වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
උත්තරධ්‍රැවය සයිබීරියාවට
පෘථිවියේ උත්තර ධ්‍රැවය වේගයෙන් රුසියාවේ පිහිටි සයිබීරියාව දෙසට හැරෙමින් පවතින බව විද්‍යාඥයන්ගේ විස්මිත සොයා ගැනීමයි. මේ චුම්භක ක්ෂේත්‍රය වසර සිය ගණනක් පැවතියේ කැනේඩියානු ආක්ටික් කලාපය වෙත යොමු වීගෙනය. එහෙත් පෘථිවියේ බාහිර හරයේ විශාල චුම්භක තල ද්වය වන උතුරු අමෙරිකානු තලය සහ සයිබීරියාවට යටින් ඇති සයිබීරියානු තලයේ ඇති ද්‍රව යකඩවල සහ නිකල්වල චලනය මත මේ වෙනස වේගවත් වී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.
පෘථිවියේ චුම්භක ක්ෂේත්‍ර පාදක කොටගෙන ගමන් මාර්ගය සොයාගන්නා ගුවන් යානා, නෞකා මෙන්ම නූතනයේ භාවිත වන නිවැරැදි චුම්භක ක්ෂේත්‍ර ඇසුරින් ක්‍රියා කරන තාක්ෂණික මෙවලම් බොහොමයක නිරවද්‍යතාවයට මේ වෙනස බලපෑම් කරනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.
හරිතාගාර ආචරණය හෙවත් ගෝලීය උෂ්ණත්වය වැඩි වීම සීමා කරගත නොහැකි වනතාක් මේ තත්ත්වය දිගින් දිගටම පවතිනු ඇති බව දැනුමැත්තන්ගේ මතයයි. කෙසේ වෙතත් චුම්භක උතුර සහ පෘථිවියේ සැබෑ උතුර අතර ඇති වෙනස මේ වන විට තවත් ඈත් වෙමින් පැවතීම උතුරු දකුණු චින්තනයේ වෙනසකට මුල පුරනු ඇත. අප තාක්ෂණය පිළිබඳ පමණක් තකමින් කතා කළ ද මේ තත්ත්වය අහසේ පියාසර කරන කුරුල්ලන්ට තම ගමන් දිශාව සොයා ගැනීමේ සිට මුහුදේ පිහිනා යන තල්මසුන් වැනි චුම්භක ක්ෂේත්‍රවල ආධාරය පතන සත්ත්වයන්ට පවා මහත් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරන බව රහසක් නොවේ.
මිනිසා බොහෝ විට තමන්ට පමණක් සිදුවන අකරතැබ්බ සම්බන්ධව උනන්දුවක් දැක්වුව ද මිනිසුන්ට වඩා සොබාදහම හා එහි ක්‍රියාකාරකම් සමඟ නිරන්තර ගනුදෙනුවක යෙදෙන ගහකොළ සතා සීපාවාට මෙහි බලපෑම වේගවත්ව දැනෙනු ඇත.
එසේම වර්තමානයේ හෝමෝ සේපියන්ස් තත්ත්වයෙන් හෝමෝ ටෙක්නිකස් තත්ත්වයට පරිණාමය වෙමින් පවතින තාක්ෂණික මෙවලම් මතම තම ජීවන රටාව පවත්වාගෙන යන යොවුන් පරපුරට ද මේ චුම්භක ක්ෂේත්‍රවල වෙනස මහත් දැඩි බලපෑමක් ඇති කරනු ඇති බව නොකියාම බැරිය.
චුම්භක උතුර වෙනස් වීම මත ප්‍රබලත්වයෙන් වෙනස් උතුරු දිශාවන් කීපයක් ඇති වීම ඡ්‍යොතිෂය කෙරෙහිද ඇති කරනු ඇත්තේ මහත් බලපෑමකි. එයට හේතුව වාස්තු විද්‍යාත්මකව උතුරු දිශාව ගණනය කෙරෙන්නේ මේ චුම්භක උතුර මුල්කරගෙන වීමය. මාලිමාවක් භාවිතයෙන් ගොඩනැඟිල්ලක හෝ ඉඩමක උතුර සොයා ගන්නා විට එය කුමන උතුර ද යන්න හරියට සොයා නොගැනුණ හොත් වාස්තු විද්‍යාඥයන්ට උතුර දකුණ මාරු විය හැකි බැවිනි.
