ඔක්තෝ්බර් 11 සිට 17 දක්වා සතිය ඔබේ ලග්නයට...

ඔක්තෝබර් 11, 2024

මේෂ

පවුල් අවුල් විසඳේ

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ඔබේ ලග්නයට අනුව 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු කාලයකි. අවිවේකී ලෙස සතිය ගෙවී යයි. විදෙස් ගමනක් පිළිබඳ සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. පවුල් ජීවිතයේ ගැටලු කීපයක් විසඳී යන බවක් පෙනේ. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කිරීම සුබයි.

රැකියාව

අමතර වාසි සැලසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දෙවරක් සිතා බලන්න. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්ය.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් දැරීමට සිදුවෙයි. අධ්‍යාපන කටයුතු හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවෙයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිවිය හැකි කාලයකි.

සෞඛ්‍යය

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. ගර්භාෂගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. සෙම් රෝග මතුවිය හැකිය. පරම්පරාගත රෝගයක්ඉස්මතු විය හැකි කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

වෘෂභ

මිහිරි ආහාරපාන ලැබේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් සකස් කර ගන්නා කාලයකි. හවුලේ කරන කටයුත්තක් සාර්ථක කරයි. ප්‍රේම සබඳතාවයක් සාර්ථක වන බවක් පෙනේ. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. මිහිරි ආහාර පාන හිමිවන කාලයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වීම යහපත්ය.

රැකියාව

අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. නිතර අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩ කීපයක් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණපෑමට සිදුවන සතියකි.

අය 07 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - රතු

සුබ දවස - සිකුරාදා

 

 

මිථුන

ආගම දහමට ළැදිවෙයි

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

ආගම දහමට ළැදිව කටයුතු කරන කාලයකි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. විවාහ සහකරු සහකාරිය අතර ඇතිව තිබූ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. මෙතෙක් නොසන්සුන්කාරී ලෙස කරගෙන ගිය කටයුතු කීපයක් නිරවුල් කරගැනීමට හැකිවෙයි.

රැකියාව

තාක්ෂණික අංශයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට මෙන්ම ආහාර පාන, බේත් හේත් කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් ව්‍යාපාරයකට අත ගසන කාලයකි.

අධ්‍යාපනය

නව දැනුම සොයා යන මාර්ගවලට වෙහෙසෙන කාලයකි. ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුත්තකට අත ගසයි. සාහිත්‍ය හා කලා අංශයෙන් විවිධ සම්මාන සහතික හිමි කරයි. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර හට ගන්නා උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. ඖෂධ ගැනීමේ දී කල්පනාකාරී වන්න.

අය 05 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

කටක

ගිවිසුමක් සාර්ථකයි

ඉවසිලිවන්තව කටයුතු කළයුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගේ දොර කටයුතු කෙරෙහි වෙනස්කම් කීපයක් සිදුකරන සතියකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති කරයි. සහෝදරාදීන් සමඟ එකමුතුව කටයුතු සිදු කරන කාලයකි.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයකට අත ගැසීමට අවස්ථාව සැලසේ. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම උසස් අධ්‍යාපනයකටද වාසනාව උදා කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලට නැඹුරුවන කාලයක් වන අතර, ආගමික පොත්පත් කියවීමද උනන්දුවක් දක්වයි. සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි.

සෞඛ්‍යය

ලේ දෝෂ, තුනටියේ අමාරු වැනි සුළු සුළු ආබාධ මතුවිය හැකි කාලයකි. එමෙන්ම හදිසි වැටීම්, තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයන්ටද භාජනය වීමට ඉඩ ඇත. ආයුර්වේද ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

 

අය 08 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

සිංහ

ගැටලු නිරාකරණයවේ

අලුත් අදහස් ක්‍රියාවට නැංවීමට හැකි කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

සහෝදර මතභේදයක් මඟහැරී යන කාලයකි. ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. විවාහය සම්බන්ධ පැවැති ගැටලුකාරී බවකින් නිදහස් වීමට කටයුතු සැලසේ. අසරණ අයකුට පිහිටවීමට කටයුතු උදා කරයි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවෙයි

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අසහනකාරී බවක් ඇති කරයි. තනතුරු, වෙනසක් හෝ ස්ථාන වෙනසකට හිමිකම් ඇති බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකමි ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපනික කටයුතු කරගෙන යන බවක් පෙන්වයි. ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනයට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

කොන්ද ආශි‍්‍රත හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ. වෙනදාට වඩා රැධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කොළ සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

ව්‍යාපාරවලින් ලාභ

ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දුර ඥාතියකු තමා සොයා එන බවක් පෙනේ. වගකීම් බහුල සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු පීඩාකාරී ලෙස කරගෙන යන බවක් පෙනේ. එහෙත් අමතර වාසි සැලසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. ව්‍යාපාර කටයුතු, ස්වයං රැකියා කටයුතුවලින් අතමිට සරු කරයි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය වැඩිදියුණුවන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. ගණිත අංශයෙන් හෝ තාක්ෂණික අංශයෙන් ඉදිරි අධ්‍යාපන කටයුතුවල නියැළීම යහපත් වේ. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදු වේ.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සුළු සුළු කැපීම් සීරීම් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසියේ හට ගන්නා උගුරාහි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

තුලා

වැඩිහිටියන්ගෙන් උපකාර

පවුලේ අය අතර කැපී පෙනෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. ඉඩකඩම් දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන අතර ආගමික කටයුත්තක් උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක්ද පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවන සතියකි.

