ශරීරයේ ප්‍රාණවත් බවක් ඇතිකරන ස්නායු උත්තේජනය කරන තේ කෝපි පානය

අප්‍රේල් 22, 2022

දවස පටන් ගැනීමේ දී මෙන්ම දවල්ටත් රෑටත් අමතර වේලාවන්හිදීත් කාන්සිය මහන්සිය සංසිඳුවා ගැනීම සඳහා පානය කරන තේ, කෝපි ඖෂධීය වශයෙන් ද ඉතා ගුණාත්මක පානයකි. තේවල අඩංගු මැනික් ඇසිඩ් ශරීරයේ පවතින විෂබීජ මර්දනය කරන අතර බඩගින්න ද අවම කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කොට රෝගාබාධ නසාලන ශක්තියක් ද තේවල ඇත.

කම්මැලිකම, නිදිමත දුරලා ශක්තියක් ඇති කරලයි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද ඉහළ තත්ත්වයක පවතින තේ මඟින් කොලෙස්ටරෝල් ද අඩු කරයි. රුධිර නාළවල අවහිරතා වළක්වන අතර හෘදරෝගීන්ට ද ගුණවේ. තේ පානය කිරීමෙන් දත් ශක්තිමත්වන අතර දත් දිරායාම ද වළක්වාලයි. අංශභාග රෝගය වැලඳීමේ තත්ත්වය අවම කරනු ලබන අතර සිරුරට රෝග නිවාරණ ශක්තිය ද ඇති කරලයි. මොළයේ ස්නායු සෛලවලට සිදුවන බලපෑම් වගේම මතක ශක්තිය ඇති කරලීම ද වේ. තේ බීමෙන් සිරුර ප්‍රාණවත්ව උත්තේජන ගුණය ඇති කරලයි. ඒ තේ වල ඇති කැෆේන්වල ඇති ගුණය හේතුවෙනි.

තේ පානය කිරීමෙන් සිරුරට ඇතිවන ගුණය කොපමණ වුවත් අහිතකර තත්ත්වයන් ද පවතී. ආමාශගතව තුවාල ඇත්නම් තේ කහට බීම සුදුසු නැත. අධික ලෙස තේ බීම නිසා බඩගින්න අවමවන අතර ආමාශගත තුවාල ද සිදුවිය හැකිය. මුත්‍ර කාරක ඖෂධයක් වශයෙන් ද ගැනෙන තේ ශරීරගත මේදය අඩුකර තරබාරුගතිය ද අඩු කරයි. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණුවිට තේවලට ඉඟුරු ස්වල්පයක් මිශ්‍රකරදීමෙන් මනා සුවයක් ලබාගත හැකිය. තවද තේ කහට වැඩිකර එහි රසය වැඩිකර ගැනීම සඳහා සීනි අධිකව දමා බීමෙන් දියවැඩියා රෝගියකු වීමේ තත්ත්වයට පත්වේ. අධිරුධිර පීඩනය නිසා ඇතිවන හිසරදයට මෙන්ම මලබද්ධයට ද තේ බීමෙන් යම් සුවයක් ලබාගත හැකිය. සෙම් පිත් නසන තේවල වාතය කෝපකරන ගතියක් පවතී. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු තේපානය කිරීමෙන් අහිතකර කොලෙස්ටරෝල් අවමවන බව පර්යේෂණ මඟින් සනාථ කරගෙන ඇත.

