වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
තුන්දොස් නසන ලේ වඩන පිට සුදු සාරණ
අප අවට පරිසරයේ දක්නට ලැබෙන ගස්,වැල් අතුරින් බොහොමයක් ඖෂධ සඳහා ගනු ලබන ශාක වර්ගයි. එයිනුත් බොහෝ ප්‍රමාණයක් ආහාර සඳහාත් ගනු ලබනවා.ඒ ආකාරයට ඖෂධ සඳහාත් ආහාර පිණිසත් ගනු ලබන පැළෑටියක් විදියට සාරණ හඳුන්වන්න පුළුවන්. සාරණවල ප්‍රභේද කිහිපයක් තිබුණත් ඖෂධ සඳහාත් ,ආහාර සඳහාත් වඩාත් ගුණදායක වන්නේ පිට සුදු සාරණයි.
පිට සුදු සාරණ ,පිට සුදු පලා සහ බෙහෙත් සාරණ ආදී නම්වලින් මෙය හඳුන්වනු ලබනවා. වා,පිත්,සෙම් යන තුන්දොස් සමනය කරන අතර ම ශරීරයේ ලේ අඩු කමත් නසනු ලබනවා. මෙම පිට සුදු සාරණ ලෙස හඳුන්වන බෙහෙත් සාරණවල එක් එක් වර්ගයක් ලා කොළ පාට කඳකින් යුතු අතර අනෙක් වර්ගය රතු පාට කඳකින් යුතුයි.රතු පාට කඳක් සහිත පැළෑටියේ රෝස පැහැති මලක් හට ගන්නා අතර කොළ පාට කඳක් සහිත පැළෑටියේ සුදු පාට මලක් හට ගනු ලබනවා.
මේ අතුරින් සුදු පැහැති මලක් සහිත වර්ගය පිට සුදු සාරණ හෙවත් පිට සුදු පලා නම් වෙනවා.මෙම පැළෑටියේ උද්භිද විද්‍යාත්මක නාමය ඕධඥපඩචමඪච ඤඪටටභඵච නම් වෙනවා. එසේ ම කුලය ව්කඛ්ඊඒට්ධ්ව්ඒඛ්ඡ්ඒඡ් හෙවත් පුනර්නවා කුලය නම් වෙනවා.සංස්කෘත බසින් පුනර්නවා ,වර්ෂා භූ ශ්වේත පුනර්නවා,ශ්වේත මූලා ශෝථග්නී වැනි නම් රාශියක් වන අතර දෙමළ බසින් මුක්කීරක්තෛ සහ කඩීයිරත්තම් යන නම් යෙදෙනවා.හින්දි බසින් ගදහපුරනා නමින් ද,වංග බසින් ගදාපුණ්‍යා නමින් ද හඳුන්වනවා.ඉංග්‍රීසි බසින් ඉනපඥඤඪදඨඩධඨඹඥඥඤ නම් වෙනවා.
මෙම පැළෑටිය ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ සෑම තැනම දකින්නට පුළුවන්. මෙම පැළෑටිය පොළොවට සමාන්තර ව පැතිරෙමින් වැවෙන බොහෝ අතු බෙදුනු වැලක් බදු පැළෑටියක්.මෙහි පැතිරුණු මුල් පද්ධතියක් ද වෙනවා.සමහර අතු ඉහළට යන ආකාරයක් දකින්නට පුළුවන්.සෑම ගැටයකම පත්‍ර දෙකක් තිබෙන අතර එකක් අනිත් පත්‍රයට වඩා කුඩයි.පත්‍ර හෘදයාකාරයි.පත්‍ර යටි පැත්ත සුදු පාටයි.උඩ පැත්ත කොළ පාටයි.මල් කුඩායි.ගෙඩියේ උස් වූ නාරටි 5 ක් තිබෙනවා.
මෙය ඖෂධීය වශයෙන් සම්පූර්ණ පැළෑටිය ම සහ මුල් ප්‍රයෝජනයට ගනු ලබනවා. ආහාර වශයෙන් කවලම් මැල්ලුමක්, රසවත් ඇඹුලක්,ව්‍යංජනයක් ආදී ලෙස සකස් කර ගනු ලබනවා.පරිප්පු සමඟ මිශ්‍ර කර සකස් කර ගත් විට ඉතා රසවත් ආහාරයක්. මෙම පැළෑටියේ පුනර්නවයින් (ර්‍ථභදචපදචමඪදඥ) නම් රසායනික උපාදානය බහුල ව තිබෙන අතර එය මුත්‍ර කරන සහ මෘදු විරේචක ගුණ යුතුයි.
