වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දේශීය-බටහිර ක්‍රම මුසුවෙන් පිළිකාවට පිළියමක්
මේ වන විට සමාජයේ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම සුලබ වෙමින් පවතින රෝගයක් ලෙස පිළිකාව හැඳීන්විය හැකියි. එහෙත් මේ සඳහා ඖෂධ නොමැති වීමෙන් පිළිකාවට ගොදුරු වූ බොහෝ හිතවතුන් වේදනා විඳ අකාලයේ ජීවිතය හැරයන අයුරු අප කාටත් බලා සිටීමට සිදුව තිබේ.
ඒ තමන්ද කෙදිනක හෝ මේ පිළිකා මාරයාට ගොදුරු වියහැකි යැයි සිතේ ඇති බියද සමඟිනි. ඒ නිසා ලාංකේය පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලද පිළිකා සෛල නසන ඖෂධය ලංකාවට පමණක් නොව, ලෝකයේ ම පිළිකා රෝගීන්ට සිත් සනසන ආරංචියක් වනු ඇති. එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සමඟින් මේ පිළිබඳ සාකච්ඡා කළෙමු.
ඔබතුමාගේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් අපි කැමැතියි..
මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. මගේ ගම වරකාපොළ. මගේ පාසල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයයි. එය බොහොදෙනා අතර ප්‍රසිද්ධ තෝලංගමුව සෙන්ට්‍රල් නමින්. ජීව විද්‍යාව පිළිබඳ පළමුවැනි උපාධිය ලබා ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. පශ්චාත් උපාධිය අණුක ජීව විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් විස වේදය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හැදෑරුවා. මම ආචාර්ය උපාධිය ලබා ගත්තේත් කොළඹ විශ්වවිද්‍යාලයේ මම දැනට සිටින අංශයේමයි.
ඒ සඳහා මම අණුක ජීව විද්‍යාව හා ඖෂධීය රසායනය පිළිබඳ හැදෑරීම් සහ පර්යේෂණ සිදු කළා.
ඔබ පිළිකා සඳහා පර්යේෂණ සිදු කරන්න පෙළඹුණේ කොහොමද?
ලංකාවේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධි පුහුණුවක් ලබා ගත්තා. ඉන්පසුව ඉන්දියාව, ඇමරිකාව, චීනය, පකිස්තානය වැනි රටවල් ගණනාවකට ගොස් මේ විෂයයට අදාළ හැදෑරීම් සිදු කළා.
සෛල විද්‍යාව හා ජීව විද්‍යාවට අදාළ ඉහළ මට්ටමේ නව තාක්ෂණික දැනුම ලබාගෙන ඇවිත් එම නව දැනුම ලංකාවේ දැනට මම සේවය කරන ස්ථානයේ ස්ථාපනය කළා. 2009 වසරේදී පමණ තමයි මම පිළිකා සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම ඇරඹුවේ. 2013 වසර පමණ වන විට මගේම අදහස්වලින් වැඩ කිරීමේ අවස්ථාව මට ලැබුණා. ඉන් පසුව ලංකාවේ පළමුවරට පිළිකා පියවි සෛල (ජචදජඥප ඵබඥථ ජඥතතඵ) පිළිබඳ පර්යේෂණ කිරීම ඇරැඹුවා. ඊට අමතරව අපි පිළිකා වලට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රම අත්හදා බැලීම් සිදු කළා.
ඇත්තටම පිළිකාවක් කියන්නේ මොකක්ද? ඒ සඳහා මේ ඖෂධය යොදා ගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් අපේ සිරුරේ තිබෙන සෛල ඇතිවීම නැතිවීම ස්වභාවයයි. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. නමුත් කුමක් හෝ ජාන විකෘතිතාවක් නිසා සිරුරේ යම් තැනක සෛල වේගයෙන් වර්ධනය වීමක් සිදුවෙනවා. එවිට එම සෛල මැරෙන නැතිනම් විනාශ වන ප්‍රමාණය අඩු වෙනවා. මේ තත්ත්වය තමයි අපි පිළිකාවක් ලෙසින් හඳුන්වන්නේ.
