ආයුර්වේදයේ සඳහන් රෝග පරීක්ෂාව

මාර්තු 18, 2022

 

රෝගයක් පරීක්ෂා කිරීමේදී නිදාන (හේතු) පූර්වරූප (Prodromal Symptoms)  රූප (Signs symptoms)  උපශය (Suitable or unsuitable factors)  සහ සම්ප්‍රාප්ති Pathogenesis) යන 5 අවශ්‍ය වේ. ඒ රෝගයක් පිළිබඳ විශිෂ්ට ඥානයක් ලබාගැනීම සඳහා ය. රෝගයක් හටගත් විට කළ යුත්තේ නිදාන පරිවර්ජනය හෙවත් රෝග හේතුව වැළැක්වීමයි.මෙහිදී රෝගයක හේතුව නොදත් විට නිදාන පරිවර්ජනය කළ නොහැක. සන්නිකෘෂ්ට නිදාන සහ විප්‍රකෘෂ්ට නිදාන යනුවෙන් නිදාන දෙයාකාර වේ.

සන්නිකෘෂ්ට නිදාන යනු රෝගයකට ආසන්නම හේතුව දැන ගැනීමයි. විප්‍රකෘෂ්ට නිදාන යනු රෝගයක දූරේ නිදාන හෙවත් ආදියේ බලපෑ හේතු දැන ගැනීමයි. ‘ව්‍යාධි නිශ්චය කරණං නිදානම්’ යනුවෙන් රෝගයක් නිර්ණය කරනුයේ (Diagnosis)) නිදාන වේ. මෙහි පර්යාය (සමාන වචන) ලෙස නිමිත්ත, හේතු, ආයතන, ප්‍රත්‍යය සහ උත්ථාන කාරණ යන පද දක්වා ඇත. නිදසුනක් ලෙස මැටිකෑම නිසා මෘත්භක්ෂණ පාණ්ඩුව හටගනී. මෙසේ දූරේ නිදානයක් නිසා දෝෂ සංඛය වී රෝගයක් හටගෙන එය අසාධ්‍ය වීමට ඉඩ තිබේ.

ආප්තෝපදේශ, ප්‍රත්‍යක්ෂ, අනුමාන සහ යුක්ති යන 4 පරීක්ෂා යනුවෙන් චරක දශාවයි. නිදානාදී පංචකය දැනගැනීම සඳහා ආප්තෝපදේශ අවශ්‍ය වේ. දෝෂ කෙසේ කෝප වේද? රෝග ලක්ෂණ සහ රෝග සුව කරන උපාය පිළිබඳ දැනුම ආප්තෝපදේශ (Teachings of the rishis)  නම් වේ. පංචේන්ද්‍රිය, ඉන්ද්‍රියාර්ථ, ආත්මය සහ මනස යන සතරෙහි සංයෝගයෙන් ‘ප්‍රත්‍යක්ෂ’ නම් බුද්ධිය හටගනී. ප්‍රත්‍යක්ෂ පෙරදැරිව ‘අනුමානය’ සිදුවේ. දුමක් දැකීමෙන් ගින්නක් ඇතිවන බවද බීජ දැකීමෙන් ගසක අනාගතයේදී ඵල ඇතිවන බව දැනගන්නාක් මෙනි. යුක්ති යනු ජලය, සීසෑම, බීජ, සෘතු යන මේවායේ සංයෝගයෙන් ඉදිරියේදී අස්වැන්න ලැබෙන බව දැන ගැනීමයි.

නිජ, ආගන්තුජ සහ මානසික යනුවෙන් ත්‍රිවිධාකාර රෝග හටගනී. වා, පිත්, සෙම් යන තුන්දොස් නිසා නිජ රෝග ද, භූතදෝෂ (නොපෙනෙන බලවේග) විෂ, අග්නිය (ගින්න)’ අභිසාත (පහරදීම, වැටීමාදිය) ආදියෙන් ආගන්තුජ රෝගද කැමැති දේ නොලැබීම වැනි මනසට බලපාන හේතු නිසා මානසික රෝග ද හටගනී.

රෝගියකු පරීක්ෂා කිරීමේදී දර්ශන, ස්පර්ශන සහ ප්‍රශ්න යන ත්‍රිවිධ පරීක්ෂා උපයෝගි කෙරේ. තවද රෝගියාගේ නාඩි, මුත්‍ර, මල, ජ්හ්වා, ශබ්ද, ස්පර්ශ, දුක් සහ ආකෘති යන අෂ්ට ස්ථාන ද පරීක්ෂා කෙරේ. ත්‍රිවිධ පරීක්ෂා අතුරෙන් ප්‍රශ්න පරික්ෂාව පළමුව කෙරේ. මුඛ්‍ය (ප්‍රධාන) පීඩාව, එය හටගත් ආකාරය, අන්‍ය පීඩා, පූර්ව රෝග (ළමා අවදියේ සිට හටගත් සියලුම රෝග) උපශය, අනුපශය (රෝගය අඩු වැඩිවන හේතු) මෙමඟින් දැනගනී.

