වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
රුව ලස්සන, හිසකෙස් වල දීප්තිය වඩවා ඉස් හොරි මර්දනයට ගස්ලබු
නොවැම්බර් 12, 2021
ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් අපි හිතන්නේ නැති තරම් පෝෂ්‍යදායී පලතුරු වර්ගයක්. අපේ රටේ පැපොල් ඕන තරම් තියෙන නිසා අපිට ඒවායේ අගයක් නැහැ. නමුත් වෙනත් රටවල පැපොල් වලට ඇති ඉල්ලුම ඉතා ඉහළයි. පැපොල් සිරුර අභ්‍යන්තරයේ වගේම බාහිරටත් එක වගේ පෝෂණයක් ලබා දෙනවා.
සමේ තෙතමනය රඳවා ගැනීමට ගස්ලබු මී පැණි මිශ්‍රණය
හොඳීන් පොඩි කරගත් ගස්ලබු තේ හැන්දකට පිරිසිදු මී පැණි තේ හැන්දක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. පැය භාගයකට නොඅඩු කාලයක් මේ ආලේපනය මුහුණේ තබාගත යුතුයි. හොඳීන් වියළුණු පසු මෙම ආලේපනය සිසිල් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරය මඟින් සිදු වන්නේ අධික වියළි බව නිසා සමේ ඇතිවන කොරපොතු සහිත ස්වභාවය නැති වී යාමත් සමට තෙතමනයක් ලබා දීමත් කියන ප්‍රධාන ක්‍රියාවයි.
සමේ අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට ගස්ලබු යුෂ.
ගස්ලබු යුෂ කොට්න් පුළුන් කැබලි වලට පොඟවා ගන්න. ඉන්පසු මේ කොට්න් පුළුං කැබලි තුනී ස්ථර ලෙස සකස් කර ඔබේ මුහුණේ ලප කැළැල් සහ අඳුරු පැල්ලම් සහිත ස්ථාන මත ස්පර්ශ වන සේ තබන්න. විනාඩි 15 ක් 20 කින් පමණ මේ පුළුන් කැබලි ඉවත් කරන්න. ඉන්පසු ගස්ලබු යුෂ ගතිය ඉවත් වන ලෙස සිසිල් වතුරින් මුහුණ සෝදා හරින්න. මේ සත්කාරය මඟින් මුහුණේ අඳුරු පැහැති ලප සහිත ස්වභාවය ක්රමයෙන්අඩු කරගන්න පුළුවන්.
සමේ රැලි ඉවත් කිරීමට ගස්ලබු පොතු සත්කාරය
අවුරුදු 35 ඉක්ම යාමත් සමඟ විශේෂයෙන් කාන්තාවන්ගේ මුහුණේ සියුම් රැලි මතු වෙන්න පටන් ගන්නවා. මේ රැලි ස්වභාවය ක්‍රමයෙන් ඉවත් කරන්නත් ගස්ලබු වලට පුළුවන්. මේ සඳහා පාවිච්චියට ගන්නේ ගස්ලබු පොත්තයි. ගස්ලබු ගෙඩියේ මදය කෑමට ගත් පසු ඉතිරිවන පොත්ත මුහුණේත්, බෙල්ලේත් හොඳීන් අතුල්ලන්න. ඉන්පසු විනාඩි 15 කින් පමණ පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. ඉදුණු ගස්ලබු පොතු වල ඇති එන්සයිම වර්ග මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේ ඇති මැරුණු සම ක්‍රමයෙන් ඉවත් කරනවා. මැරුණු සම ඉවත් වීමෙන් වියපත් පෙනුමක් ඇති කරන සමේ රැළි අඩකින් පමණ අඩු වෙනවා.
හිසකෙස් හැලීමෙන් වැළකීමට ගස්ලබු යුෂ පානය.
හිසකෙස් හැලීම අඩු කරන්න හොඳම විදිය තමයි දවසකට ගස්ලබු යුෂ වීදුරු දෙකක්වත් (සීනි නොයෙදූ) පානය කිරීම ඉතාම සුදුසුය. ගස්ලබු වල ඇති ෆෝලික් අම්ලය මඟින් හිසේ කෙස් ගස් සහ කෙස් මූල ශක්තිමත් කරනවා. ඒ විතරක් නෙවෙයි හිසකෙස් වල වර්ධනයත් වැඩි කරනවා.
නිරෝගි කෙස් කළඹකට ගස්ලබු ආලේපනයක්
දිදුලන කෙස් කළඹකට ඔබත් කැමති නම් කරන්න තියෙන්නේ යෝගට් සහ ගස්ලබු මද සම ප්‍රමාණ වලින් මිශ්‍රකර විනාඩි කීපයක් තබා කෙස් කළඹේ ආලේප කිරීමයි. හිසකෙස් තීරු ලෙස බෙදා ඉහත මිශ්‍රණය හොඳීන් කෙස් ගස්වල වදින ආකාරයට ආලේප කරන්න. පැයක් පමණ තබා සෝදා හරින්න. ගස්ලබු වල විටමින් ඒ බහුලව තිබෙනවා. මේවා සීබම් නොහොත් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වයට ඉතාම වැදගත්.