මේ ජාන විකෘති වූ සෛල විනාශ කිරීම සඳහා ක්‍රම කිහිපයක් ම පවතිනවා. මෙවැනි තත්ත්වයක් එක් එන්නතකින් හෝ එක් බෙහෙත් පෙත්තකින් නැති කළ නොහැකියි. මේක තමයි ලංකාවේ අපි වටහාගෙන නැති දේ. ත්‍රස්තවාදයක් එක් දෙයකින් විතරක් නැති කරන්න අපහසුයි. ඒ සඳහා අපිට යුද්ධ කරන අතරම සාකච්ඡා කරන්නත් සිදු වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී පිරිස අතර බේද කිරීමක් සිදු කරන්න වෙන්නත් පුළුවන්, ත්‍රස්තවාදීන්ට ලැබෙන ද්‍රව්‍ය හා උපකරණ සීමා කිරීම් සිදු කරන්නත් වෙනවා. මේ වගේ උපක්‍රම බොහෝ ප්‍රමාණයක් සිදු කරන්න වෙනවා. ඒ වගේ තමයි මේ පිළිකාව මැඩීමටත් අපිට ක්‍රම කිහිපයකින්ම ඒ සඳහා උත්සාහයන් සිදු කරන්න වෙනවා. පිළිකා සෛල බොහෝ ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙනවා නම් අපිට ඒ සඳහා සැත්කමක් මාර්ගයෙන් එය ඉවත් කිරීමට සිදුවෙනවා. ඉන්පසුව ඉතිරි වන පිළිකා සෛල විනාශ කිරීම සඳහා කීමෝ තෙරපි නැතිනම් රසායනික ප්‍රතිකාර එසේත් නැතිනම් රේඩියෝ තෙරපි ලෙසින් හඳුන්වන විකිරණ ප්‍රතිකාර කරන්නත් පුළුවන්.
මේ සියල්ල කළත් පිළිකා පියවි සෛල කිහිපයක් හෝ ඉතිරි වුවහොත් නැවත පිළිකා සෛල වර්ධනය වී කාලයක් ගත වීමෙන් පිළිකාවක් ඇතිවිය හැකියි. මේක තමයි අපිට තිබෙන අභියෝගය. පිළිකා පියවි සෛල මර්දනය කිරීමට හැකි ක්‍රම සොයාගෙන තිබෙනවා. දැනට බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව යම් බෙහෙතක් සොයා ගැනීම කියන්නේ වසර 15කට වඩා කාලයක් ගත වන ලොකු ක්‍රියාදාමයක්. මෙහි පෙර සායනික පර්යේෂණ සහ සායනික පර්යේෂණ ලෙසින් කොටස් දෙකකට කටයුතු කරනවා. දැනට අපි සිදු කරන බටහිර ක්‍රමයට අනුව පිළිකා ඖෂධයක් සොයා ගැනීමේ පෙර සායනික පර්යේෂණ සිදුකර අවසන්. දැනට රෝහල්වල පිළිකා සඳහා ලබා දෙන සංයුක්ත සංයෝග සැකසීමේ වැඩපිළිවෙළකුත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් එහි පෙර සායනික පර්යේෂණ අවසන්කර සායනික පර්යේෂණ තමයි සිදු කරමින් පවතින්නේ.
මෙයට අමතරව ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන් ඉතිහාසයේ පිළිකා සුව කිරීම සඳහා නොයෙකුත් ක්‍රම භාවිතකර තිබෙනවා. මේ ගැනත් අපි අනෙක් පසින් පර්යේෂණ සිදු කිරීමට පෙළඹුණා. එහිදී අපි ඔවුන් වසර බොහෝ ගණනක් පුරා භාවිත කළ ඖෂධ වට්ටෝරු ඒවා විද්‍යාත්මකව තහවුරු කිරීමකින් පසුව ඉන් එකක් දැනට ඖෂධ කරලක් ලෙසින් පසුගිය වසරේ දී හඳුන්වා දීමක් කළා. කාලයක් තිස්සේ පාරම්පරිකව පිළිකා සඳහා භාවිත වූවක් නිසා මෙය එකතුකර ආයුර්වේද සභාවේ අනුමැතියත් ලබාගෙන මෙය පිළිකා රෝගීන් සඳහා පෝෂක ඖෂධයක් ලෙසින් හඳුන්වා දුන්නා. මෙමඟින් කීමෝ තෙරපි වලින් සිදු කරන ආකාරයට පිළිකා සෛල විනාස කිරීමක් සිදු කරනවා. නමුත් විශේෂත්වය වන්නේ රසායනික ප්‍රතිකාර හෝ විකිරණ ප්‍රතිකාරවල මෙන් මෙහි අතුරු ආබාධ නොමැති වීමයි. මෙය අපි පෞද්ගලික සමාගමක් සමඟ එකතුවෙලා තමයි වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ.
