වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
තුන්දොස් සමනය කරන ඔසු ගුණයෙන් සපිරි දෙහි
ආහාර රසවත් කිරීමට යොදාගන්නා විශේෂ තෙල්, බෙහෙත්, කල්ක, පත්තුවලට හා අනුපානවලට ගන්නා දෙහි ශාන්ති කර්ම, ගුරුකම්, යන්ත්‍රමන්ත්‍රවලට මෙන්ම විෂබීජ නාශකයක් වශයෙන් ද ගනු ලබයි. දෙහිවල අධික විටමින් සී ප්‍රමාණයක්, පොස්පරස් හා කැල්සියම් ද නිසා දෙහිවල පෝෂණ අගය වැඩිව පවතී. ඇඹුල් පැඟිරි රසයෙන් යුත් දෙහිවල විවිධ ප්‍රභේද කීපයක්ම වේ.
ලෙමන් දෙහි, වැල් දෙහි, කූඩලු දෙහි ආදී වශයෙන් පවතින දෙහි අතර රවුම් දෙහි ඖෂධ ගුණයෙන් ඉහළ බෙහෙත් සඳහා අනුපාන වශයෙන් මෙන්ම බෙහෙත්, බෙහෙත් තෙල් හා කල්කවලට යොදාගන්න මහඟු ඖෂධයක් ද වේ. දෙහි යුෂ ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍යගුණය ශක්තිය කැලරි පනස්හතයි. මේදය ග්‍රෑම් නමයයි. කැල්සියම් මිලිග්‍රෑම් හැත්තෑවයි. පොස්පරස් මිලිග්‍රෑම් දහයයි. යකඩ මිලිග්‍රෑම් දෙකයි තුනයි, තයමින් මයික්‍රොග්‍රෑම් විස්සයි, රයිබොප්ලේවින් මයික්‍රොග්‍රෑම් දහයයි. විටමින් සී මිලිග්‍රෑම් තිස්නමයයි. දෙහි යුෂවල ප්‍රධාන වශයෙන් සිටි‍්‍රක් අම්ලය අඩංගුව පවතී.
නිම්බුථලං ප්‍රථීත ම මලරසං කටුෂණඞ
ගුල්මාං මවාතහරම ගනී විවෘධිකාරි
චක්ෂුප මෙතද’ථ කාස කථාර්ත්ති කණ්ඩු
විච්ඡදි හාරී පරිපක්චම තීච රචපම්
දෙහි ගෙඩි ඇඹුලයි, කටුකයි, උෂ්ණයි, ගුල්මයි සහ ආමවාතය නැති කරයි. ගණිවඩයි. ඇසට හිතයි. කැස්ස, සෙම, කැපීම සහ වමනය නසයි. ඉදුණු දෙහි ගෙඩි රුචිකයි. දෙහි විවිධ ඖෂධ සඳහා ප්‍රයෝග කිරීමට යොදාගනු ලබන අතර, රස වෙදකමේදී ශෝධක කර්ම සඳහා යොදා ගනී.
දෙහි පැඟිරි කුලයේ ශාකයක් වන අතර, එය විද්‍යාත්මකව හඳුන්වන්නේ රුටේෂි ශාක කුලය ලෙසය. දෙහිවලට සිංහල නාම කීපයක්ම ඇත. දෙහි දේසි හා හීංදෙහි යනුවෙනි. දෙමළ බසින් ඒලු බිච්චෛ අම්බුකියාද සංස්කෘත බසින් නිම්බු, නිම්බුක, අම්ලසර, ජම්බීර ආදී නම් ද ඉංගී‍්‍රසියෙන් ඹ්ඪථඥ චජඪඤ තඪථඥඵධභපතඪථඥ මෙහි කුලය ජම්බීර් වේ. බෙහෙවින් සන්ධි හා අස්ථි ආශි‍්‍රත රෝග සඳහා ගුණ ගෙන දෙන දෙහි අක්ෂි රෝග සඳහා ද විශේෂයෙන් යොදාගනියි. ආහාර රසවත් කිරීමට ද යොදාගන්නා දෙහි පොල් සම්බෝලයට ලුණුමිරිසට, කිරිහොද්දට, සළාදයට, මාළුතෙල් විනාකිරට දෙහි ඇඹුලට මෙන්ම අමු පලා සලාදයට ද යොදා ගනියි. ලුණු දෙහි සෑදීමට ද ගන්නා දෙහි කාන්තාවන් ස්නානය කිරීමට පෙර හිසේ අතුල්ලා ස්නානය කිරීමට ද පුරුදුව සිටියි. හිස්හොරි සඳහා දෙහි හෝ දෙහි ගැට කපා උළුහාල් ස්වල්පයක් එක්කර තම්බා දෙහි පොඩිකර හිසේ ගා ටික වේලාවක් සිට ස්නානය කිරීමෙන් ඉස්හොරි හා පොතු කැබිලි සේදී ඉවත්වේ.