රැකියාව

උත්සාහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය, ධාරණ ශක්තිය ඇති කරන කාලයකි. ගුප්ත ශාස්ත්‍රය කෙරෙහි යොමුවිය හැකි බවක්ද පෙනේ. අලුත් දේ ඉගෙනීමට මෙන්ම විදෙස් අධ්‍යාපනයකටද සැලසුමක් ඇති කර ගනී. තරඟකාරී කටයුත්තකින් ජය හිමි කරයි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වන්න. ගර්භාෂගත ආබාධ, හිසේ ආබාධ ඇතිවිය හැකි කාලයකි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු විය හැකි බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ගැන සැකිලිමත් වන්න.

 

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

වෘශ්චික

දුර ගමන් බහුලවේ

හදිසි තීරණ ගැනීමෙන් අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා දුර ගමන් බහුල කාලයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. එමෙන්ම අණ දෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට පැවැති බාධාකාරී බව මඟහැරී යයි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගනී. නිතර පොත පත කියවීමට සිත යොමු කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පාදයේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. වරින් වර විවිධ සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදු වේ.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

ධනු

විශ්වාසවන්ත ඇසුරක්

 

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

අඹුසැමි සුහදතාවයෙන් යුතුව කටයුතු කීපයක් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි යොමුවන කාලයකි. සමීප කෙනකුගේ දුරස් වීමක් සිදුවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. අලුත් ව්‍යාපාර කටයුත්තකින් වාසි කීපයක් සැලසේ. එහෙත් තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ස්වයං රැකියාවලින් අතමිට සරු කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදු වන කාලයක් බැවින් අවධානයෙන් පසු වන්න.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. ධාරණ ශක්තිය බලවත් බැවින් හොඳ මතක ශක්තියක් ඇතිවේ. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු බොහෝදුරට සාර්ථක වේ. විවිධ වැඩසටහන්වල දී නායකත්වයක් දැරීමට සිදුවේ.

සෞඛ්‍යය

සෙම් රෝග, නිධන්ගත රෝග තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් මෙන්ම ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. වරින් වර ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදු වේ.

 

අය 05 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මකර

 

සහෝදර බැඳීම් වැඩිවේ

අමතර වියදම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

දරුවකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කරයි. සහෝදරාදීන්ට ළැදි කාලයකි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන බවක් පෙනේ. වාහන ගනුදෙනුවකට වෙහෙසන කාල සීමාවකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු කාලයකි. කලා ක්ෂේත්‍රය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන කටයුතු කරන කාලයකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට පි‍්‍රයතාවයක් දක්වයි. පොතට පතට ළැදි බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරයි. තරග විභාගයක් සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. අලුත් පොත් පත් මිලදී ගැනීමකට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම කොන්ද ආශි‍්‍රත ඇතිවන වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. ව්‍යායාම් කටයුතුවල යෙදීම යහපත්ය. ආහාර විෂ වීමක් හේතුවෙන් චර්මගත ආබාධයක් ඇති කරයි.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි සුබ දවස - සිකුරාදා

 

කුම්භ

 

ණයකින් නිදහස්

 

 

ගතට සිතට සතුට සැනසීම උදාකරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

වගකීම් බහුල කාලයකි. වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදු කරයි. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට කටයුතු උදා කරයි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. එහෙත් රැකියාවේ වගකීම් හරිහැටි ඉටුකරන කාලයකි. සුළු සුළු ස්වයං රැකියා කටයුතුවලින් අතමිට සරු කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි. තරගකාරී කටයුතු කීපයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. සාහිත්‍ය කටයුතුවලට නැඹුරුතාවයක් දක්වයි.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පිඩාගෙන දෙන සතියකි. වෙනදාට කෑම බීම ගැනීමේ දී පරිස්සම් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන බවක් පෙනේ. හදිසියේ ඇති වන රුධිර පීඩන තත්ත්වයක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.

 

 

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි සුබ දවස - ඉරිදා

 

මීන

 

ප්‍රභූ ඇසුරට ඉඩ

 

 

ආගමික භක්තියෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහජීවිතය

වරින් වර යොදාගත් තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ කෙනකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරයි. අවිවාහකයන්ට සුබදායකයි. ප්‍රනීත ආහාරපාන කෑමට හිමිවන සතියකි.

රැකියාව

රැකියාවේ අවිවේකී බව හේතුවෙන් රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවිය හැකියි. එමෙන්ම රැකියාවේ තනතුරු වෙනසක් ද සිදු වීමට ඉඩ ඇත. සේවා ස්ථානයේ සමීපතයකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී. ස්වයං රැකියා කටයුතුවල නිරතවන කාලයකි.

අධ්‍යාපනය

දැඩි තීරණ නිසා අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධා එල්ලවිය හැකියි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිතර ඇවිදිලි ඇති කරන අතර වෙහෙස මහන්සිවීමටද සිදුවේ. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

 

සෞඛ්‍යය

පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. ආහාරපාන ගැනීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී වන්න.

 

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.