ඉපැරැණි රහස් වෙදකම්

නොවැම්බර් 29, 2024

 

දද, කුෂ්ඨ, පණුක -

බෝ ඇට, සියඹලා ඇට, සාදික්කා, ඇඹුල් පේර, නමිනං, කුරුඳු පොතු, නෙල්ලි කලං දෙක බැගින් ගෙන රන් තැඹිලි වතුරෙන් අඹරා ගානු. වහා සුව වෙයි.

මුහුණේ කුරුලෑවලට -

කළාඳුරු අල, ඉදුණු දෙහි ඇඹුලෙන් අඹරා ගානු. වහා සුව වෙයි.

ගල් තැල්මට -

රත් හඳුන්, කොත්තමල්ලි ඇට, සූදුරු, මී පැණියෙන් අඹරා ගානු. වහා සුව වෙයි. ඊටම කළුවෙල්ගිරිය කොළ අඹරා ඊට අලුත් එළගොම මිශ්‍රකොට ඉතා තදින් රත්කර ගත් තිරුවානා ගලක් ඒ මතට දමා හිල් පොල්කටුවක් ඒ මිශ්‍රණය මත මුනින් අතට හරවා තබා එහි සිදුරෙන් එන ඖෂධ ධූමයට ගල්තැලුම ඇති පාදයේ කොටස විවෘතව අල්ලනු. දින තුනක් මේ ප්‍රතිකාරය කිරීමෙන් ගල්තැළුම සුව වේ.

මුඛ දුර්ගන්ධයට -

ඉදුණු පුවක්, සාදික්කා, කුරුඳු පොතු, සම සමව ගෙන දින 07ක් උදේ හිස් බඩ අනුභව කොට අනතුරුව ගුරුලේත්තුවක තබා නිවාගත් සිසිල් ජලයට උණු ජලය මිශ්‍ර කර පානය කරන්න. මුඛ දුර්ගන්ධය වහා සුව වෙයි.

අර්ශස් රෝගයට -

කොල්ලු, මුංඇට සම සමව ගෙන තැම්බූ වතුරට ලුණූ බිඳක් දමා පොල් මද මිශ්‍ර කොට අනුභව කරන්න. රෝගය වහා සුව වෙයි. ඊට පිරිසුදු තල තෙලට රතුළූනු දමා මඳ ගින්නේ තබා බැදගෙන අනුභව කරන්න. රෝගය වහා සුව වෙයි.

ලේ අර්ශස්වලට -

කරල්හෑබෝ ගසේ පංචාංගය සිකුරාදා දිනක හිමිදිරියේ ගෙන තම්බා බොන්න. වහා ගුණ දේ.

සුව නොවන වියළි කැස්සට -

ඇඹුල් දොඩම් යුෂ තේ හැඳි 1ක් මිශ්‍ර කර ප්‍රතිවාප වශයෙන් මී පැණි බින්දු 5ක් දමා උදේ රාත්‍රියේ දින 5ක් පානය කරන්න. කැස්ස වහා සුව වෙයි.

දදවලට -

අරළු, තෝර දලු, වළඟසාල්, සහිඳ ලුණු සම සමව ගෙන සහල් සේදූ දියෙන් අඹරා ගාන්න.

ගෙඩිවලට -

හුඹස් මැටි ස්වල්පයක් ගෙන මී පැණි දමා අඹරා කළු අත්තන කොළ යුෂ ඊට මිශ්‍ර කර දර ළිපේ රත්කර මිශ්‍රණය නිවා ආලේපනය කරන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.