වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සිංහ ලග්නයට හිමි රැකියා
ඔක්තෝබර් 14, 2022
රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ජන්මියා ආත්ම ශක්තියෙන් යුත් දියුණුවීමේ ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. සිංහ ලග්නයේ ලග්නාධිපති රාජ්‍යකාරක රවි වේ. රජය නිවේදනය කරයි. රාජ්‍ය සේවයට වැඩි සබඳතාවක් සිංහ ලග්න හිමියාට හිමිවේ. කළමනාකරුවන්, සභාපතිවරුන්, සොල්දාදුවන්, ග්රන්ථ කර්තෘවරුන්, විනිසුරුවන්, කෘෂිකර්මය ආශි‍්‍රත රැකියා, දර ආශි‍්‍රත රැකියාවල සිංහ ලග්න හිමියෝ වැඩිපුර නිරත වේ.
සිංහ ලග්න හිමියන්ගේ වෘත්තීය ගැන කථාකරන විට දහය අධිපති සිකුරු ගැනත් දහයේ සිටින ග්‍රහයන් ගැනත් බැලිය යුතු වේ. දහවැන්නාධිපති වන සිකුරු සිටින තැන අනුවත් සිකුරු නියෝජනය කරන නැකත අනුවත් රැකියා තත්ත්වයන් තීරණය වේ.
ඉගෙනීම උසස් තත්ත්වයක පවතී නම් උසස්ම රැකියාවක් ලැබේ. සිංහ ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බැලීමේදී ලග්නාධිපති රවිගේ බලයත් පස්වැන්නාධිපති වන ගුරුගේ බලයත් අධ්‍යාපන කාරක බුධගේ බලයත් බැලිය යුතු ය. මොවුන්ගේ බලය මත සභාපතිවරුන් විනිසුරුවන් වැනි උසස් තත්ත්වයේ රැකියාවක් සිංහ ලග්න හිමියාට හිමිවේ. විනිසුරුවන්, තෝල්කවරු, ජේලර්වරු වැනි එකම ක්ෂේත්රයේ රැකියා වුවද ඉගෙනීමේ උස්පහත්කම් මත රැකියා තත්ත්වයන් වෙනස් වේ.
ඕනෑම වෘත්තියක් දරා සිටීමේ ශක්තිය ඇත්තේ සෙනසුරු ග්‍රහයාට ය. සෙනසුරුගේ බලයක් නොමැතිව දැවැන්ත ව්‍යාපාරවලට හිමිකම් කීමත් දේශපාලන නායකයෙකු වීමටත් නොහැකි වේ. ඒ සඳහා සෙනුසරුගේ බලය වැදගත් වේ.
ජන්ම කේන්දරයේ දහවැන්න හා දහවැන්නාධිපති සමඟ රාහුගේ සබඳකමක් තිබේ නම් විටින් විට රැකියා තත්ත්වයන් වෙනස් වේ. ඒ වගේම දහවැන්න හා දහවැන්නාධිපති සමඟ රාහුගේ සබඳකමක් තිබූ විට බොහෝ ප්‍රසිද්ධ දේශපාලන නායකයෝ ප්‍රසිද්ධ විනිසුරුවරු බිහි වේ. මේ සමඟ බුධගේ බලයත් සිකුරුගේ බලයත් ලැබූ විට ප්‍රසිද්ධ කලාකරුවන් ප්‍රසිද්ධ ගත්කතුවරු බිහි වේ.
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි රජය නිවේදනය කරයි. ලග්නයත් දහවැන්නත් තිර රාශියක් බැවින් ස්ථිර ආදායම් හිමි රැකියා ඇති කරයි. සිංහ ලග්න හිමියා රාජ්‍ය සේවයට වැඩි සබඳතාවක් ඇති බැවින් රවි බලවත් වූ විට රජයේ රැකියා හිමිවේ.
සිංහ ලග්න හිමි ජන්මියාගේ රැකියාව ගැන බැලීමේ දී ජන්ම පත්‍රයේ රවිගේ පිහිටීමත් සිකුරුගේ පිහිටීමත් රවි සිකුරු නියෝජනය කරන නැකතත් රාහු හා කේතු ග්‍රහයන් නියෝජනය කරන නැකතත් සිටින ස්ථානයත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන බැලිය යුතු ය. එයින් වඩාත්ම බලවත් ග්‍රහයාගේ රැකියාව සිංහ ලග්න හිමියාට හිමි වේ.
චතුරිකා දිල්හානි ගමආරිය
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී විවිධ යෝග හඳුනාගත හැකිය. එකී යෝග අතුරින් දුර්ලභ ග්‍රහ යෝගයක් ලෙස යෙදෙන යෝගයක් වනුයේ ශකට යෝගය වේ. එලෙසම ඡ්‍යොතිෂයේ ‘සකට’ නමින්...