ස්පර්ශන (Palpation)  මඟින් විකෘති ස්ථානවල ප්‍රමාණය, මෘදුබව, තදබව, ස්පර්ශ අසහත්‍යතා (Tenderness), ජල පූර්ණතා (උදයේ දියර පිරුණ බව - Hepatomegaly ) අංග අසාමාන්‍ය ලෙස විශාලවීම (අක්මා විශාල වීම - ), අස්ථිභග්න (ඇට බිඳීම), ශාරීරික තාපය (ජ්වරයේදී උණුසුම් බව) ගොථ, ශොථ රෝගවලදී ස්ථානික ඉදිමුම, එබෙන සුළු බව, ශ්ලිපද (උදා - බරවා) රෝගයේදී කඨින, කර්කශ ඉදිමුම දැනගනී.

දර්ශන පරීක්ෂාවේදී රෝගියාගේ හිසේ සිට පාදාන්තය දක්වා පරික්ෂාව වෛද්‍යවරයා විසින්ම කළ යුතු ය. හිස, නේත්‍ර, මුහුණ, බෙල්ල, පපුව, උදරය ආදී අංශ, ප්‍රත්‍යංග ඒවායේ වර්ණය, හැඩය, විකෘතිවීම් ආදියෙන් පූර්වරූප සහ රූප විශිෂ්ට රූප දැන ගනී. පංචේන්ද්‍රිය පරික්ෂාව මෙහිදී වැදගත් වේ. මුහුණේ අඩක් ඇදවීමෙන් ආර්දිතය ද (Facial paralysis)  නේත්‍ර කහපාට වීමෙන් කාමලා වද (ණචභදඤඪජඥ) ඇස්යට ඉදිමීමෙන් වකුගඩු රෝග ද හඳුනාගනී. පපුව විශාල වූ දරුවකුගේ (ඕචපපඥත ඉඩචනඥඤ ජඩඥඵබ) කාලයක් ඇදුම තිබුණ බවද නිය අග පළල් වීම, බෙල්ල දෙපස සිරා ස්පන්දනය වීම හෘද් රෝගයක් ද, බෙල්ලේ ගලග්‍රන්ථිය විශාල නම් එහි අර්බුද, පිළිකා හෝ ගලගණ්ඩය ද (ඨධඪබඥප) අනුමාන කෙරේ.

නාඩි පරීක්ෂාවේදී තුන්දොස් අනුව නාඩි වැටීම, ගති, යති, ආකෘති, සංහති ආදිය දැනගනී. විනාඩියකට වැටෙන නාඩි සංඛ්‍යාව, ඒවා ක්‍රමවත් ද, අක්‍රමවත් ? ධමනිය පිරි ඇත්ද? බැලිය යුතුය. මන්දාග්නි සහ ධාතුක්ෂය ඇතිවිට නාඩි මන්ද වේ. අධිරුධිර පීඩනයේදී නාඩි පරිමාව වැඩිවේ.

මුත්‍ර පරීක්ෂාවේදී වර්ණය, ගන්ධය, ශකීරා සහිත බව, පෙන හටගැනීම, අමතර දෑ - සීනි, ස්ථවිත, පූයාණු පරීක්ෂා කෙරේ. මලිවල වර්ණය (කුජ නම් ලේ සහිත ද?) ගන්ධය, ලේ සහිතවද රතුවන්ද ශ්ලෙෂ්මල (ථභජභඵ) සහිතද ජිහ්වා පරීක්ෂාවේදී දිවේ මැලියම් බැඳී තිබීම (සාම) කර්ණ පරීක්ෂාවේදී (ශ්‍රවණය) නේත්‍ර පරීක්ෂාවේදී පෙනීම, ස්පර්ශ පරීක්ෂාවේදී සමට උණුසුම, වේදනාව, ස්පර්ශය දැනෙනවාද? යන කරුණු දැනගනී.

ශ්‍රවණ (ඒභඵජභතබචබඪධද) පරීක්ෂාවේදී වෙද නලාව මඟින් ද හෘදය සහ පෙණහලු තට්ටු කිරීමෙන් (ර්‍ථඥපජභඵඵඪධද) එම ඉන්ද්‍රියවල ප්‍රමාණය විස්වාරිත වීම, (ඥදතචපඨඥථඥදබ) උදරයට තට්ටු කිරීමෙන් වාතය හෝ දියර පිරුණ බව (උදා - ආධිමාන හෝ ජලෝදර) දැනගනී. අග්නිය (තීක්ෂණ, විෂම, මන්ද හෝ සමද) දත යුතුය. ආහාර දිරවීම මඟින් අග්නිය දැනගනී. දිරවීම අඩුවීම මඟින් මන්දාග්නිය ද එමඟින් අර්ශස් රෝගය ද හටගත් බව දැනගනී. අතිමාත්‍ර භෝජනයෙන් (කෑ පිට කෑම ආදිය) තීක්ෂණාග්නිය ද ඒ අනුව මධුමේහය ද ඇතිවීමද හඳුනාගනී. ව්‍යායාම ශක්ති අනුව ශරීර බලය තීරණය කෙරේ. ව්‍යායාම අල්පව කිරීමෙන් විඩාවට පැමිණේ නම්, දුබල බවද අපේක්ෂිත ව්‍යායාම කිරීමෙන් රෝගියා බලවත් බවද අනුමාන කෙරේ.

