රක්තහීනතාවය දුරුකරන දේශීය කැඳ වර්ග

ඔක්තෝබර් 8, 2021

ආයූර්වේදයේ රක්තහීනතාව කියන්නේ රුධිරයේ රතුවන් රක්තානු හෙවත් හිමොග්ලොබින් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීමයි. රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් නිතර නිතර රෝග පිඩාවලට ගොදුරු වීම සමාන්‍ය ස්වභාවයයි. රක්ත ශ්‍රාව සහිත රෝග, තත්ත්වයන් නිසා සිරුරෙන් රුධිරය අධිකව වහනය වෙන්න පුළුවන්.පණු රෝග, පෝෂණ ඌනතා ද මේ නිසා හට ගනී. ඒ නිසාම තැලසීමියා, ලියුකේමියා වැනි සාංඝාතික රෝග ද හටගනී.

 

එසේම දීර්ඝ කාලීන ආහාර අරුචිය, මැලේරියා හා ඩෙංගු වැනි විෂම රෝගවලටත් භාජනය වෙන්නත් පුළුවන්.රක්තහීනතාවය නිසා රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවෙයි. ශරීරය සුදුමැළිවීම, මුහුණ අතපය පිපුණාක් වගේ තිබීම, නිතර වෙහෙස බව දැනීම, ඇස් යට, තොල්වල, මුඛය ඇතුළේ පඬු පැහැය තිබීම, අධික නිදිමත දැනීම, හාල්, මැටි, පස් ,ලුණු ඇඹුල් වලට වැඩි රුචි බවක් දැමීම, කරවල කෑමට ආශා ඇතිවීම, රාත්‍රියට දීර්ඝ ලෙස අස්ථි වේදනාව දැමීම, අතුල් පතුල් ඉදිමීම ,ක්ලාන්තය, හතිය, රෝග රක්තහීනතාවය නිසා හටගනී. අලුත්ම කරදිය හා මිරිදිය මාළු, එළකිරි වැනි ලෝහ පදාර්ථ, පළා වර්ග, හිඟුරල, බතල, නෙලුම් අල, දඹල, මෑ කරල්, නිවිති, අළු කෙසෙල් අල, ධාන්‍ය වර්ග, අලුත් පලතුරු රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට ඉතා හොඳයි.

 

රක්තහීනතාවයට අත්දුටු දේශීය ප්‍රතිකාර ක්‍රම කිහිපයක්

තැඹිලි මල්, අට්ටික්කා පොතු, අළු කෙසෙල් අල, කලාඳුරු අල, මාදං පොතු සමව ගෙන පත අට එකට සිදුවා එය පානය කිරීම මඟින් අධෝගත රක්ත ස්‍රාවය අඩුවෙනවා. පෝෂණ ගුණය ලැබෙනවා.

මොනරකුඩුම්බිය කැඳ, ගොටුකොළ කැඳ, හීං බෝවිටියා කැඳ, කොක්මොට කැඳ, ඉතා යෝග්‍යයි. මෙවැනි රෝගීන්ට මෙම කැඳවලට බැද කුඩුකරගත් මුං ඇට පිටි ස්වල්පයක් එකතු කර පානය කිරීම වඩාත් සුදුසුයි.

මෘදු විරේචනයට සුකුමාර චූර්ණය, සුරේචනී කල්කය, ධාත්‍රි චූර්ණය, මානි මස්ථ චූර්ණය, වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න.

රක්තහීනතාවය දුරු කරගැනීමට සුදුසු පළාවර්ග නම් කූරතම්පලා, සාරණ, කැබැල්ල දලු, මීයන දලු, කෙකටිය දලු, ළපටි පොළොස් ගැට වැනි දේත් අගෙයි. ගව හෝ එළු පීකුදුවලින් එළවළු මිශ්‍ර කර සුප් වර්ග සාදා බීම රක්ත හීනතාවයට සුදුසුයි.

