වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
තුලා ලග්නයට හිමි රැකියා
තුලා ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සිකුරු ගැනත් දහවැන්නාධිපති සඳු ගැනත් බැලිය යුතු ය. තුලා රාශිය වායෝ ගුණයෙන් යුත් චර රාශියකි. තුලා ලග්න හිමියන් ව්‍යාපාරයන් හි ඉතා දක්ෂ වේ. දියර වර්ග වෙළෙඳාම, හවුල් ව්‍යාපාර, පෙට්‍රල්, භූමිතෙල් ආශි‍්‍රත රැකියා ගෘහ නිර්මාණ ශිල්පීන්, සංගීතඥයින්, රාජ්‍යතාන්ත්‍රික සේවකයින්, මහජන සබඳතා නිලධාරීන් ආදී වෘත්තීන් තුලා ලග්න හිමි ජන්මියාට උරුම වේ.
ලග්නය වූ තුලාවත් දහවැන්න වූ කටකයත් චර රාශියක් බැවින් නිතර රැකියා තත්ත්වයන් වෙනස්වීමට පුළුවන. ලග්නාධිපති සිකුරුත් දහවැන්නාධිපති සඳුත් දහවැන්නේ සිටින ග්‍රහයෝ අනුවත් සඳු සිටින අනුවත් තුලා ලග්න හිමියාගේ රැකියාව තීරණය වේ.
ඉගෙනීමත්, වාසනාවත්, බුද්ධිය සහ උනන්දුවත් මත සෑම ජන්මියකුගේම රැකියා තත්ත්වයන්ගේ උස් පහත් වීම් සිදුවේ. තුලා ලග්න හිමියාගේ ඉගෙනීම ගැන බැලීමේදී අධ්‍යාපනකාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති වන ශනිගේ බලයත් බැලිය යුතු ය. මේ දෙදෙනාගේ බලය තිබූ විට තුලා ලග්න හිමියාට ඉතා උසස් තත්ත්වයේ රැකියාවන් හිමිවේ.
තරාදිය සලකුණ වන තුලා ලග්න හිමියන් ව්‍යාපාරයන්හි ඉතා දක්ෂ වේ. උත්පත්තියෙන්ම ලැබී ඇති වාග් චාතුර්යත් උසස් ඥානයත් නිසා ජන සේවයේ දී මූලිකව කැපී පෙනේ. ලග්නාධිපති සිකුරු වන තුලා ලග්න හිමියන් මෘදු මිහිරි ගති ඇති නිතර පි‍්‍රය ස්වභාවයන් ඇති කාගේත් හොඳ හිත දිනා ගැනීමට සමත් බැවින් හොඳ ගෘහ නිර්මාණ ශිල්පීන්, මහජන සබඳතා නිලධාරීන් හෝ සංගීතඥයන් ආදිය බිහි වේ.
තුලා ලග්න හිමියන්ගේ දහවැන්නාධිපති සඳු හා දහවැන්න කටක රාශිය වන බැවිනුත් දියර වර්ග වෙළඳම, සිසිල් බීම වෙළඳාම, පෙට්‍රල්, භූමිතෙල් වෙළඳාම හා ඒ ආශි‍්‍රත රැකියා ජන්මියාට උරුම වේ.
සෑම ජන්මියකුගේම රැකියාව ගැන බලන විට කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතු ගැනත් බැලිය යුතු වේ. ජන්ම පත්‍රයේ රාහු සිටින රාශියත් එහි අධිපතීත්, ඒ අධිපතිගේ කාරකත්වයක් බැලිය යුතු ය. ඒ අධිපතිගේ කාරකත්වයට අයත් රැකියාවක් කේන්ද්‍ර හිමියාට හිමිවේ. රාහු සිංහ රාශියේ සිටියා නම් රවිගේ කාරකත්වය දරන රාජ්‍ය කාරක හෙවත් රජයට සම්බන්ධ රැකියාවක් ජන්මියාට උරුම වේ.
තුලා ලග්න හිමියාගේ රැකියාව බලන විට සිකුරුගේ පිහිටීමත් සඳුගේ පිහිටීමත් සිකුරු සහ සඳු සිටින නැකතත් රාහු හා කේතු සිටින ස්ථානය හා නැකතත් දහයේ සිටින ග්‍රහයාත් බලා වඩාත්ම බලවත් ග්‍රහයාගේ රැකියාවක් තුලා ලග්න හිමියාට උරුම වේ.
චතුරිකා දිල්හානි ගමආරිය