අඹුල පල පලද දෙහියුෂ ලබිනඹ රා
පතල හොරි තිබෙන සිරසක ගැතව රා
එකල ඇති සියලු දොස් දුරු වී එසි රා
බබළවයි සිතද තුඩුවන ලෙස නිත රා
ඖෂධ ගුණයෙන් යුත් දෙහි ලෙල්ලද නොයෙකුත් ඖෂධ සඳහා යොදාගනිති. ඇස් රුදාව ආදී රෝගාබාධවලදී ද මූත්‍ර දැවිල්ල පවතින අවස්ථාවලදී ද උණුකර නිවාගත් ජලයට දෙහියුෂ ටිකක් මිශ්‍රකර එම ජලය ටික ටික එම ජලය දිවේ ගෑමෙන් මූත්‍රදැවිල්ල සුව වේ. ගෝණුසු විෂටද දෙහි ලෙල්ලක් ගෙන කෑ මුඛයේ ඇතිල්ලීමෙන් පවතින වේදනාව සහ විෂ අඩුවීමෙන් සුවගෙන දේ. රූපලාවණ්‍යයේදී පිරිසුදු කාරකයක් ලෙස යුෂ යොදාගනිති. දෙහි ගසේ කොළ පොතු මුල් හා දෙහි ගෙඩි මෙන්ම දෙහි ඇට ද බොහෝ ඖෂධවලට යොදාගනී. ගෘහනියන් වැඩි දෙනකු කැමැත්තක් දක්වන ලුණුදෙහි දෙහි ගෙඩි තම්බා ලුණු ඇට දමා ගැනීමෙන් හා අමු දෙහි පලා ලුණු ඇට ඒ තුළට දමා අවුරශ්මියේ තැබීමෙන්ද ලුණු දෙහි සාදාගනිති. ළදරුවන්ගේ හා ළමයින්ගේ පණු වමන අතීසාර, අජීර්ණ ආදී රෝග සඳහා දෙනු ලබන බෙහෙත් ගුලි කල්ක සඳහාත් දෙහි යුෂ අනුපාන ලෙස යොදාගනියි.
ඇසේ හිසේ දොස් දුරලා සුවයක් ගෙන දෙන කමල වර්තිතා තෛලයේ තෙල් වට්ටෝරුවේද දෙහි ගැන මෙසේ සඳහන්ව ඇත.
පොල් සුණු මුල් කවුඩු කැකිරි කොළ කීකිරිඳිය ඉලි නා
මුල් සතවරී මුකුණුවැනි ද මයුරමණික කොලි නා
වල් ඖෂධ ද සහ දෙසිඹුලල් තුබිලිය ද රැගෙ නා
කල් නොයවා නැලිය නැලිය යුෂ මැඬගෙන තබ නා
බෙහෙතට එහෙතට වගේම මුළු තැන්ගෙට ද අවශ්‍යම වන දෙහි පිළිබඳ උපත පිළිබඳව ද කතා බොහොමයක්ම ඇත. මහා සම්මත රජු දේවිය වූ මැණික්පාල බිසවුන්ට කරන ලද විණ දෝෂය කැපීම සඳහා දෙහි අවශ්‍ය විය. නමුත් ලක්දිව දෙහි නොමැති බව දැනගත් සක්දෙව් රජ නා ලොවට ගොස් ගුරුලකුගේ විලාසයෙන් සිටියදී එය දුටු සියලු නාගයින් බියවී සැඟවී සිටියේ ය. එහිදී නාග කෙළවැටී දෙහි ගසේ උපත සිදුවිය. එම ගසේ අතු නමයක් විහිදී එක් අත්තක දෙහි ගෙඩියක් බැගින් දෙහි නමයක් හටගැනිණ. සක්දෙව් රජ ගෙඩි නමයම කඩාගෙන ගුරුළු වෙස්හෑර රජ වෙස්ගෙන නාගයින්ගේ බිය නැතිකොට මනුලොවට ඒමට පිටත්වෙද්දී නා රජු සක්දෙවිඳුගේ පා වැඳ නමස්කාර කොට එක් දෙහි ගෙඩියක් ඉල්ලාගත්තේය. අනෙක් ගෙඩි රැගෙන සක්දෙවිඳු මහලු වෙස්ගෙන ලක්දිවට පැමිණියේය. ඉන් ගෙඩි හතක් වින කැපීමට දුන් අතර, එක් දෙහි ගෙඩියක් මෙරට බෝ වෙන්නට තැබූ බව පැවසේ.
මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි