සුදුලූනුමී පැණියේ ගිල්වා තබා කෑමට ගැනීමේ වාසි

මාර්තු 11, 2022

මී පැණිවල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා.

 

මී පැණි වල ගිල්වපු සුදුලූනු එහෙමත් නැත්නම් “ගාලික් හනි” ට්චපතඪජ ඩ්ධදඥර කියන්නේ අපේ රටේ වැඩිය ජනප්‍රිය නැති වුණත් සමහර රටවල් වල නම් ඉතාම ජනප්‍රිය කෑමක්. මී පැණි වල ගිල්වපු සුදුලූනු කියන්නේ කෑමකට අමතරව ලෙඩ රෝග ගණනාවකට ප්‍රතිකර්මයක් වන ඖෂධයක්.

සුදුලූනු කියන්නේ අපි ආහාරයට ගන්න දේවල් අතරින් වැඩිම ගුණ සහිත ආහාරයක් (කුළුබඩුවක්, රසකාරකයක්) විදිහට හඳුන්වන්න පුළුවන්. සුදුලූනු අයිති වෙන්නේ බී ලූනු අයත් වෙන ශාක කුලයටමයි. සුදුලූනු කියන්නේ ආහාර රසගන්වන්න භාවිත කරන ස්වාභාවික රසකාරකයක් විතරක් නෙවෙයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරමින් අපේ ශරීරය විෂබීජ වලින් ආරක්ෂා කරන්න, ප්‍රතිඔක්සීකාරක වර්ධනය කිරීම, රුධිර සංසරණය විධිමත් කිරීම වගේ ප්‍රතිලාභ රාශියක් සුදුලූනු වලින් ලබාගන්න පුළුවන්. ශරීරය හොඳීන් ක්‍රියාශීලී කිරීමට අවශ්‍ය වන සල්ෆර් මේවායේ අඩංගු වෙනවා. ශරීරයේ ප්‍රතිදේහ නිපදවීමටත් විශාල උදව්වක් සුදුලූනු වලින් ලබාගන්න පුළුවන්. ඒ වගේම නිතර සුදුලූනු ආහාරයට ගැනීමෙන් පිළිකා අවදානම අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා. රුධිර පීඩනය, රුධිරයේ සීනි වගේ ලෙඩ රෝග ගණනාවක් පාලනය කරන ඖෂධයක් විදිහට සුදුලූනු හඳුන්වන්න පුළුවන්.

මී පැණි වලත් තිබෙන්නේ අසීමිත ගුණ ප්‍රමාණයක්. මෙහි ගුණ කොච්චරද කියනවා නම් දිනපතා උදෑසන අවදි වීමෙන් පසු මී පැණි තේ හැන්දක් පානය කිරීමෙන් දීර්ඝායුෂ ලැබීම හා ලෙඩ රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙනවා. හදවත හොඳීන් ක්‍රියාකාරී වීම, ශරීරයේ අනවශ්‍ය බර අඩු වීම, මතකය හොඳීන් අවදිවීම, සුවපහසු නින්දක් ලැබීමට හැකිවීම, මානසික සෞඛ්‍ය නිරෝගී වීම වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ ඒ තුළින් ලබාගන්න පුළුවන්. සුව කිරීමට නොහැකි වූ තුවාල සුව කිරීම සඳහාද මී පැණි පැරැන්ණන් භාවිත කළ බව පොතපතෙහි සඳහන් වෙනවා. විටමින්, යකඩ, කැල්සියම්, සින්ක්, පොටෑසියම් වගේ පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් පරිපූර්ණ වන මී පැණි ප්‍රබල ප්‍රති ඔක්සීකාරකයක්. ඒ වගේම මී පැණි වලට අපේ ශරීරයේ ඕනෑම නාලයක් තුළින් ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා තමයි සමහර ඖෂධ මී පැණි සමග මිශ්‍ර කර ලබා දෙන්න කටයුතු කරන්නේ.

මී පැණි වල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා. ඊට අමතරව ඇස් වල පෙනීම වැඩි කරන්නත්, මළබද්ධය වගේ තත්ත්වයන් වළකාගන්නත්, තරබාරු පුද්ගලයන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්නත් ප්‍රතිලාභ රැසක්ම එයින් ලබාගන්න පුළුවන්.

නිවසේදීම මී පැණිවල ගිල්වපු සුදුලූනු බඳුනක් හදා ගනිමු

මුලින්ම සුදුලූනු ගෙඩි කිහිපයක් අරගෙන එහි පොතු ඉවත් කරගන්න. ඊට පස්සේ කට ලොකු වීදුරු බෝතලයක් අරගෙන ඊට මී පැණි දාගන්න. බෝතලයෙන් බාගයක් පමණ වෙන්න මී පැණි දාගත්තට පස්සේ හොඳීන් සුද්ද කරගත් සුදුලූනු බික් එම මී පැණි බෝතලයට දාන්න. සියල්ල එකවර නොදා . හෙමින් එකින් එක දානවා නම් මී පැණි මට්ටම උඩට එන විදිහ අනුව සුදුලූනු බික් දාන්න පුළුවන්.

ලෙඩරෝග ගණනාවකට දිව ඔසුවක් වන මේ සරල ආහාරය දැන් ඔබ සකසාගෙන අවසන්. හැබැයි හදපු ගමන්ම නම් මේවා ආහාරයට ගන්න බෑ. අවම වශයෙන් හදලා සති දෙකක් තුනක්වත් තියන්න ඕනේ. සති දෙකකට හෝ තුනකට පස්සේ බලනකොට මී පැණි වල උකු ගතිය නැති වෙලා දියර ගතිය වැඩි වෙලා තිබෙනවා දැකගන්නට පුළුවන්. එතකොට තමයි මී පැණි වල ගිල්වපු සුදුලූනු ආහාරයට ගන්න ඉතාමත්ම සුදුසු වෙන්නේ. හැම උදෑසනකම අවදිවුණාට පස්සේ හිස් බඩ මෙයින් සුදුලූනු බික් එකක් ආහාරයට ගන්න පුළුවන් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

 

සටහන

කීර්ති එස් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.