වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
සොඳුරු දෙපා අවලස්සන කරන නහර ගැටගැසීමේ රෝගය ශල්‍යකර්මවලින් තොරව සුවකර ගනිමු
අප්‍රේල් 15, 2022
වෛද්‍යතුමියනි, ආයුර්වේදයේ නහර ගැටගැසීමේ රෝගය හඳුන්වා ඇත්තේ කෙසේද? ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගය ශල්‍යකර්මවලින් තොරව සුවකළ හැකි ද?
ආයුර්වේදයේ “ශිරා ග්‍රන්ථි”ලෙසත් බටහිර වෛද්‍ය විද්‍යාවේ “ඍචපඪජධඵඥ ඍඥදඪඵ” ලෙස නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය හඳුන්වයි. කාන්තා පුරුෂ දෙපාර්ශ්වය අතරම මෙම රෝග තත්ත්වය දැකිය හැකි අතර, කාන්තාවන් අතර බහුලවම දැකිය හැක. මෙය ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව සුවකළ හැක. කීපවරක් ශල්‍යකර්මවලට ලක්කළද සුව නොවී ඇති නහර ගැටගැසීමේ රෝග තත්වයන් මෙන්ම, නහර ගැට ගැසීම නිසා ඇතිවූ තුවාල තත්ත්වයන්ද සුවකළ හැක. මෙම තත්ත්වය ආයුර්වේදයේ “ශිරා ග්‍රන්ථි වෘණ” ලෙසත් හැඳින්වෙයි.
නහර ගැටගැසීමේ රෝග තත්ත්වය ඇති වන්නේ කෙසේද?
මෙම රෝග තත්ත්වය ඇතිවන්නේ ශිරා වලය. ශිරා කපාට වල පවතින දුර්වලතා නිසා රුධිරය නිසි ලෙස ගමන් නොකර ශිරා වල තැන්තැන්වල එක්රැස් වේ. මේවා ගැට ආකාරයට ඉලිප්පී පෙනීම නහර ගැටගැසීමේ රෝග තත්ත්වය ලෙස හඳුන්වා දිය හැක. බාහිර හා අභ්‍යන්තර ලෙස ශිරා පද්ධති දෙවන අතර බාහිර ශිරා පද්ධතිය නහර ගැටගැසීමේ රෝගයට බහුලවම ගොදුරුවේ.
ඇතිවීමට හේතුවන කරුණු මොනවාද?
මෙම රෝග තත්වය ඇතිවීමට ප්‍රධාන වන කාරණා තුනක් යටතේ දැක්විය හැක. එනම්
1.ආහාරමය හේතු 2.විහරනමය හේතු 3.වෙනත් හේතු
1.ආහාරමය හේතු
තෙල්, මිරිස්, කුළුබඩු අධික ආහාර , බලමාළු, කෙළවල්ලා, හුරුල්ලා, හරක්මස්, අච්චාරු , චට්නි, වැනි ආහාර නිතර ආහාරයට ගැනීමෙන් මෙම රෝග තත්ත්වය වර්ධනය වීමට හේතු වේ.
2.විහරණමය හේතු
දවසේ වැඩි වේලාවක් සිටගෙන සිටීම හෝ වාඩිවී සිටීම
ව්‍යායාම නොමැතිකම ,අධික බර එසවීම, අඩි උස පාවහන් පැලඳීම, මත්පැන් පානය, දුම්වැටි භාවිතය.
වෙනත් හේතු
ආරය හෙවත් ජානමය හේතු, ගර්භනී භාවය, ශිරා කපාඨවල දුර්වලතා, ශිරාවල ලේ කැටි හිරවීම, වයසට යාම නිසා ඇති වන නහර දුර්වලතා
නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගත්විට කුමක් සිදුවේද?
නහරගැට ගැසීම ඇතිවූ, රෝගීන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවූවිට “ශිරා ග්‍රන්ථ වෘණ” (ඍචපඪජධභඵඥ භතජඥපඵ) නහර ගැට ගැසීම නිසා තුවාල ඇතිවේ.
රෝග ලක්ෂණ මොනවාද?
නහර උඩට මතුවී ගැට ආකාරයට ඉලිප්පී පෙනේ. දෙපාවල අවපැහැවීම, දෙපාවල වේදනාව, කෙණ්ඩා පෙරළීම, හිරිය, දෙපාවල කැසීම, දැවිල්ල, දෙපාවල ඉදිමීම, දෙපා බර බව, දෙපාවල තුවාල ඇතිවීම, කැසීම
නහර ගැට ගැසීම නිසා ඇතිවූ තුවාල ඇතිවූ විට රෝග ලක්ෂණ මොනවාද?
