වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අධික කොලෙස්ටරෝල් තත්ත්වයෙන් වළකින්නට ආහාර ගත යුතු පිළිවෙළ
අපේ රටේ පුද්ගලයන් විශාල පිරිසක් අතර බහුලව දකින්නට ලැබෙන රෝග තත්ත්වයකි. ශාක ආහාර මත පමණක් යැපීම මෙයට හොඳ පිළියමක් වුවත් ශාක ආහාර මත පමණක් තම ආහාර පිළිවෙත් සකසා ගත නොහැකි දුෂ්කරතාවයක් වර්තමාන කාර්ය බහුල ජීවන රටාව තුළ පවතියි.
ඒ නිසා පොදුවේ සෑම පුද්ගලයකුගේම රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට අනුගමනය කළ හැකි සුවිශේෂී වැදගත්කමක් සහිත කි‍්‍රයාමාර්ග කීපයක් මෙසේ දක්වමු.
මාළු ආහාරයට ගැනීමේදී හැකිතරම් කුඩා මාළු වර්ග සතියකට දින කීපයක් ආහාර වේලකට එක්කර ගැනීම ඉතාම ඵලදායකය.
සියලුම සත්ව ආහාර අනුභවය ඉතාම සීමිත විය යුතුය. මස් මෙන්ම කිරි සහ බිත්තර ද සත්ත්ව ආහාරයි. ඌරු මස්, හරක් මස් වැනි රතු මස්ද කුකුළු මස්වල සම් කොටස්ද ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය හැකි නම් ඉතාම යහපත්ය. බිත්තරයක සුදු මදය දිනපතා ආහාරයට ගත්තද වරදක් නැත. සත්ත්ව කිරි ද අවම භාවිතය ගුණදායකය. කේජු හා බටර් ආහාරයට ගැනීමෙන් වළකින්න.
ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් වැනි ආහාර කොලෙස්ටරෝල් රෝගීන්ට එතරම් ගුණදායක නොවේ.
මුදවාපු කිරිවල මේදය බහුලය. මේවාද ආහාරයට ගැනීම සීමා කළ හැකිනම් වඩාත් සුදුසුය. ගුණාත්මක යෝගට් වර්ගයක් තෝරාගෙන ආහාරයට ගැනීමේ වරදක් නැත. යෝගට්වල අඩංගු ෆී‍්‍රබයෝටික් ආහාර ජීර්ණයේදී ආමාශයික කි‍්‍රයාකාරීත්වයට වැදගත් මෙහෙයක් ඉටු කරයි. අලිගැටපේර වුවත් දිනකට ගෙඩියකින් හතරෙන් එකක් පමණ ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. බොහෝ එළවළු තෙල්වල ලේබලයේ බහාලුම්වල “කොලෙස්ටරෝල් අඩංගු නැත”. ලෙස සඳහන් වුවද ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව නිසි සහතික වීමක් දිය නොහැකි නිසා ඒවා භාවිත නොකිරීම වඩාත් යහපත් වේ. (ඔලිව් තෙල්වලින් කෑම පිස ගැනීමට හැකි නම් වඩාත් සුදුසු වුවත් ඒවා මිල අධික බැවින් ඒ සඳහා බල කිරීමක් කළ නොහැක. )
ෆාම් තෙල්වලින් ආහාර පිසීම ඉතාම නුසුදුසුය. පොල් තෙල් භාවිතයද සීමාසහිත විය යුතුය. වරක් පිසූ පොල් තෙල් කෑම පිසීමට කොහෙත්ම නුසුදුසුය. සෝයා තෙල්, සූරිය කාන්ත තෙල්, බඩ ඉරිඟු තෙල් ආදිය බහු අසංතෘප්ත මේද සහිත තෙල් වර්ගය. මේවා සීතලේද නොමිදී පවතී. එම තෙල් වර්ගද භාවිතය එතරම් හොඳ නැත. පොල්කිරි භාවිතය ද සීමා සහිත විය යුතුය. දැනටමත් ඔබ කොලෙස්ටරෝල් රෝගියකු නම් ඔබට සුදුසු වන්නේ දෙවැනි කිරෙන් පිසූ වෑංජනයි.
සැඟවුණු මේදය සහිත ආහාර වන පාන්, පේස්ට්රි , පැටිස්, කට්ලට්, රෝල්ස්, වඩේ ආදියද කේක්, පුඩිං, කිරි, පැණි වළලු, මස්කට්, බූන්දි වැනි රසකැවිලි වර්ග ද උපරිම ලෙස සීමාකළ යුතුය. බේක් කරන ලද (එළවළු යෙදූ) පේස්ට්‍රි, පැටිස්, කට්ලට්, රෝල්ස් ආහාරයට ගත හැකිය.
