වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ග්‍රහ අපලවලට පිළියම ප්‍රතිපත්ති ගරුක වීමයි
ජනවාරි 24, 2020
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස් දිවියට තදින්ම බලපාන එක නොරහසක් වන නිසා අද එබඳු ජනතා යොමුවීමක් පිළිබඳව පුදුම වන්නටද දෙයක් නැත.
ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින සෙනසුරු වසර දෙක හමාර බැගින් රාශි, දොළසේ ගමන් කර යළි නැවත එම ස්ථානයට යාමට වසර 30ක් ගතවනු ඇත. එහෙත් ඒ එක එක රාශියට වෙන් වෙන් වශයෙන් ප්‍රතිඵල දෙන සෙනසුරු පිළිබඳ වැඩි දෙනෙකු තුළ ඇත්තේ මහත් බියකි. ඒ අන් ග්‍රහයන්ට වඩා සෙනසුරු කෙනෙකුට ඒ වසර 30 ඇතුළත ඉතා අමිහිරි අත්දැකීම් උරුම කරදෙන ඒරාෂ්ඨක අපල කීපයක්ම ගෙනදෙන නිසා ය. සෙනසුරු 12, 01, 02 ස්ථානවල ගමන් කරන විට එක රාශියක වසර දෙක හමාර බැගින් වසර හත හමාරක ලග්න ඒරාෂ්ඨකයද සඳු කෙනෙකුගේ යම් තැනකද එම ස්ථානයට සෙනසුරු පැමිණීම ජන්ම ඒරාෂ්ඨකයද සෙනසුරු කේන්ද්‍රයේ අට වැන්නට පැමිණීම. සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය හා චන්ද්‍රයා සිටින ස්ථානයෙන් අටට පැමිණීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයද ලෙසින් මෙම ඒරාෂ්ඨක විවිධ වෙයි. වෙන කිසිදු ග්‍රහයකු ගෙන නොදෙන අන්දමේ අපලවිපත් සෙනසුරු ජීවිතයට ගෙන එන බව පවසන්නේ අන්න ඒ නිසා ය. කෙසේ නමුදු කෙනෙකුට කේන්ද්‍රයේ සෙනසුරු ලබා තිබෙන හොඳ නොහොඳ අනුව කෙනෙකුට සෙනසුරු යහපත් ග්‍රහයකු ලෙසද තවත් කෙනෙකුට අයහපත් ග්රහයෙකු ලෙසද හඳුන්වා දීමට පුළුවන. වසර දෙක හමාරක කාලයක් ධනු රාශියේ සිටි සෙනසුරු 2020 ජනවාරි 24 වන දින උදේ 09.49 ට මකර රාශි ගත වෙයි. එය පොදුවේ ගත් කල රටට ලෝකයට ජනතාවට සුබවාදී තත්ත්වයකට මූලාරම්භයක් බව කිව යුතු ය.
වසර දෙක හමාරකට එපිට තව වසර දෙක හමාරක් සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේ නිසා එම රාශියට සෙනසුරු නීචව පැවති කාලය එනම් මීට වසර 5 ක පමණ කාලයක සිට සෙනසුරු විසින් රටට ජාතියට පරිසරයට පැවති රජයන්ට ලෝකයට ගෙනදුන් විපත් කරදර පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව මිනිසුන් මිනිසුන් අතර අසමගිතා සොරකම, වංචාව එදිරිවාදිකම අයහපත් පරිසර විපර්යාසයන් රැසකට මුහුණ දුන්නේ අන්න ඒ නිසා යයි අපට සිතිය හැකි ය. කෙසේ නමුදු ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පසෙකලා 2020.01.24 දින සෙනසුරු සිය අධිපතිත්වය හිමි මකර රාශියට පැමිණීම බොහෝ සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීමට තරම් වනු ඇත.