හෘද රෝගීන්ට ද හිතකර පානයක් වන තේ පානය අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවක් ද පවතී. කාන්සිය හා මහන්සිය මග හරවාලන තේ එක සිරුරට මනා ශක්තියක් ද ගෙන දේ. පිළිකා ශෛල මර්දනය කිරීමේ ශක්තියක් ද තේවලට ඇත. දිනකට එතරම් සීනි මිශ්‍ර නොකොට තේ කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් අංශභාගය වැලඳීමේ තත්ත්වය ද අවම කරයි. මතක ශක්තිය වැඩිදියුණු කරනු ලබන අතර ශරීරගත මේදය ද අඩු කරයි. තේ පානය කිරීමෙන් ඇස්වල පීඩාගතිය දුරලන අතර ධෛර්යමත් බවක් ඇති කෙරේ. තේ කොළවලට කියන නම් කීපයක්ම ඇත. උෂ්ණ, පත්‍රිකා, චව්කා, වාහ ඒ අතර වේ. තේවල කැපේන් ටැනික් ඇසිට්ද පවතී. විටමින් බී, සී.කේ ද අඩංගුවන අතර විශේෂයෙන් විටමින් ඊ ද අන්තර්ගතය. තේවලට සංස්කෘතික භාෂාවෙන් වාහ කියා ද සිංහල භාෂාවෙන් තේකියා ද දෙමළෙන් තේථල කියා ද කියනු ලබන අතර ඉංගී‍්‍රසියෙන් කියනු ලබන්නේ ටී කියා ය. සෙම හා කාසය ඇති කිරීමට සමත් තේ මුත්‍රාකාරක ඖෂධයකි. තේවල පවතින එල්තියනියන් නම් ඇමයිනෝ අම්ලය මොළය ආශි‍්‍රත ස්නායු උත්තේජනයවීමෙන් කාර්යක්ෂමතාවය ඇතිවේ. තේ බීමෙන් සිරුරට යම්කිසි ප්‍රාණවත් බවක් ඇති වන්නේ එතුළිනි.

තේවල අඩංගු ග්ලොමරයිඩ් නම් රසායනය නිසා අස්ථි ශක්තිමත් වේ. දිරාපත් නොවේ. එය ඔස්ටියෝපොරෝසීස් රෝගයට ද ගුණවේ. තේවල උපත සිදුව ඇත්තේ චීනයේ බව ද සැලකේ. චීනයේ ටැන්ග් රජ සමයේ දී තේ එරට ජාතික පානයක් බවට පත්ව තිබේ. එකල එරට තේ හඳුන්වා ඇත්තේ චායන නමිනි. පසුකලෙක තේවලට කියූ එම නම වෙනස් වී ත්චායි ටේසි යන නමින් භාවිත කර ඇත. මේ අතර ලංකාවට හා ඉන්දියාවට තේ හඳුන්වා දී ඇත්තේ ඉංගී‍්‍රසීන් බව සඳහන්.

තේ පානය කිරීමත් සමඟ සමාජය තුළ බෙහෙවින් පැතිර ගිය බ්ලැක් ටී ලෙස හඳුන්වනු ලැබූ කළු පැහැති තේ විද්‍යානුකූලව කරන ලද පර්යේෂණ අනුව හරිත තේ ගී‍්‍රන් ටී විශේෂ ඖෂධීය ගුණයෙන් යුත් පානයක් බවට සොයා ගන්නා ලදී. හරිත තේ රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමට දත් දිරායාම වැළැක්වීමට මුඛය දුගඳ වැළැක්වීමට පිළිකා පැතිරීම අවම කිරීමට බැක්ටීරියා විනාශ කිරීමට රුධිරවාහිනී බිත්ති ශක්තිමත් කිරීම ආදී රෝග රැසකටම ගුණදායක බව සොයාගෙන ඇත.

සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැපේන් මිලිග්‍රෑම් සියයේ සිට එකසිය පනහ දක්වා ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. කෙසේ වෙතත් කෝපි බීමට ඇබ්බැහි වූ විට එක්කෝපයක් දෙක තුනක් වුවත් බීමට දිරිමත් වේ. කෝපි බොන්නන් ප්‍රධාන ආහාරවේල් ගත්පසු කෝපි බීමට පුරුදුව සිටිති. එසේ කෝපි බීමට පුරුදුව සිටීම එතරම් ගුණ නොවේ. සමහරවිට දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම ඉහළ යෑමට ද වැඩි කෝපි පානය ඉවහල් වේ. කෝපිවල අන්තර්ගත කැපේන් නිසා හෘදස්පන්දනය වේගවත් වන අතර රුධිර පීඩනය ද ඉහළ යාමේ තත්ත්වයක් පවතී. රුධිර කොලෙස්ටරෝල් මට්ටම ද ඉහළ යා හැකියි. ඖෂධවල ගුණාත්මක භාවය ද කෝපි පානය නිසා අවම වේ. ළමයින්ට ද කෝපි පානයට දීම එතරම් සුදුසු නොවේ. සමහර වෛද්‍ය මතය වී ඇත්තේ අවුරුදු හැට ඉක්ම වූ කතුන් කෝපි පානය කිරීමෙන් ඔස්ටියෝපොරොසිස් රෝගය අස්ථි දුබලවීමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවන බවයි.

 

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.