උපදින දෝෂ සම්බන්ධ නොවූ රෝගය යමක් නිසා දක්නා ලැබේ ද එය පූර්වරූප නම් වේ. රෝගය අල්ප බැවින් එහි අප්‍රකට ලක්ෂණ පූර්ව රූප ලෙස සලකන බවද දැක්වේ. සාමාන්‍ය පූර්වරූප සහ විශේෂ පූර්ව රූප යනුවෙන් එය දෙයාකාර වේ. අසවල් දෝෂය නිසා ඇතිවන ජ්වර ආදියේ ලක්ෂණ සාමාන්‍ය පූර්වරූප ලෙස ද දොස් මදක් වෙනස් වන්නේ විශේෂ පූර්වරූප ලෙස ද හැඳින්වේ. පූර්වරූප ප්‍රකට වූ විට රූප නම් වේ. මධුමේහ රෝගයේදී දත්වල මල බැඳීම, අත්පා දැවිල්ල, මුඛයේ මධුර රස දැනීම පූර්වරූප වන අතර, බහුමුත්‍රතාවය, අධික පිපාසය සහ අධික බඩගින්න රූප (රෝග ලක්ෂණ) වේ.

උපශය යනු රෝගයක හේතු සුව කරන, ඖෂධ ආහාර සහ විහරණ යෙදීමයි. ඊට විපරීත එනම් රෝගය වැඩි කරන්නේ අනුපශය නම්, ඌරුස්තම්භ හේතුම, වාතව්‍යාධිවලට හේතුවේ. නමුත් වාතව්‍යාධීන්ට, තෛලාභ්‍යංගය (තෙල් ගෑම) උපශය වනමුත් ඌරුස්තම්භයට අනුපශය වන බැවින්, මෙම රෝගය හඳුනාගැනීම පහසුය. ජ්වරයේදී ශ්‍රම, අරති යන පූර්වරූප ඇතිවිට ලඝු ආහාර උදා - කැඳ, අපතපණ මඟින් රෝගය වහා සුවකරගනී. මෙ අනුව පූර්වරූප සහ උපශය දැනගැනීම චිකිත්සාවේදී ප්‍රයෝජනවත් වේ.

දූෂිත වූ දෝෂයන් නිසා යම් රෝගයක හටගැනීමක් වේද එසේ සිදුවීම් සම්ප්‍රාප්ති නම් වේ. මිශ්‍ර වූ දෝෂයන්ගේ අංශාං කල්පනා වෙන් වෙන් කොට සැලකීම විකල්ප යනුවෙන් හැඳින්වේ. රෝගයක නිදාන (හේතු) දැනගෙන, චිකිත්සා යෙදීම සඳහා එම රෝගයේ සම්ප්‍රාප්තිය දැනගැනීම අනිවාර්යය වේ.

රෝගයක හේතු, පූර්වරූප, රූප අල්පවේ ද, දූෂ්‍ය වාතාදී දෝෂයන් හා සමාන ගුණ නොවේ ද දෝෂ රෝගියාගේ නිජ ප්‍රකෘතිය නොවේද එසේම ශීත, උෂ්ණ කාලයාගේ සමාන ගුණ නොවේ ද යට දේශයක උපන් රෝගයකට පිළියම් දුෂ්කර නම්, එබඳු දේශයකුත් නොවේ ද රෝග එක මාර්ගයක වේද එක් දෝෂයකින් හටගත්තේ ද රෝගියා වමනාදී පංචකර්ම ඉවසීමට සමත් ද, චිකිත්සාව චතුෂ්පාදවලින් සමන්විත ද එම රෝගය සුඛසාධ්‍ය වේ (වහා සුවවේ) මෙම කරුණුවලින් වෙනස් වූයේ කෘචඡ්‍රසාධ්‍ය (අපහසුවෙන්, සුවවේ) හෝ අසාධ්‍ය වේ. බුද්ධිමත් වෛද්‍යවරයා විසින් රෝගයක රෝග - රෝගි පරික්ෂා මඟින් සාධ්‍ය සාධ්‍ය පසක්කර සාධ්‍ය රෝග සඳහා ප්‍රතිකාර කළ යුතු බව චරකාචාර්යයන් දක්වයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.