කෙසේ නමුදු මෙම ග්රහමාරුව වන අවස්ථාවට පෙරාතුව අප වෙත එන ඉතා විශාල දුරකතන ඇමතුම් වලින් අසන පලාපල පිළිබඳව අපට සිතන්න හැකි වී ඇත්තේ අද රටේ මේ ග්‍රහ මාරු පිළිබඳ මිනිසුන් කොතෙක් උනන්දුවක් දක්වනවාද යන්නයි. කෙසේ නමුදු මෙම ග්රහමාරු ප්‍රතිපලවලට අනුව මෙම පාඨක හිතවතුන්ට පවසන්නට තිබෙන්නේ ග්රහයින්ගේ අපල උපද්‍රව අපගේ ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් අවම කරගත හැකි බවයි. ඕනෑම ග්‍රහයකු අපගේ චිත්ත සන්තානයට බලපෑම් කරමින් අප ව්‍යාකූල මානසිකත්වයට ගෙන යමින් අපව ලෙඩුන් මානසික දුර්වලයින් හා ඒ නිසාම විවිධ කරදර උවදුරුවලට පමුණුවන නමුදු ඒ තත්ත්වයට අප හසු නොවී සිටීමට හැකි බවයි. විවිධ ග්‍රහ අපල පවතින විට සාර්ථක ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයින්ට පවසන්නේ තම ආගමානුකූල ජීවිතයට වඩ වඩා නැඹුරුවිය යුතුය යන්නයි. ඔබ බෞද්ධ අයකු නම් බෝධිපූජා තබා ඒ ඒ ග්‍රහයාට අදාළ දෙවි දේවතාවුන් ඇදහීම කළයුතු බවද පවසයි. මේ කටයුතු තුළින් කෙනෙනකු තුළ ඇතිවන මානසික සුවය අධිෂ්ඨානය තුළින් විය හැකි අපල අවමවෙයි.
ඒ නිසා ඔබත් වඩ වඩාත් ග්‍රහ අපල අවම කර ගැනීමට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවන්න. එවිට ඔබට කිසිවිට බියවිය යුතු නැත. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ ශ්‍රී විෂ්ණු දෙවිඳු සඳහා පූජෝපහාර දක්වන්න. එවිට ඔබට යහපත උදාවේ.
෴ සබැඳි ලිපි ෴
දිග, පළල සහ ගැඹුර පමණක් දැකිය හැකි ත්‍රිමාණ දෘෂ්ටියක් ඇති මිනිසුන් මුළු විශ්වයම දකින්නේ ඒ අයුරිනි. එනිසාම තිතක් හෙවත් ලක්ෂ්යයකට මානයක් නැති බව...
2024-08-22 18:30:00
සමහරුන්ට යමක් සිතන විටම ලැබේ. එවිට අප පවසන්නේ ඔවුන් වාසනාවන්තයන් කියාය. බලගතු කේන්දරයක් ඇති කියා ද සිතිය හැකිය. තවත් සමහරුන්ට දෙයක් ලැබීමට නම් ඉතා...
2024-08-15 18:30:00
විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැවූ සෙනසුරු කෙතරම් ප්‍රබල ද කියා ඒරාෂ්ටකයට මිනිසුන් බියවන තරමින්ම සිතාගත හැකිය. එහෙත් එවන් සෙනසුරුවත් මොහොතකට හෝ ගිලගත හැකි...
2024-08-08 18:30:00
උපතක් ලද මොහොතේ සිට සෑම ජීවියකුම මුහුණ දෙන්නේ අභියෝගවලටය. ඒ සැමෙකකටම ප්‍රධාන වන්නේ ජීවිතය රැක ගැනීමේ පදනම සකසා ගැනීමයි. මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා...
2024-08-01 18:30:00
උපතක් ලද මොහොතේ සිට සෑම ජීවියකුම මුහුණ දෙන්නේ අභියෝගවලටය. ඒ සැමෙකකටම ප්‍රධාන වන්නේ ජීවිතය රැක ගැනීමේ පදනම සකසා ගැනීමයි. මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා...
