ළිඳක් කැපීමට සුදුසු තැනක් තෝරමු

ජූලි 31, 2020

මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය වෙයි. නිවසක ජල පරිභෝජනය සහ කර්මාන්ත ශාලාවක ජල අවශ්‍යතාවය අඩු වැඩි වෙයි. (පිරිස අනුව) “ජලය” අපේ ජීවිතය හා බැඳී පවතී. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේ දී එම ස්ථානයේ ”පිරිසුදු ජලය තිබේද?” යන්න හෝ නළ මාර්ගික ජලය සපයා ඇත්ද යන්න පරීක්ෂා කර බලයි. 

ඉඩමක, භූමියක ජලය ඇති තැන් පරීක්ෂාවේදී පස හා එහි වැඩී ඇති පැළෑටි (ශාක) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. භූමියක සෑම තැනකම ජලය නොමැති අතර “ළිං” කැපීමේ දී සුදුසු  දිශාවක එය ස්ථානගත විය යුතු ය. 

ඒ අනුව භූමියක ජල දිශා චක්‍රය හඳුනා ගන්න. 

ළිඳ කැපීම දිශාව ප්‍රතිඵලය 

උතුරු දිශාව - මෙම කෝණය තුළ ධන අභිවෘද්ධිය, සැප සම්පත් ලැබීම, කෘෂි කාර්මික කටයුතු සඳහා ගව සම්පත් හා කර්මාන්ත ශාලා සඳහා දියුණුව. 

ඊසාන දිශාව - දරු ලාභ, දරුවන්ගේ දියුණුව, සැප සම්පත් හිමිවීම, (වාස්තු පුුරුෂයාගේ හිස පීඩා නොවන ලෙස ගන්න) 

නැගෙනහිර දිශාව - භාර්යාවට හා දරුවන්ට විපත්, සතුරු කරදර හා ධන හානි 

ගිනිකොණ  දිශාව - ගිනිභය, පිරිමි දරුවන්ට (පුත්‍ර) හානි, විපත් උදා කරලයි. එවැනි ඉඩමක පදිංචිය අශුභය. 

දකුණු දිශාව - සතුරු කරදර, ලෙඩදුක්, මරණ, ශෝක ජනක දේ සිදුවීම. 

නිරිත දිශාව - ස්ත්‍රී ආරවුල්, භාර්යාවට හානි, මතභේද, අඹු, සැමි භේද, අනියම් සම්බන්ධතා

බටහිර දිශාව - ස්ත්‍රීන් දුෂ්ටගතිවලින්    පෙළීම, භාර්යාවට හානි, සතුරු උපද්‍රවවලට ලක්වීම, පවුලේ කාන්තාවන්ගේ දුර්වකලම් හෝ ලෙඩින් පෙළීම. 

වයඹ දිශාව - දිළිඳු බව, දියුණුව නැතිවීම, නිවසේ සතුට නොරැදීම, ස්ථානයට ගිනි අනතුරු හෝ කාලගුණික විපත් උදාවීම. 

ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතිරයේ - ධන හානි, ආයු හීන, දරුණු විපත් උදා කරයි. සාමූහිකව වැඩ නොකිරීම, වැඩ කටයුතු කඩාකප්පල් වීම. 

ඉහත දිශා චක්‍රයේ සුබම දිශාව, උතුර හා ඊසාන “ළිඳ” සඳහා තෝරා ගත යුතුය. නොයෙක් ගුරුකුල වන උගැන්වීම, අනුව තව දිශා යෝග්‍ය බවට නිර්දේශ කළත් වඩාත් නිවැරැව ස්ථාන වනුයේ උතුර හා ඊසානය. 

දිශාවන් සේම, පරිසර සාධක ද කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය. 

1. විශේෂ - වෘක්ෂ 

2. විශේෂ පැලෑටි 

3. හරිත ලක්ෂණ

4. ක්ෂේම ස්ථාන 

5.අත්භූත සංඥා 

වෘක්ෂ හා පැළෑටි - භූමියේ උතුර හා ඊසාන දිශාවන් පරීක්ෂා කරන්න. ජම්බු, ඉඳි, දොඹ, හොර, හබරල, නික, බක්මී, බුළු, කරඳ, වේවැල්, නික, ගොඩමානෙල්, ගොකටු, සුවඳ හොට (සැවැන්න) තිඹිරි, ඉද්ද, කෙකටිය, කූඩළු, පුවක්, කෙසෙල් ආදී නම් දිය උල්පත් ළඟම ඇත. 

බට, වැටකේ, දඩ, අත්තික්කා, කුඹුක්, නික, කොලොන්, කොබොලීල, දබර, රුක් අත්තන, බෙලි, කරඳ, මී මදටිය, තල්, පොල්, දිවුල් ගස් නම් ජලය ළඟට ඇත. 

මසන්, එරබඳු, කීකිරිඳිය, ඊතණ, හීරැස්ස, දැත්ත, රසතැල්ල, ශාක ඇති තැන, ජලය ඇත. 

රවුම් හැඩැති කොළ, තියෙන ගස්වල, අසල ජල උල්පත් ඇත. 

නිල්පාට, දිලිසෙන දළුකොළ, කුසතණ, වේ හුඹස් (තුඹස)  තදපාට දලුගස්, අධික ලෙස කිරි ඇති (දළුක්) ගස් අසල ද දිය ඇත. නිල් පාට, තණකොළ, ජලය සනාථ කරයි. 

තද රතු පස - දිය පහර ඇත. 

පණු පස් - (ගැඩවිල් සහිත) කටුවෙළගා (කළු පිල්ලිය), තොටිල්ල දිවුල්, කොට කිඹුලා, දිය ඇත. 

භූමියේ ඇති, ගස්වල, ස්වභාවයෙන්ම සිදුරු නැති - කොළවල අස්වාභාවික ලෙස, තැන් තැන්වල සිදුරු, සැදී ඇත්නම්, එම භූමියේ දිය, දහර, නැත.

අළුපාට පස් සහිත භූමි - දිය දහහර නැත  

ඇසල, කුඹුක්, මාරා, බෙලි, සල්, ඇත්දෙමට, කොස්, දිය ඇත. 

රළු ගස්, කටුපඳුරු, දිය උල්පත්, යටය. 

පැරණි ‘කූප’ ශාස්ත්‍රය තුළ, පොළොව යට දිය දහර ඇතිද යන්න, කුඩා ගැහැනු ළමයකු ඉඩමට කැන්දා කරන චාරිත්‍ර ධර්මයක් ද ඇත. වර්තමානයේ කූරු ගසා හෝ වෙනත් තාක්ෂණික ක්‍රම මගින් ජලය ඇති තැන් සොයා ගනියි.

මේ අනුව, ළිඳට සුදුසු දිශාව තැන තෝරාගත් පසු, අත්තිවාරමේ සිට ළිඳට දුර මෙසේ ය. 

සුබ ප්‍රමාණය - රියන් 07, 12, 15, 23, 24, 27, 40

මධ්‍යම ඵල - රියන් 01, 02, 03, 06, 08, 09, 10 

ළිඳට සුබ නැකැත් හැදීමේදී ඉතා කල්පනාකාරීව කළ යුතු අතර, කෝණ මාස මඟහැර සුබ රාශි පුරපක්ෂය අට ශුද්ධ වීම අනුව ගත යුතු ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.