බටහිර වෛද්‍ය විද්‍යාවත් දේශීය වෛද්‍ය ක්‍රමයත් අතර යම් සීතල යුද්ධයක් පවතිනවායැයි පැවසුවොත්..
බටහිර විද්‍යාව සමඟ සිටින කෙනෙක් ලෙසට මම සිදු කළේ දේශීය වෛද්‍ය දැනුම විද්‍යාත්මකව ඔප්පු කිරීමක්. ලෝකයේ බොහොමයක් ඖෂධ ස්වභාවික දේවල්වලින් තමයි මුලින් ම සොයා ගන්නේ. මෙය බටහිර විද්‍යාවේ බොහෝ දෙනෙක් දන්නා දෙයක්. ඉන්පසුව තමයි ඒවා විද්‍යාගාර තුළ නිෂ්පාදනය කිරීම අරඹන්නේ. කාර්මික ලෙස මේවා සංස්ලේෂණයකර ඉන්පසුව සායනික කටයුතු සඳහා යොදා ගන්නවා. බටහිර වෛද්‍ය ක්‍රමයේ ඖෂධ බොහෝ දුරට සංශුද්ධයි. ඒ කියන්නේ එක කාර්යයක් සිදු කළ හැකි එක් අයෙක් පමණයි සිටින්නේ. ඒත් දේශීය වෛද්‍ය ක්‍රමයේ දී එකම දේ සිදු කළ හැකි සංයෝග කිහිපයක්ම තිබෙනවා. බටහිර ක්‍රමයේ දී හදන සංයෝගවල සංස්ලේෂණයේ දී ඊට සමාන එකක් සෑදීමෙන් අතුරු ආබාධ ඇතිවෙනවා. නමුත් ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් හදන ඖෂධවල අතුරු ආබාධ ඇතිවෙන්නේ නැති වීම ලොකු වාසියක්. කියුබාවෙත් මෙවැනි දේශීය සහ බටහිර වෛද්‍ය විද්‍යා සුසංයෝගයෙන් කළ පර්යේෂණ තිබෙනවා. අපි විවෘත මනසික් ඇතිව කටයුතු කිරීමෙන් හා අන්තවාදී ලෙසින් කටයුතු නොකිරීමෙන් බොහෝ සාර්ථක දේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්.
මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තද?
යම් නිර්මාණයක හෝ සොයා ගැනීමක අයිතිය තහවුරු කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ නිසා පේටන්ට් බලපත්‍රයක් නෙමෙයි, අපි මෙය පේට් සීක්‍රට් එකක් ලෙසින් තමයි ලියාපදිංචි කළේ. එහිදී මෙහි වට්ටෝරුව රහසිගත ලෙසින් තබාගෙන තමයි ලියාපදිංචිය සිදු කරන්නේ. මේ ඖෂධයේ අයිතිය තියෙන්නේ විශ්වවිද්‍යාලයට. අපේ පර්යේෂණ කණ්ඩායමත් අප සමඟ මේ සඳහා එකතු වූ සමාගමත් පමණයි මේ වට්ටෝරුව ගැන දන්නේ.
ඔබ සන්ධි වේදනා සඳහාත් ඖෂධයක් නිපදවා තිබෙනවා යැයි පැවසෙනවා.
ඔව්, මේ වන විට අපේ සමාජයේ සිටින බොහෝ දෙනෙක් සන්ධි වේදනාවන්ගෙන් වේදනා විඳීනවා. සමහර අයට දෛනික වැඩකටයුතු කරගන්නත් මෙය බාධාවක්. මේ නිසා සන්ධි වේදනා සඳහාත් අපි ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් ඖෂධයක් නිෂ්පාදනය කළා. මෙහි විශේෂත්වය වන්නේත් ඖෂධය භාවිතයෙන් අතුරු ආබාධ ඇති නොවීමයි.