2024-08-01 18:30:00
අනියම් ලෙස හෝ නියම ලෙස හෝ රහසින් හෝ ඔබ පෙම් කර තිබෙනවාද? හෘද සාක්ෂියට එකඟව කිසිවකුට එය නැතැයි කිව නොහැකිය. ප්‍රේමය යනු හුදෙක් ගැහැනු පිරිමි අතර ඇති...
2024-07-25 18:30:00
අප ජීවිතයේ කිසියම් හෝ මොහොතක ගුප්ත විද්‍යා කටයුත්තකට පෙලඹෙන්නේ නම්, ඒ ඉරණම පිළිබඳ අවදානම් හැඟීමක් අප කෙරෙහි පහළ වී ඇති බවට දැනෙන හැඟීමක ප්‍රතිපලයකි....
2024-07-18 18:30:00
අපි සියල්ලෝ සැපට කැමැත්තෝ වෙමු. දුකට අකැමැති වෙමු. එනිසාම සැප ලැබෙන පිනටත් දුක ලැබෙන පවටත් බිය වන්නෙමු. එහෙත් ඇතැම් විට සැපක් සේ ලැබෙන දුක අපට හඳුනා...
2024-07-11 18:30:00
අතීතය අත්දැකීමක් කර ගන්නා අපි වර්තමානයේ එයින් ප්‍රයෝජන ගත්තත් නොගත්තත් අනාගතය පිළිබඳ බියෙන් පසු වන්නෙමු. එසේම අද නැති දේ හෙට ලැබෙතැයි මහත් වූ...
2024-07-04 18:30:00
මේ ලොව පැවැත්මට හේතු වන්නේ ස්ත්‍රී පුරුෂ බැඳීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිසුන් හෝ වේවා සතුන් හෝ වේවා ගස්වැල් හෝ වේවා බොහෝ ජීවීන්ගේ වර්ගයා බෝ වීම...
2024-06-27 18:30:00
අපල සහ විපත් පිළිබඳ බිය වන අප නිතර සැලකිලිමත් වනුයේ සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳවය. සෙනසුරු පිළිබඳ මවා ඇති රූප ස්වභාවය හා හැඳීන්වීම නිසාම මෙලොව දියුණුවට...
2024-06-20 18:30:00
අසුරයන් ගොන්නට අයත් වන අපට වඩා සුරයන් බලවත් යැයි නිරන්තර සිතන්නට අප පෙලඹී ඇත්තෙමු. ඒ සුරාසුර යුද්ධයෙන් අසුරයන් පැරදුණු බැවිනි. සුර ලොව සැප සම්පත් මතු...
2024-06-13 18:30:00
පැරැණියන් කාලය රන් සේ සමානයි කීවේ නිකම්ම නොවේ. අප අද වන විට එය අධික වටිනාකමකින් යුතු බවට අර්ථකථනය කරගත්තද ඔවුන් එය සාපේක්ෂව රන්වල අගය වෙනස්වන...
2024-06-06 18:30:00
මේ ලෝකයේ කාල තුනකි. අතීතය, වර්තමානය සහ අනාගතය යනුවෙනි ඒ. අතීතය සතුටුදායක නම් එය ආවර්ජනය කරමින් සතුටු වීමටත්, එය දුක්ඛදායක නම් අමතක කර දැමීමටත් අපේ...
2024-05-30 18:30:00
වෙසක් සිරින් ඇළලී යන මේ සතියේ අපේ සිත කය වචනය ඉතා හික්මීමෙන් යුතුව පවත්වා ගැනීමට අපි උනන්දු වෙමු. එසේම ශාස්තෘන්වහන්සේ දෙසූ බණ ඇසීමට රුචිය වඩාත් වඩවා...
2024-05-23 18:30:00
මිනිසාගේ බුද්ධි මහිමයේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස කෘත්‍රිම බුද්ධිය හැඳීන්විය හැකිය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කෘත්‍රිම බුද්ධිය මඟින් ඉගැන්වීම්...
2024-05-16 18:30:00