බොහෝවිට මෙම තුවාල විලුඹට ඉහළින් වළලුකර ප්‍රදේශයේ බහුලව දැකිය හැක.
වේදනාව පවතී, දැවිල්ල පවතී,කැසීම පවතී,සමහරවිට සැරව පැවතිය හැක.
නහර ගැට ගැසීම නිසා ඇතිවූ තුවාල ඇති රෝගීන්ට අගුණ ආහාර පාන මොනවාද?
බලමාළු, කෙළවල්ලා, හුරුල්ලා, ඉස්සන්, අච්චාරු, සැමන් වැනි උෂ්ණාධික ආහාර අගුණයි.
වේදනාව සහිත නහරගැට ගැසීම ඇති රෝගීන්ට මෑකරල්, කොස්, වම්බටු, කඩල, මඤ්ඤොක්කා, අගුණයි. (මෙම ආහාර ගත්විට කැක්කුම වැඩිවීම සිදුවේ)
මෙම රෝග තත්ත්වය ඇති අය ශරීරයේ බර නිසි පරිදි පාලනය කළ යුතුය. සමබර ආහාර වේලක් ලබාගැනීම දිනකට පැය 1/2ක් වත් වෛද්‍ය උපදෙස් මත ගැලපෙන ව්‍යායාමයක යෙදීම. අඩි උස පාවහන් පැලඳීමෙන් වැළකී සිටිම, පොළොවට සමානුපාතික වන ලෙස සැකසු පාවහන් පැලඳීම ඉතා වැදගත්. එමගින් නහර ගැටගැසීමේ තත්ත්වය වර්ධනය වීම අවම කරගත හැක. නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය සුවපත් කරගත හැක.
නහර ගැටගැසීමේ රෝගයට ඔබ ලබා දෙන ප්‍රතිකාර ගැන කීවොත්
නහර ගැටගැසීමේ රෝගයට, ක්තමෝක්ෂණ ප්‍රතිකාරය එනම් (අපිරිසුදු ලේ බැහැර කිරීමේ ප්‍රතිකාරය) බෙහෙත් කූඩැල්ලන් යොදා සිදුකරන අතර, එම රෝග තත්ත්වය සඳහා සැකසූ විශේෂ ඖෂධ මගින් මෙම රෝග තත්ත්වය ඉතා සාර්ථකව සුවපත් කරගත හැක. නහර ගැටගැසීම නිසා ඇතිවූ තුවාල තත්ත්වයන් ද මෙම ප්‍රතිකාර ක්‍රම මගින් ශල්‍යකර්ම වලින් තොරව සුවපත් කළ හැක. අතුරු ආබාධවලින් තොර ප්‍රතිකාරයක් වන අතර, ප්‍රතිකාර වලින් පසු දෛනික වැඩ කරගෙන යාමට හැකියාව ද පවතී. රෝහල් ගතවීමද අවශ්‍ය නොවේ. රැකියාවකට යන අයෙකුට වුවද මෙම ඖෂධයන් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිවීම මෙහි තවත් විශේෂත්වයකි. ඔබට නහර ගැටගැසීමේ රෝගය ඇතිනම් පමා නොවී රෝග තත්ත්වය සුව කිරීමට යොමු වීමෙන් රෝගය දරුණු තත්ත්වයට පත්නොවී සුවපත් කර ගත හැක.
වෛද්‍ය
එච්.ඩබ්ලිව්.ඩී. විදුරංගි
රෝහණ
෴ සබැඳි ලිපි ෴
වයස අවුරුදු 70 ඉක්මවූ අයකු ශ්‍රී ලංකාවේ වැඩිහිටියෙකු සේ සැලකේ. වැඩිහිටියකු වයස්ගත අයකු වන බැවින් ඔහුගේ හෝ ඇයගේ නිරෝගිකම පරීක්ෂා කිරීම ඉතා වැදගත්...
2022-06-30 18:30:00
ඉනිගැට (ඉන්නා) මිනිස් ශරීරයෙහි දක්නට හැකි උපන් ලප විශේෂයක් බව ඍෂිවරුන් විසින් හඳුන්වා දී තිබේ. ඉපැරැණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල මිනිස් සිරුරේ විද්...
