වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ග්‍රහ අපලවලට පිළියම ප්‍රතිපත්ති ගරුක වීමයි
ජනවාරි 24, 2020
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස් දිවියට තදින්ම බලපාන එක නොරහසක් වන නිසා අද එබඳු ජනතා යොමුවීමක් පිළිබඳව පුදුම වන්නටද දෙයක් නැත.
ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින සෙනසුරු වසර දෙක හමාර බැගින් රාශි, දොළසේ ගමන් කර යළි නැවත එම ස්ථානයට යාමට වසර 30ක් ගතවනු ඇත. එහෙත් ඒ එක එක රාශියට වෙන් වෙන් වශයෙන් ප්‍රතිඵල දෙන සෙනසුරු පිළිබඳ වැඩි දෙනෙකු තුළ ඇත්තේ මහත් බියකි. ඒ අන් ග්‍රහයන්ට වඩා සෙනසුරු කෙනෙකුට ඒ වසර 30 ඇතුළත ඉතා අමිහිරි අත්දැකීම් උරුම කරදෙන ඒරාෂ්ඨක අපල කීපයක්ම ගෙනදෙන නිසා ය. සෙනසුරු 12, 01, 02 ස්ථානවල ගමන් කරන විට එක රාශියක වසර දෙක හමාර බැගින් වසර හත හමාරක ලග්න ඒරාෂ්ඨකයද සඳු කෙනෙකුගේ යම් තැනකද එම ස්ථානයට සෙනසුරු පැමිණීම ජන්ම ඒරාෂ්ඨකයද සෙනසුරු කේන්ද්‍රයේ අට වැන්නට පැමිණීම. සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය හා චන්ද්‍රයා සිටින ස්ථානයෙන් අටට පැමිණීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයද ලෙසින් මෙම ඒරාෂ්ඨක විවිධ වෙයි. වෙන කිසිදු ග්‍රහයකු ගෙන නොදෙන අන්දමේ අපලවිපත් සෙනසුරු ජීවිතයට ගෙන එන බව පවසන්නේ අන්න ඒ නිසා ය. කෙසේ නමුදු කෙනෙකුට කේන්ද්‍රයේ සෙනසුරු ලබා තිබෙන හොඳ නොහොඳ අනුව කෙනෙකුට සෙනසුරු යහපත් ග්‍රහයකු ලෙසද තවත් කෙනෙකුට අයහපත් ග්රහයෙකු ලෙසද හඳුන්වා දීමට පුළුවන. වසර දෙක හමාරක කාලයක් ධනු රාශියේ සිටි සෙනසුරු 2020 ජනවාරි 24 වන දින උදේ 09.49 ට මකර රාශි ගත වෙයි. එය පොදුවේ ගත් කල රටට ලෝකයට ජනතාවට සුබවාදී තත්ත්වයකට මූලාරම්භයක් බව කිව යුතු ය.
වසර දෙක හමාරකට එපිට තව වසර දෙක හමාරක් සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේ නිසා එම රාශියට සෙනසුරු නීචව පැවති කාලය එනම් මීට වසර 5 ක පමණ කාලයක සිට සෙනසුරු විසින් රටට ජාතියට පරිසරයට පැවති රජයන්ට ලෝකයට ගෙනදුන් විපත් කරදර පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව මිනිසුන් මිනිසුන් අතර අසමගිතා සොරකම, වංචාව එදිරිවාදිකම අයහපත් පරිසර විපර්යාසයන් රැසකට මුහුණ දුන්නේ අන්න ඒ නිසා යයි අපට සිතිය හැකි ය. කෙසේ නමුදු ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පසෙකලා 2020.01.24 දින සෙනසුරු සිය අධිපතිත්වය හිමි මකර රාශියට පැමිණීම බොහෝ සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීමට තරම් වනු ඇත.