 

අම්ලපිත්තය සුවකරන හාතාවාරිය - අල කැඳ

අම්ලපිත්ත රෝගය වර්තමානයේ ඉතා සුලභ රෝගයකි. මෙය එතරම්ම සංකීර්ණ රෝගයකි. මෙම රෝගය දිගින් දිගටම සුව අතට නොහැරේනම් භයානක රෝගයක් බවට පත්විය හැකිය. ඒ අප ගන්නා ආහාර විෂමතා මතය. මෙය ආමාශගත රෝගයකි. මෙහිදී ආමාශය රෝගී වීම නිසා ආහාර පැසවීම අඩු වේ. දහවල් කාලයේ මෙම රෝගය වැලඳුණු විට එතරම් අසාධ්‍ය නොවුණද රාත්‍රි කාලයට වැලඳුණු විට උහුලන්ට බැරි තරම් වේදනා සහිත රෝගයක් බවට පත්වේ.

 

රෝග ලක්ෂණ

උගුරට සැර ගතිය දැනීම

උගුර රිදෙන ස්වභාවය හා දැවිල්ල

නින්ද අඩුවීම

වමනය

ඔක්කාරයට ඒම

පපුව ප්‍රදේශය හිර කිරීම, වේදනා ඇති කිරීම.

 

ප්‍රතිකාර

දියබත් පිළියෙල කර උදේ වේල් හතක් පමණ දිනපතා ආහාරයට ගන්න.

නිතර නිතර වතුර පානය කරන්න.

ඇඹුල් මිශ්‍ර ආහාර,ඇඹුල් පලතුරු ආහාරයට ගැනීමෙන් වළකින්න.

අච්චාරු, කරවල ආදිය බහුලව ආහාරයට ගැනීම අවම කරන්න.

මුස්සැන්ද කැඳ පානය කරන්න.

හාතාවාරිය අල කැඳ පානය කරන්න.

දොඩම් මිරිකා යුෂ පානය කරන්න.

එළබටු මුල්, කටුවැල්බටු තම්බා පානය කරන්න.

 

පිළිකා හා හෘදයාබාධවලට සුවගෙන දෙන - අහු

“අහු” යනු වෙරළාසන්න ශාක පවුලකට අයත් ශාකයක් වන අතර, වෙනත් ප්‍රදේශවල ගෙඋයන්වල දැකිය හැකි ශාකයකි. බීජ මගින් බෝවෙයි. මීටර 9 ක් පමණ උසට වැඩෙන කුඩා ගසකි. අස්වැන්න වශයෙන් දලු, කොළ, මුල්, පොතු හා ගෙඩි වියළා ගැනීමෙන් තොරව අහු ඖෂධ වශයෙන්ම භාවිතයට ගනී.

ඉදුණු අහු ගෙඩිවල ඇති අප්‍රසන්න ගන්ධය නිසා කෘමීන් හෝ පක්ෂීන් හෝ වෙනත් සතුන් ප්‍රයෝජනයට නොගනී. එය ශාකයේ ප්‍රචාරණයට තරමක බාධාවක් වූවත් එක ගෙඩියකින් පමණක් ඇතිවන පැළ සංඛ්‍යාව 50 -70 බවද කිව යුතුය.

 

ඖෂධීය වටිනාකම්

අහු ඉතා වටිනා ඖෂධයක් බව පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇත. ප්‍රාථමික පිළිකා සෛල නිශේධනය කර දේහය ශක්තිමත් කරන, රුධිර පීඩනය පහත හෙළන හා හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රතිබැක්ටීරීයා නාසක, ගුණ දක්වන සෛල බිත්ති ශක්තිමත් කරන, අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය විධිමත් කරන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන අහු ඖෂධීයව වඩාත් ප්‍රයෝජනයට ගත හැකියි. ර්ධපඪදලඩඪ නම් ස්වාභාවික යුෂය අහු ගෙඩිවල තිබෙන අතර එය භාවිතාවෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. පළමු මාසය තුළ යුෂ පානයේදී උදේ සහ රාත්‍රි ආහාරයට පැය 2 කට ප්‍රථමයෙන් තේ හැඳී 2 බැගින්ද, පසු මාසවලදී උදේ, දවල් හා රාත්‍රි තේ හැඳී 2 බැගින්ද වෛද්‍ය උපදෙස් අනුව ගැනීමෙන් මහත් නිරෝගී බවක් ලබාගත හැකිය.