2022-06-30 18:30:00
වෙල් උණ,මඩඋණ යනුවෙන් ගම්බද ජනතාව හඳුන්වනු ලබන මී උණ රෝගය මීයන්ගෙන් මනුෂ්‍යයන්ට වැලඳෙන භයානක රෝගයකි. කුඹුරු හා ආශි‍්‍රත වගා කටයුතුවල යෙදෙන කුණු ගොඩවල්...
2022-06-23 18:30:00
වෙල් උණ,මඩඋණ යනුවෙන් ගම්බද ජනතාව හඳුන්වනු ලබන මී උණ රෝගය මීයන්ගෙන් මනුෂ්‍යයන්ට වැලඳෙන භයානක රෝගයකි. කුඹුරු හා ආශි‍්‍රත වගා කටයුතුවල යෙදෙන කුණු ගොඩවල්...
2022-06-23 18:30:00
කුඩා දරුවන්ට වැලඳෙන දෝෂයකි බාලගිරි දෝෂය. බාලගිරි නමැති යක්ෂයාගෙන් ඇතිවන බාලගිරි දෝෂය වැලඳුනු ළදරුවා නිතර හඬයි. මෙය වැළැක්වීම සඳහා “බාලගිරි දෝෂය අද...
2022-06-16 18:30:00
හෘද ස්පන්දනය (Palpitation) බහුලව ඇතිවන, රෝගියා බියට පත්කරන රෝග ලක්ෂණයකි. හෘද ස්පන්දනය විනාඩියකට 70 - 80 පමණ වේ. නාඩි (Pulse) යනුවෙන් මෙය...
2022-06-09 18:30:00
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලට ද මෙම රෝගය බලපාන අතර සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇතිවේ. සන්ධි ඉදිමුම, මාංශපේශී හා කණ්ඩරා ක්ෂයවීම, සන්ධි...
2022-05-19 18:30:00
අප පරිණාම ධර්මය සමඟ බැඳී සිටින බැවින් මිනිස් වර්ගයා දිනෙන් දින නව ලොවක් කරා දියුණුව සොයා යා යුතුව ඇත. එය සාධාරණීයයි. එහෙත් එම ගමන පූර්වාදර්ශයෙන් තොරව...
2022-05-19 18:30:00
චීනයේ ප්‍රාන්ත කිහිපයක් වහලානවතම ප්‍රභේදයක් යළිත් චීනයේඅපේ රටටත් බලපෑම වැඩියි චීනයේ ෂැංහයි නුවර හා බීජිං නුවර කෝවිඩ් 19 වෛරසය යළිත් ව්...
2022-05-05 18:30:00
ආහාර පාන ගැනීමේ දී ගුණයට වඩා රසයට වහල් වූ ජාතියකි ශ්‍රී ලාංකිකයෝ. බටහිර ජාතීන් මේ තත්ත්වයෙන් මිදී පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගැනීමට පෙළඹී ඇත. කුඩා...
2022-05-05 18:30:00
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වුවද වර්තමානය වන විට බත් ආහාරයට ගන්නා බොහෝ දෙනකුට දියවැඩියාව, අධික තරබාරුව, රුධිරයේ කෙලෙස්ට්රෝල් ප්‍රමාණයේ ‘ටී.ජී’ ප්...
2022-04-28 18:30:00
ආහාර මාර්ගයේ අපර කොටස විද්‍යාවේ දී ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබනවා. වර්තමානයේ පුද්ගල ශරීරයේ මෙම කොටසේ බොහෝ රෝග සංඛ්‍යාවක් හටගනු ලබයි. මෙම ප්‍රදේශය අඟල්...
2022-04-28 18:30:00
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා ඔබ පි‍්‍රය කරන විවිධ ආහාරපාන සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු නොවේ. එනමුදු විවිධත්වයෙන් යුතුව ප්‍රමාණය...
2022-04-21 18:30:00
වෛද්‍යතුමියනි, ආයුර්වේදයේ නහර ගැටගැසීමේ රෝගය හඳුන්වා ඇත්තේ කෙසේද? ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගය ශල්‍යකර්මවලින් තොරව සුවකළ හැකි ද? ආයුර්වේදයේ...
2022-04-14 18:30:00
දරු උපතක් සිදුවන්නේ දරුවාගේ, පියාගේ, මවගේ යන තිදෙනාගේම කර්මානුරූපව බව මතක තියා ගන්න. දරුවකු අපේක්ෂා කරන තරුණ අම්මා යහපත් දරුවකු වෙනුවෙන් පළමුව...
2022-04-14 18:30:00
ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද...
2022-04-07 18:30:00