2024-12-19 18:30:00
ඉතා නිවැරැදිව අතක් බලා පලාපල කීම හස්ත රේඛා ශාස්ත්රඥයකු සතු විශේෂ දක්ෂතාවක් කියති. එසේ පලාපල කීමේදී අතක් ඉතා සියුම්ව පරීක්ෂා කළ යුතු වේ. මෙහිදී ප්...
2024-12-19 18:30:00
සමුද්‍ර නම් ඍෂිවරයා භාරතයට හඳුන්වාදුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්තරේඛා විද්‍යාව මේ වන විට ලොව පුරා ප්‍රචලිතව ඇත. විවිධ දේශයන්හි ඇති විවිධ විද්‍යා...
2024-12-12 18:30:00
මේ ක්‍රමවේදය සඳහා දේව ආකර්ෂණය ලබාගත යුතු අතර ඒ සඳහා පිරිසුදු පුටුවක් හෝ මේසයක් කහ පැනින් සෝදා ඒ මත කෙසෙල් දලුවක් දමා රතු රෙදි කඩක් එළා මල් බුලත්,...
2024-12-05 18:30:00
නිමිත්ත බලන හැටිඅවශ්ය කාරණය ගැන සිතා විශ්වාසයෙන් යුතුව ඇස් දෙක පියාගෙන නිමිති චක්‍රයේ කොටුවකට ඇඟිල්ල තබන්න. ඊළඟට එම ඇල්ලූ කොටුවේ තිබෙන අකුරට නියමිත...
2024-12-05 18:30:00
ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 7, 16 හෝ 25 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක හතයි. මෙය නෙප්චූන් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. තවත් තැනක එය වරුණ ග්...
2024-11-28 18:30:00
රාහුට හා කේතුට නියමිත යන්ත්‍ර පැහැදිලි කළා නම් සෙනසුරුටත් නියමිත යන්ත්‍රය පැහැදිලි නොකරාම බැහැ. මොකද මේ ග්‍රහයෝ තිදෙනාම එකම වර්ගයේ ග්‍රහයො නිසා. තුන්...
2024-11-21 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ වෘශ්චික රවි 07 භාග ඉල් අව සතවක තිථියලත් කිවිදින සිට එම රවි 13 භාග ඉල් අව තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-11-21 18:30:00
ඇස්වහ කටවහ හෝවහ යනු අද සමාජයේ ඉතා හුරුපුරුදු නම් වැලකි. ඇස්වහ යනු ඇස් මුල් කරගෙන පිටවන ශක්තියයි. කටවහ යනු කට මුල්කරගෙන නිකුත් කරන ශක්තියයි. හෝවහ යනු...
2024-11-21 18:30:00
ජන්ම අංක හය නියෝජනය කරන්නේ ග්‍රහ මණ්ඩලයේ සිකුරු ග්‍රහයා විසිනි. එබැවින් ජන්ම අංක 6 න් උපන් ඔබ සිකුරු හෙවත් වීනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි....
2024-11-21 18:30:00
කේන්දරයක යෙදෙන යෝගයන් අතර අතිශයින්ම ප්‍රබල රාජ යෝගයක් ලෙස ගජකේශරී යෝගය හැඳින්විය හැකිය. පංච මහා පුරුෂයෝග හැරුණු විට ජන්මියකුට යෙදෙන ප්‍රබලම රාජයෝගයක්...
2024-11-14 18:30:00
වර්තමාන කාලයේ හැටියට බොහෝ දෙනාට ආර්ථික අමාරුකම් තදින් දැනේ. මේ නිසා කුමන ක්‍රමයකින් හෝ තමන්ට ධනයක් ලැබේ නම් අපි කවුරුත් කැමතිය. යම් කිසි ජන්ම පත්‍රයක...
2024-11-14 18:30:00
පාර්ලිමේන්තු මැතිවරණයක් අත ළඟය. ඒ සඳහා බලපාන විශේෂිත හස්ත රේඛා සලකුණු ඇති බව හස්ත රේඛා පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන ශාස්ත්‍රඥයෝ පවසති.අපි මුලින්ම...
2024-11-07 18:30:00
නොවැම්බර් 8පෞද්ගලික අංකය 8දෙවියන් හා ධර්මයට ළැදි අතරම සිරුර ඇතුළාන්තයෙන් පංචකාම සම්පත්තීන් ඉල්ලා හඬා වැටෙන ස්වභාවය නිසා ලෝක දෙකක සිරවුණු ස්වභාවයක්...
2024-11-07 18:30:00
සාමාන්‍යයෙන් කිසියම් ග්‍රහයකු පොළොවේ ජීවත්වන කෙනකුට හතුරු වුණාම යන්ත්‍රයක් පැලැන්දුවාම ඒ නරක ග්‍රහ කිරණ නිවාරණය කිරීම එකල සිටම පැවතුණා. එය ඉතාමත්...
2024-11-07 18:30:00
අද දිනයේදී මුලින්ම කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඡ්යොතිර්වේදියකුට ජීවිතයේ පළමු වැනි වතාවට මුළු රටම දන්නා තැනැත්තකු බවට...
2024-11-07 18:30:00