ඔට්ස්, නිවුඩු සහල්, ගෝවා, කොහිල අල, ඉදුණු කෙසෙල්, පේර, කෙසෙල්මුව, පැපොල් ආදී තන්තු බහුල ආහාර දෛනික ආහාර වේලට එක්කර ගැනීම ඉතා සුදුසුය.
අලුත් පලා, කොළ පැහැති එළවළු, හා වියළි ඇට වර්ග ආහාරයට ගැනීම ඉතා සුදුසුය.
පොදුවේ සියලුම පලතුරු වර්ග ගුණදායකය. එහෙත් එකම පලතුර පමණක් දිගින් දිගටම පාවිච්චියට නොගෙන පලතුරු වර්ග දෙක තුනක් කුඩා ප්‍රමාණයෙන් ආහාරයට ගැනීම සුදුසුය. ආනමාලු, ඇම්බුන් වැනි කෙසෙල් නම් සුළු ප්‍රමාණවලින් ගැනීම වඩාත් සුදුසුය.
කජු, රටකජු දිනපතා අහුරු පිටින් නොකා සතියකට දෙවරක් පමණ සුළු වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය. වෝල්නට්, ආමන්ඩ් ආදියද මද ප්‍රමාණවලින් ගැනීම සුදුසුය.
තැඹිලි පානය කරනවා නම් ලොඳය නොමැතිව වතුර පමණක් පානය කළ යුතුය. දියවැඩියාව තිබේනම් ඉතාම ළපටි තැඹිලි වතුර පමණක් මද වශයෙන් පානය කළ යුතුය.
සොසේජස්, මීට්බෝල්, බර්ගර්, පීට්සා වැනි ආහාර නොකන තරමට හොඳය.
බිම්මල් කොලෙස්ටරෝල් රෝගීන්ට ඉතාම සුදුසු ආහාරයකි.
සුදුලූනූ, රතුලූනූ, ලොකුලූනූ භාවිතය කොලෙස්ටරෝල් පාලනයට සුදුසුය.
සීනි රහිතව තේ පානය කිරීම ගුණදායකය. කෝපි පානය දිනකට කෝප්ප 1 – 2 කට සීමා කළ යුතුය.
කිරිපිටි, මෝල්ට් පානයන්, පැණි බීම, සෝස්, චට්නි, චිලිපේස්ට් භාවිත නොකරන තරමට හොඳය.
මද්‍යසාර හා දුම්පානය ඉතාමත්ම අහිතකරය.
ලුණු භාවිතය උපරිම ලෙස සීමා කළ යුතුය. තුන්වේලෙන් එක් වේලක් හෝ මග හැරීම නුසුදුසුය.
සීනි, හකුරු, පැණි, රටඉඳී හැකි උපරිමයෙන් සීමා කරන්න.
උදයට කොළ කැඳ පානය ඉතාම ගුණදායකය. (මෙහිදී පොල් ඉතාම සුලුවෙන් මිශ්‍රකර ගත යුතුය.)
අධික කොලෙස්ටරෝල් තත්ත්වයේ අවදානම.
අධික කොලෙස්ටරෝල් තත්ත්වය විශේෂයෙන්ම අනතුරුදායකය. එම තත්ත්වය හඳුනාගත නොහැකිව යටපත්ව තිබීමත් ප්‍රතිකාර කිසිවකට යොමු නොවී තිබීමත් හේතුවෙන් ධමනි සම්බන්ධ හෘදයාබාධ රුධිරවාහිනි සමඟ බැඳෙන හෘදයාබාධ හා හෘදය අකි‍්‍රයතාවය වැනි අවදානම්වලට කෙනකු පහසුවෙන් පත් විය හැකිය. අධික කොලෙස්ටරෝල් නිසා රුධිර සංසරණයේ ගැටලු ඇතිවේ. කොලෙස්ටරෝල් තත්ත්වය අධික වීමෙන් මොළයට රුධිරය පරිවහණය කරන නාලයක් අවහිර වීමෙන් “ආඝාත” තත්ත්වයට පවා පත් විය හැකිය. මේ අනුව ශාක ආහාර වැඩිපුර ගැනීමත්, මස් ආහාර හැකි උපරිමයෙන් සීමා කිරීමත් කොලෙස්ටරෝල් පාලනය සඳහා වන ආහාර සුදුසු නුසුදුසු ලෙස නිසි අවබෝධයෙන් යුතුව අනුභව කිරීම හා අයහපත් ආහාර සිරිත් වලට හුරු වීමෙන් වැළකීම තුළින් නිරෝගී ජීවිතයකට හිමිකම් කිව හැකිය.
වෛද්‍යාචාරිනී වෛද්‍ය සූරී පණ්ඩිත
ටී.කේ.සී. විමලරත්න
වෛද්‍ය මධ්‍යස්ථානය, උස්සාපිටිය.