කෙසේ නමුදු මෙම ග්රහමාරුව වන අවස්ථාවට පෙරාතුව අප වෙත එන ඉතා විශාල දුරකතන ඇමතුම් වලින් අසන පලාපල පිළිබඳව අපට සිතන්න හැකි වී ඇත්තේ අද රටේ මේ ග්‍රහ මාරු පිළිබඳ මිනිසුන් කොතෙක් උනන්දුවක් දක්වනවාද යන්නයි. කෙසේ නමුදු මෙම ග්රහමාරු ප්‍රතිපලවලට අනුව මෙම පාඨක හිතවතුන්ට පවසන්නට තිබෙන්නේ ග්රහයින්ගේ අපල උපද්‍රව අපගේ ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් අවම කරගත හැකි බවයි. ඕනෑම ග්‍රහයකු අපගේ චිත්ත සන්තානයට බලපෑම් කරමින් අප ව්‍යාකූල මානසිකත්වයට ගෙන යමින් අපව ලෙඩුන් මානසික දුර්වලයින් හා ඒ නිසාම විවිධ කරදර උවදුරුවලට පමුණුවන නමුදු ඒ තත්ත්වයට අප හසු නොවී සිටීමට හැකි බවයි. විවිධ ග්‍රහ අපල පවතින විට සාර්ථක ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයින්ට පවසන්නේ තම ආගමානුකූල ජීවිතයට වඩ වඩා නැඹුරුවිය යුතුය යන්නයි. ඔබ බෞද්ධ අයකු නම් බෝධිපූජා තබා ඒ ඒ ග්‍රහයාට අදාළ දෙවි දේවතාවුන් ඇදහීම කළයුතු බවද පවසයි. මේ කටයුතු තුළින් කෙනෙනකු තුළ ඇතිවන මානසික සුවය අධිෂ්ඨානය තුළින් විය හැකි අපල අවමවෙයි.
ඒ නිසා ඔබත් වඩ වඩාත් ග්‍රහ අපල අවම කර ගැනීමට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවන්න. එවිට ඔබට කිසිවිට බියවිය යුතු නැත. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ ශ්‍රී විෂ්ණු දෙවිඳු සඳහා පූජෝපහාර දක්වන්න. එවිට ඔබට යහපත උදාවේ.
෴ සබැඳි ලිපි ෴
ඉන්දියානු තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය දා අපූරු සොයා ගැනීමක් කර ඇත. ඒ පෘථිවියට අලෝක වර්ෂ 489 ක් ඈතින් පිහිටි අමුතුම ආකාරයේ සෞරග්‍රහ...
2024-12-19 18:30:00
ලෝකය වෙනස් කිරීමට උත්සාහ කරන මිනිසා තාක්ෂණයේ හිනිපෙත්තටම යන්න යන්නම පරිසරයෙන් ඔහු ඈත්වන බවක් පෙනෙන්ට තිබේ. ගහට කොළට සතා සීපාවාට පමණක් නොව ඉර, හඳ,...
2024-12-12 18:30:00
නවවැනි ග්‍රහයා පිළිබඳ කතාව යළිත් කරළියට පැමිණ ඇත. ඒ අලුත් මුහුණුවරකිනි. කලින් නවවැනි ග්‍රහයා ලෙස සැලකුවේ ප්ලූටෝය. එහෙත් එය කුරු ග්‍රහයකු ලෙස සලකා...
2024-12-05 18:30:00
සමහර ගැටලුවලට පිළිතුරු ලැබෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු ලෙසිනි. හේතු ඵලවාදී දහමක් පිළිගන්නා අපට එවැනි විසඳුම් ගැන වුව ද සිතන්නට වන්නේ...
2024-11-28 18:30:00
සිත තිබෙන්නේ කොහේ ද යන්න පිළිබඳ අදටත් අපට ඇත්තේ පැනයකි. එයට හොඳම උදාහරණය යම් තීරණයක් ගන්නා විට මොළයෙන් හා හදවතින් සිතන ආකාරය ගැන කියැවෙන පාඨයන්ය....
2024-11-21 18:30:00
සමහර රෝගවලට කොපමණ පිළියම් කළත් සුව නොවන විට කේන්දරයවත් බැලීම ඡ්‍යොතිෂය විශ්වාස කරන රටවල බහුතරයකගේ සිරිතයි. එහිදී ඡ්‍යොතිෂවේදීන් පැවසීමට උත්සාහ දරන...
2024-11-14 18:30:00
සමහර අයට ධනය ඇත. බලය නැත. සමහරුන්ට බලය ඇත. ධනය නැත. තවත් සමහරුන්ට ධනය බලය සමඟ දැසි දසුන් ගව මහීෂාදීන් ද ලැබේ. මේ සියල්ල ඒ ඒ පුද්ගලයාගේ කේන්දරයෙන් දැක...
2024-11-07 18:30:00
දුක් විඳීමෙන්ම දුක නැති කළ හැකිය යන අත්ථකිලමතානුයෝගය දේශනා කළ නිගණ්ඨනාථපුත්ත සිදුහත් තවුසාණන්ගේ ගුරුවරයකු වූ බව අපි අසා ඇත්තෙමු. ජෛන ධර්මයේ ආදි...
2024-10-31 18:30:00
අපේ ගෙදර අල්මාරිය පිස්සිගෙ පළා මල්ලටත් අන්තය. කන්තෝරු අඳීන රෙදි, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට මෙන්ම කෙට්ටු වුණාම අඳීන්න හිතාගෙන ඉන්න රෙදිපිළි, මහත් වුණාම...
2024-10-24 18:30:00
නෙලුම් කුලුනෙන් පැන දිවි නසාගත් සිසුවිය දෙස කුළුණින් බැලීම මානුෂීය සිතිවිල්ලකි. ඇයගේ කේන්දරය හෝ හස්ත රේඛා විශ්ලේෂණය කර කෙටි ආයුෂ ගෙනෙන යෝගයක් ඇති බව...
2024-10-17 18:30:00
අලුතෙන් සොයා ගන්නා දේ මේ ලොව ඇත්ද යන්න පිළිබඳ දැන් දැන් ඇති වන්නේ සැකයකි. වරක් ලෝක ප්‍රකට ඉන්දීය සිතාර් වාදක රවි ශංකර් පැවසුවේ සංගීතය පිළිබඳ තමන් සතු...
2024-10-10 18:30:00
තිරශ්චීන විද්‍යා අටක් පිළිබඳ බුදු දහමේ දැක්වේ. ඒ අතර වෙදකම ද එකකි. එහෙත් ත්‍රිපිටකයේ ම තැනින් තැනට වෛද්‍ය තොරතුරු රැසක් දැකගත හැකි ය. ඒ අතරින්...
2024-10-03 18:30:00
මේවර කෙළිය ලෙස අප හඳුන්වන්නේ සිංහල අවුරුදු සමයේ ගැටිස්සියන් විසින් කෙළින සම්ප්‍රදායික ජන ක්‍රීඩාවකි. මෙහිදී මේවරයා ලෙස පනාව හඳුන්වන බව එක් පිරිසක්...
2024-09-26 18:30:00
ජනමාධ්‍ය රටක හතරවැනි බල කණුව ලෙස පිළිගැනෙන්නේ බොහෝ කලක සිටය. රටක් ගොඩනැගීමටත් වැනසීමටත් ජනමාධ්‍යයේ ඇති බලය මේ වන විට මොනවට තහවුරු වී ඇති බව අමුතුවෙන්...
2024-09-19 18:30:00
සෞරග්‍රහ මණ්ඩලය ඇති වූයේ බෙනූ නම් ආකාශ වස්තුවක් නිසා බව ඊයේ පෙරේදා විද්‍යාඥයන් පිරිසක් සිය පර්යේෂණ වාර්තා නිකුත් කරමින් පවසා තිබේ. ජීවයේ සම්භවය...
2024-09-12 18:30:00
ඡ්‍යොතිෂය ඉන්දියානු වේද ග්රන්ථවලින් ප්‍රචලිත වූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඉන් බිඳී ගිය සහ බෙදී ගිය වෙනත් ක්‍රමවේද රැසක් මේ වන විට ලොව පුරා ප්...
2024-09-05 18:30:00