විදුරුමස් ශක්තිමත් කිරීම සඳහා අහුගෙඩි පුළුස්සා ගත් අළු, ලුණු කුඩු සමග

මිශ්‍රකර විදුරුමසෙහි ආලේප කිරීම සුදුසුය. සර්ප විෂට දෂ්ට මුඛයේ ගෑමට අහුකොළ සහ අමුකහ එක්ව අඹරාගත් ප්‍රලේපය යොදා ගනී. ගෙඩි, වණ සඳහා අහු දලු, රතුලූණු පොල්කිරෙන් අඹරා තුවාල මුඛයට බැඳීම සුදුසුය.

 

වා, පිත්, සෙම් නසන කටුවැල්බටු

ඉංග්‍රීසියේ එඪතඤ ඡ්ඨඨ ර්‍ථතචදබ ලෙසින් නම් කරන කටුවැල්බටු ශාකය ඹ්ඬචඨතඤඪ ඉධතචදචජඥචඥ කුලයට අයත් වේ. ඉතධතචදභථ ඍඪපඨඪදඪචදභථ ලෙසින් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.කටුවැල්බටු ශාකය ප්‍රභේද දෙකකින්ද යුක්ත බව පොත්පත් වල සඳහන් වූවද පොදුවේ කටුවැල්බටු ලෙසින් ඖෂධ සඳහා යොදා ගනී.

 

ශාකයේ ස්වභාවය

කටු සහිත විහිදුණු අතුවලින් යුක්තය. වාර්ෂිකව හට ගන්නා පැළැටියකි. පත්‍ර සෙන්ටිමීටර් 10 ක් පමණ දිගය. ගසේ නාරටි වල කටු සහිතය. මල දම් පැහැයට හුරු නිල් පැහැයෙන් යුක්තය. ගෙඩිය සෙන්ටිමීටර් 2 ක් පමණ රවුම් වන අතර දුර්වර්ණ කහ පාට වර්ණයෙන් යුක්තය. මල්වල වෙනසක් සහිත කටුවැල්බටු ඇති බව සඳහන් වූවද ශ්වේත වර්ණ පුෂ්ප හට ගන්නා කටුවැල්බටු ශාක දුර්ලභය. නිල් පැහැයට හුරු දම්පාට මල් පිපෙන කටුවැල් බටු සුලභව දැකිය හැකිය. සෘෂි යුගයේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වන සූශ්‍රැතචරක අෂ්ඨාංග හෘදසංහිතා ග්‍රන්ථ වලද මෙම පැළෑටිය පිළිබඳ අගනා වටිනා විග්‍රහ දක්නට ඇත. එබැවින් මෙම ශාකයේ ඓතිහාසික වටිනාකම එමගින්ම පැහැදිලි වේ. ආයුර්වේද ක්ෂේත්‍රයේ නියැලී සිටින සෑම කෙනෙක්ම මෙම පැළැටිය පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්ත වූ අය වෙති. අප සෑම කෙනෙකුම දන්නා පස් පංගුව කෂායට කටුවැල්බටු ශාකය අනිවාර්යයෙන්ම එක්කර ගැනීම එයට හොඳම සාක්ෂියකි. වියළි ශාකය සහ මුලින්ම ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගනු ලැබේ.

 

ශාකයේ ගුණ

කටුක තිත්ත රසයෙන්ද ලඝු රූක්ෂණ තීක්ෂණ ගුණයෙන් ද උෂ්ණ වීර්යයෙන්ද යුක්ත වූ මෙම ඖෂධීය ශාකය වා, පිත්, සෙම නසන ගුණයෙන් ද යුක්තය. වේදනා නාශක, හෘදයට හිත, රක්ත ශෝදක, කාස නාශක දීපන, පාචන ගුණ යුක්ත ඉදිමුම නසන ශාරීරික ශක්තිය උත්තේජනය කරන වාජීකරණ ගුණවලින් ද යුක්තය. මෙම ශාකයේ ගෙඩිවල තෛලාම්ල ඉටි සහ සෙලනින්ද පොටෑසියම් නයිට්‍රේට්, පොටෑසියම් ක්ලෝරයිඩ් යන උපාදාන අඩංගු වේ. ප්‍රයෝජන බාහිර අභ්‍යන්තර ලෙසින් දෙයාකාරය.

 

ආයුර්වේද වෛද්‍යචාරිණී, වෛද්‍යශුරී, පණ්ඩිත

ටී. කේ. සී. විමලරත්න

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.