සිත් පිනවන නෙත් රැකගමු

ජනවාරි 20, 2023

 

වර්ණ භේදයට අනුව සමහර උදවියට බළල් ඇස් පිහිටා ඇත. එවැනි නෙත් පිහිටන අයගේ පෙනීම කලක් ගත වෙද්දී දුර්වල විය හැක. එමෙන්ම ඇසේ සුද හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩාවට ලක්වෙන බව පෙනෙන්නට ඇත.

 

සත්වයාගේ දෑස්වල පෙනීම සෑමවිටම සෑම ලෙසකම එක අන්දමකට නොතිබෙන බව නොකියා සිටිය නොහැකිය. මන්ද වරින් වර මන්දගාමීව දෑස්වල පෙනීම වෙනස් වන සුළු බැවිනි. මනුෂ්‍ය ශරීරය ගැන ගත හොත් දෑස්වල පෙනීම වරින් වර වෙනස්වනු ලැබේ. එනම් වයස අවුරුදු හතළිහ වන විට හතළිස් ඇඳිරිය ද පනහ වසර වන විට පනස් ඇඳිරිය ද වයස අවුරුදු හැටේදී හැට ඇඳිරිය ද වශයෙන් ඇඳිරි පහළ වේ. ඇතැම් විට එසේ පහළ වන ඇඳිරි නිරායාසයෙන්ම නැතිවී යන අතර, තවත් සමහර අවස්ථාවලදී ඊට ප්‍රතිකර්ම යෙදීමෙන් පසු සුවතාවයකට පත්වීමට පුළුවන. නෙතක පෙනීම ලැබීම ඉතා ආශ්චර්යය අවස්ථාවක් වනු ඇත. සෑම සත්වයකුටම දෑසක් පිහිටා තිබේ. දෑසක වටිනාකම තේරෙනු ලබන්නේ දෑසේ පෙනීම නොමැතිවිටයි. සහසැස් ඇති ශක්‍ර දෙවිඳුට මුළු සක්වලම පෙනුනු බව අප අසා ඇති කරුණකි. සහස යනු දහසකි. ඇස් දහසක් ඇති එකම දෙවිඳුන් වනුයේ සක් දෙවිඳුන් පමණි. දෙව් ලොවටම අධිපතිකම් දරන ශක්‍රයාට පඬුපුල් ආසනයක් ඇත. එය උණු වන්නේ මනුෂ්‍යයන්ගේ දුකකදී පමණි. දුකට පිහිට වන දෙවිඳුන් බොහෝ ලෙස අගය කළ යුතු අයකු බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

වර්ණ භේදයට අනුව සමහර උදවියට බළල් ඇස් පිහිටා ඇත. එවැනි නෙත් පිහිටන අයගේ පෙනීම කලක් ගත වෙද්දී දුර්වල විය හැක. එමෙන්ම ඇසේ සුද හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩාවට ලක්වෙන බව පෙනෙන්නට ඇත. ඇස් එසේ අපහසුතාවට පත්වන මෙම රෝගය සුවපත් කිරීම බොහොම උත්සාහයෙන් කළ යුත්තක් වනු ඇත. ඒ සඳහා ඇසට අවශ්‍ය ඔසු, තැවිලි වර්ග හා දෑස වටා යොදන ඖෂධ මෙන්ම පාදයේ බඳින බෙහෙත් අවශ්‍ය වන අතර, හිස ගල්වන හිසකුඩිච්චි ද යොදවනු ලැබේ.

හිසට තෛල වර්ග යෙදීම ද අවශ්‍ය කාරණයකි. හිසරදය තිබේ නම් ඖෂධ මිශ්‍ර පැළැස්තරයක් නළලට යෙදීම ඇවැසි කරුණකි. එමෙන්ම කෂාය වඩි කීපවාරයකින් යෙදීමෙන් පසු නේත්‍ර සුද බොහෝවිට ගුණාත්මක භාවයට පත්වනු නිසැකය. ඇසේ සුද යාන්තමින් ඇතිවන විටම ප්‍රතිකාර නොලද විට ඉතා තීව්‍ර ලෙස කළුරුවාටේ (ඇසේ කළු ඉංගිරියාවේ) සුද පැතිරීයනු ඇත. එකවර දෑසෙහිම හෝ එක් ඇසක සුද හට ගන්නා අවස්ථාව එළඹෙනු ඇත. ඇසේ කුණිතය සුදු පටලයකින් වැසී යාම සුද යැයි නම් කළ හැක. කාලයකට ඉහත ඇසක තැල්මක් වුණි ද කාලයාගේ ඇවෑමෙන් පසු සුද ඇතිවේ.

සුද ඇති වන විටෙක ඇල්දිය ස්නානය හෝ මුහුණ සේදීම අගුණය. පිළියෙල කරගත් ඔසු ජලය ඒ සඳහා පාවිච්චි කළ හැක. බොහෝවිට අව්වේ සිටීමෙන් ඇසේ සුද හටගනු ලැබේ. තේවතුවල, රබර් වතුවල, කෙත් වතුවල, අව්රශ්මියෙන් පීඩාවට පත් වී හට ගන්නා සුද මහත් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සුව කළ යුතුව ඇත.

සුදට තරමක් සමාන වූ රෝගයකි කාචය. සුද හට ගන්නට පෙර කාචය හටගනී. සුදට නියමිත ඖෂධ කාචයට ගැළපෙනු ඇත. වර්තමානයේ ඉතා භායනක ලෙස සිවි කාච ඇසේ කළු ඉංගිරියාවෙන් ඉවත් කර සිලිකෝන්කාචයක් තැන්පත් කල විට කාලයාගේ ඇවෑමෙන් දෑස නොපෙනී යාම ස්වභාවිකය. කාචයක් තැන්පත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු නීති රීති රාශියක් තිබේ. ස්නානය කිරීම හිල් පොල් කට්ටකින් වීමත්, හිසෙහි බරක් උසුලා නොසිටීමත්. හෙමින් පියවර තැබීමත් යනාදිය වේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිසා නෙත් පාදාගත හැකිය. දෑස් ආරක්ෂා කරන හැකියාවක් එයට ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.