එසේම කිරි ඉතිරවීම්, නැකැත් ගැනීම් ආදියේදී භාවිත කරන උතුරු දිශාව සෙවීමට ඉදිරියේදී හොඳම ක්‍රමය වනුයේ අතීතයේ සිට පැවතෙන ඉර පායන නැඟෙනහිරට සාපේක්ෂව උතුර තීරණය කිරීමද නැතහොත් චුම්භක ක්ෂේත්‍රයෙන් දැක්වෙන උතුරු දිශාව සෙවීමද යන්න ඡ්‍යොතිෂවේදීන්ගේ අවධානයට ලක් කිරීම මැනවැයි අවධාරණය කළ යුතුව ඇත.
ඇතැම් විට යළිත් පැරැණි ක්‍රමවේදවලටම යමින් ඉර හඳ තාරකා මත විශ්වාසය තබා කටයුතු කිරීමට සිදුවන යුගයක් ඇති වීමට වුව මේ තත්ත්වය යටතේ කාලයක් එළැඹෙතැයි සිතීම ද සිහිනයක් නොවිය හැකිය.
මෙවැනි වෙනස්කම් කෙරෙහි සොබාදහමටම වරද පටවා මනසින් උසස් මිනිසාට අතපිසදාගත නොහැකිය. හේතුව ද්‍රව යකඩ සහ නිකල්වල චලනය ගැන උළුප්පා දැක්වුවද මිහිතලයට මිනිසා අතින් සිදුවන හානි නිසා ලෝකගෝලයේ චලන වේගය වෙනස් වී ඇති අතරම පෘථිවියේ හැඩය ද වෙනස් වී ඇති බව අමතක කළ නොහැකි බැවිනි.
සියලු දේ වෙනස්වන ලෝකයේ උතුර දකුණ පමණක් සදාකල් නොවෙනස්ව තිබේ යැයි පැවසිය හැක්කක් නොවේ. එහෙත් කැනඩාවෙන් සයිබීරියාවට උතුර මාරු වීම හුදෙක් දිය වූ යකඩවලින් ඇති වූ චුම්භක ක්ෂේත්‍රවල බලපෑමක් පමණක් යැයි අවතක්සේරුවෙන් සිතිය හැකි යුගයක් ඉදිරියේ නොඑළැඹෙනු ඇත. චුම්භක ක්ෂේත්‍රවල බලපෑම ඊශාන නිරිත දිශානුගතව අන්තරීක්ෂ ශක්තිය හෙවත් කොස්මික් එනර්ජිය මෙන්ම අර්ත් එනර්ජිය වන භූ ශක්තිය පුද්ගලයන් හා ද්‍රව්‍ය මත ක්‍රියාකරන ආකාරය පැහැදිලිව පවසා ඇත්තකි. ඒ අනුව ආර්ථිකය, සමෘද්ධිමත්බව, ආධ්‍යාත්මික ශක්තිය ආදී බොහෝ දේ මිනිසා තුළ වගා කෙරෙන අතර ශක්ති ශරීරය බලවත් කිරීමට එය බලපාන බව වාස්තු විද්‍යාත්මක පිළිගැනීමයි. එය එසේ නම් මහද්වීපික වශයෙන් මේ චුම්භක ක්ෂේත්‍රවල දිශාව වෙනස් වීම සොබා දහම මඟින් පෙන්වා දෙන්නේ මෙතෙක් බලවත් වූ ශක්ති ශරීර හා බැඳුණු ආඪ්‍යත්වයේ විස්ථාපනයක්ද යන්න ඡ්‍යොතිෂවේදීන් විසින් පුරෝකථනය කළ යුතු කාලය එළැඹ ඇත. එවැනි අනාගත වාක්‍ය කිව හැකි තත්ත්වයට ඡ්‍යොතිෂයේ සිද්ධාන්ත පැවතියා වුවත් ඒවා නිවැරැදිව භාවිත කරන පුද්ගලයන් නිර්භයව එහි අගය හා ගණිතමය හැකියාව ලොවට වටහා දෙන තුරු මේ විෂයය කෙබඳුදැයි සාමාන්‍ය ජනයා වටහා නොගන්නා බැවිනි. අතීතයේ ඍෂිවරුන් ලෙස පිළිගැනුණේ එවන් හැකියාවක් ඇති පුද්ගලයන් අනාගතය පිළිබඳ පැවසූ අනාවැකි සහ සොබාදහමේ වෙනස්කම් අනුව පළකළ සිද්ධාන්ත නිසාය.