වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අංකයේ විකාශනයෙන් වාස්තු විද්‍යාවට
ඉතා ඈත අතීතයේ භාවිතා වූ අංක ක්‍රමයෙන් වෙනස් විය. එදා භාවිත කළේ අංක විකාශනය බැලීමේදී පෙනීයන්නේ එය ක්‍රමයෙන් වෙනස්වීමය. අද අප ලියන අංක කාලයක් ලියාගෙන යෑමේදී අංකය වෙනස් හැඩයක් ගැනීම අප නොසිතූ විලසින්ම සිදු වන බව අපටම පෙනේ.
එලෙස වෙනස්වූ අංක ක්‍රමය අනුව එය වාස්තු විද්‍යාවටද බලපෑමක් ඇතිවු බව ඉපැරැණියේ භාවිත වූ අංකවල හැඩය විමසීමේදී එදා තිබූ ලක්ෂණය එක්තරා ක්‍රමයක් පෙන්වයි. එනම් කෝණ ක්‍රමය භාවිතා වීමත් දක්නට ලැබීමය. එම හැඩය අනුව කෝණ මෙසේය.
මේ අනුව කෝණ ලක්ෂණය අංක 9 ට නැත. එය විශේෂයකි. එදා මෙන්ම අද අප රට බොහෝ පිරිසක් 7 සඳහා 7 ලියති.
මේ දක්වා ඉපැරැණි ක්‍රමය භාවිත වූ බව පෙනේ. එහෙත් 7 වෙනුවට හතේ කෝණ ප්‍රමාණය වටිනාකමට සරි නොවේ. එනම් කෝණ ගණන 7 ක් නොව පහක්ය. එය ක්‍රමයක් නැත. එහෙත් භාවිතාවේදී ඉතිරි අංක 2 ගිලිහී ගොස්ය.
තවත් විශේෂයකි. අද දක්වා 10 වෙනුවට අංක 1 ගිලිහී ගොස් බිංදුව පමණක් ඉතිරි විය. මෙම රවුම් හැඩය අද ඇති බොහෝ දේ වැඩි කාලයක් පවතින බව දක්නට ලැබේ.
අති විශාල ස්තූප අද දක්වාම ඉපැරැණි කාලයක් පවතින්නට මෙම හැඩය බලපෑ බව සිතිය හැකිය. අප රට අටමස්ථානයේ ඇති වෙහෙර මෙන්ම රවුමට සාදන ලද විශාල ගොඩනැගිලිද විශාල කණු ආදිය ද මෙම හැඩය නිසා ඉතා කාලයක් වයස වුවද තවමත් මහත් තේජවන්තව නොසැලී පවතී.
ඉතා ඉහත අතීතයේ මහා භාරතයේ වූ මහා ප්‍රාසාද ගොඩනැගිලි සියල්ලම රවුම් හැඩයට සාදා ඇත. අද එවැනි ගොඩනැගිලි (මහා ප්‍රාසාද) ඉදිරියෙන්ද දක්නට නොලැබුණද වෙහෙර විහාර විවිධ ගොඩනැගිලි රවුමට සාදා ඇති බව දක්නට ලැබේ.
ඉන්දියාවේද මහා ප්‍රාසාද විශාල ප්‍රමාණයක් රවුම් හැඩයගත් බව මහා භාරතයේ බ්‍රාහ්මණ සමාජයේ දක්නට ලැබේ. මහා භාරතයේ සමුද්ග ප්‍රාසාදය ට මෙවැන්නකි. මුං ඇටයක් මෙන් සාමාන්‍ය රවුම් ස්වරූපය ගත් බව පැවසේ.
පද්ම ප්‍රාසාදය නෙළුම් මලක ලස්සන ගත් රවුම් හැඩයෙන් යුක්තය. මෙහි විශ්කම්භය රියන් දොළහක්වු වෘතාකාර හැඩයක් ගත් විශ්මය ජනක නිර්මාණයකි.
ගරුඬ ප්‍රාසාදය නම් වූ ගරුඬ අහසේ පියාසර කරන විලාශයෙන් අත්තටු විහිදුවා සමාන වෘත්තාකාර ගොඩනැගිල්ලක් නන්දි ප්‍රාසාදය පියාසර කරන ගරුඬෙකුගේ හැඩය ගත් නිර්මාණයකි. ගුරුලා අහසේ තටු විහිදා පියාසර කර නැවතී සිටින විලාශය ගත් හැඩයකි. උස 18 රියනකි.
ඝට ප්‍රාසාදය කාළගෙඩියක් ලෙස හැඩයට සාදා ඇත. ඝට යන්න කළයට භාවිත කරන නමකි. මෙහි උස රියන් දාසයකි.
කෛලාස ප්‍රාසාදයද එවැනි රවුම් හැඩය ගත් ගොඩනැගිල්ලකි. උස පනස් රියනකි. මහල අටකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>