මෙම රසයෙන් මධුර ,තික්ත හා කෂාය රසයි. ගුණයෙන් ලඝු හා රූක්ෂ ගුණයි. වීර්යයෙන් උෂ්ණයි. විපාකයෙන් මධුරයි. ඒ වාගේ ම මෙම පිට සුදු සාරණ තුන්දොස් නසන ගුණ යුතුයි. ඒ වාගේ ම ඉදිමුම් නසන ගුණය ද මෙහි අඩංගුයි. ලේ වඩන ගුණය මෙහි විශේෂයෙන් ම පවතින අතර හදවතේ ක්‍රියා ද දියුණු කරනු ලබනවා.එසේ ම සෙම නසන ගුණය ද මෙහි ඇති අතර මුත්‍ර ඇති කරන සහ දහඩිය ඇති කරන ගුණ යුතුයි. ඒ ඒ වාගේ ම කුෂ්ට නසන ගුණය ද, උණ නසන ගුණය ද, විෂ නසන ගුණය ද මෙහි ඇති අතර රසායන ගුණය ද පවතියි.
මෙනිසා මුත්‍රා අඩස්සිය, මුත්‍රා ගල්, උණ, ඉදිමුම්, ඇස් රෝග, කුෂ්ට, නින්ද නොයාම, මී විෂ, සෙංගමාලය, බඩේ අමාරු, පාණ්ඩුව, අක්මාවේ රෝග, අර්ශස්, අතීසාරය, පණු රෝග ආදී රෝග රැසකට ගුණ ගෙන දෙන ඖෂධීය ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඇස් පෙනීම වැඩි කරලීම සඳහා සාරණ කොළ, එළඟිතෙලින් බැද කෑමට සුදුසු බව සාරංගධර සංහිතව නම් පුරාණ ආයුර්වේද ග්‍රන්ථයේ දක්වා තිබෙනවා.එසේ ම සියලු ම උණ රෝග සඳහා පිට සුදු සාරණ කිරි කෂාය සුදුසු යැයි දක්වා තිබෙනවා.
ඉදිමුම් සඳහා රසකිඳ සාරණ මුල් කෂාය හොඳයි
ආම වාතයට සාරණ කෂාය,ඉඟුරු සහ හිඟුරුපියලි කුඩු සමඟ දීම හොඳයි. මුත්‍රා ගල් සඳහා සාරණ කෂාය බීම හොඳයි. එසේ ම ඉදිමුම්, උදර රෝග, ගුල්ම පාණ්ඩු, උණ ආදී රෝග රැසකට ගුණ දෙන ප්‍රකට කෂායක් ලෙස සාරණ අඩංගු පුනර්නවා අෂ්ඨක කෂාය හඳුන්වන්න පුළුවන්.
එසේ ම සාරණ අඩංගු සංස්කාරික ඖෂධ වන පුනර්නවාසවය,පුනර්නවාරිෂ්ඨය,පුනර්නවා මණ්ඩූරය පුනර්නවා ඍනය ආදී ඖෂධ රාශියක් ඇති අතර ඒවා පාණ්ඩු, ඉදිමුම්, ගුල්ම, වාත රෝග, උදර රෝග, උණ ඇතුළු රෝග රාශියක් සඳහා යෙදෙන විශිෂ්ටතම ඖෂධ වේ. මේ ආදි වශයෙන් රෝගා බාධ රැසකට ගුණ ගෙන දෙන අගනා ඔසුවක් වන මෙම
පිටසුදු සාරණවල විටමින් ඒ ද බහුල ව ඇති අතර ලේ වල හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නැංවීමට ද හැකියාවක් පවතිනවා.ඒ වාගේ ම ශරීරය තුළ කාටිලේජ වර්ධනය කිරීමේ හැකියාව ද පවතින මෙම පිටසුදු සාරණ එක් රෝගයක් සඳහා ප්‍රතිකාර ලෙස යෙදීමේ දී තවත් රෝග රැසක් සුව කළ හැකි අගනා ඔසුවකි.
මෙනිසා මෙවන් ඉතා විශිෂ්ට ගුණ දෙන මෙම පිටසුදු සාරණ නිරන්තරයෙන් ආහාරයට එක් කර ගන්නේ නම් රෝගා බාධ රැසකින් සහනය ලබා නීරෝගි බව වැඩි දියුණු කර ගත හැකිය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන