පෙන්වා ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.