හිස්හොරි පාලනයට ගස්ලබු ඇට
ගස්ලබු ඇට අපේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ගස්ලබු ඇට හොඳීන් බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් සාදා එය හිස් කබලේ හොඳීන් ආලේප කරන්න. පැයක් පමණ එසේම තබා ෂැම්පු කර සෝදා හරින්න. හිස්හොරි කියන්නේ දිලීරයක්. මේ දිලීරය විනාශ කරන්න ගස්ලබු ඇටවල ඇති ප්‍රති දිලීරකාරක වලට පුළුවන්. මෙම සත් කාරය තුන් හතර වතාවක් කිරීමෙන් පසු හිස්හොරි නිට්ටාවටම සුව වේවි.නැවත ඉස් හොරි මතුවුණොත් එම සත්කාරයම නැවත වතාවක් කරන්න
හෘද රෝග හා කොලෙස්ටරෝල් පාලනයට හිතකරයි
විටමින් ඒ බහුල පෝෂ්‍යදායීම පලතුරක් තමයි ගස්ලබු. ගස්ලබු දිනපතා තීරු දෙකක් බැගින් ආහාරයට ගැනීමෙන් හෘද රෝග පවා සමනය වෙනවා. ගස්ලබු කියන්නේ විටමින් සී වලින්ද පරිපූර්ණ පලතුරක්. කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හොඳම පලතුරක් ලෙසද ගස්ලබු හඳුන්වන්න පුලුවන්. කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වීම නිසා ඇතිවිය හැකි රුධිර නාල ඇහිරී යාම මෙන්ම හෘද රෝග තත්ත්වයන් පවා ඒ මඟින් සමනය වෙනවා.
රඹුක්කන,
කීර්ති එස්. කුමාර
෴ සබැඳි ලිපි ෴
පුද්ගලයකුගේ සාමාන්‍ය සෞඛ්යමත්භාවයට තර්ජනයක් වන මට්ටමට සිරුරේ මේදය තැන්පත් වීම තරබාරුකම හෝ ස්ථුලතාවය ලෙස සරලව දක්වන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
2024-06-13 18:30:00
ආයුර්වේදය යනු ශරීරය,මනස හා ආධ්‍යාත්මය නීරෝගීව පවත්වා ගනිමින් තුලනාත්මක සමාජ සම්බන්ධතාවයක්පවත්වා ගැනීම සඳහා ඉහළ ප්‍රවණතාවයක් ලබාදෙන ශාස්ත්රයකි...
2024-06-13 18:30:00
හෘදයාබාධයනට, ආඝාතයට විශේෂයෙන් ලක්වන කොලෙස්ටරෝල් රෝග ගණනාවකටම හේතුවන ප්‍රබල රෝගයකි. රුධිරගත මේදය, නහර ගත මේදය යනුවෙන් හඳුන්වනු ලබන කොලෙස්ටරෝල්...
2024-06-06 18:30:00
ආයුර්වේදය හා පාරම්පරික වෙදකම අතර විශාල වෙනස්කම් ඇති බවට මතයක් ජනතාව තුළ පවතී. එහෙත් සැබැවින්ම මෙහි වෙනසක් තිබේද? අප ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර්...
2024-06-06 18:30:00
පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහචීන කටු වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්රියඔළුවේ කැක්කුම හෙවත් හිසරදය ගැහැනු පිරිමි වයස් භේදයකින් තොරව එදිනෙදා...
2024-05-30 18:30:00
පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය කෙරෙහි එදා අපේ කාන්තාවන් දැක්වූයේ මහත් ආදරයක් ළැදිකමක්. මේ නිසා කෙස් කලඹ රැක ගැනීමට දේශීය වශයෙන් ගන්නා වූ...
2024-05-16 18:30:00
පාද ආශ්‍රිතව ඇතිවෙන දැවිල්ල හෙවත් Burning Feet තත්ත්වය අද සමාජයේ බොහෝ දෙනා වයස් භේදයකින් තොරව පීඩා විඳීන තත්ත්වයක්.කෙටි කාලීනව සහ දීර්ඝ දැවිල්ල...
2024-05-16 18:30:00
අම්මෝ, පුදුම රස්නයක්නේ, ඇඟම පිච්චිලා යනවා, මුළු ඇඟම දනවා, දහදියෙන් මුළු ඇඟම තෙත්වෙලා. නින්ද යන්නෙත් නැහැ. රෑ පුරාම ඇඟ සෝදනවා. ඇඟ පුරාම බිබිළි, කසනවා...
2024-05-16 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කරනු ලබන මේ “උතුම් තෙයියෝරු තෙල” ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් රටට හෙළි කරන අවස්ථාවයි!ඉතා...
2024-05-16 18:30:00
මේ වන විට මෙරට වසරකට ඇදුම රෝගීන් ලක්ෂ පහක් පමණ වාර්තා වන බව කියැවේ. බෝ වන රෝගයක් නූවුවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, ඊලේ, පපුවේ...
2024-05-09 18:30:00
ශ්‍රී ලංකාව, දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදයේ ගැඹුරු සම්ප්රදායක් ඇතුළුව සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් ගුණාංගයන්ගෙන් යුක්තය. සහශ්‍ර ගණනාවක්...
2024-05-09 18:30:00
හතරවැනි අභ්යාසයඉදිරිපස සහ දෙපස බැලීමඉහත රූපයේමෙන් පාද දිග හැර ආස්තරණයෙ හිදින්න. එහිදී සිරුරේ එකම පිහිටීම පවත්වා ගන්න, නමුත් වම් අතේ මාපටැඟිල්ල ඉහළට...
2024-05-09 18:30:00
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග සහ දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරයක්...
2024-05-09 18:30:00
රවි ග්‍රහයා වෘෂභ ලග්නයට සංක්‍රමණය වීම මැයි මස 14 වැනිදා පස්වරු 5.54ට සිදුවේ. එහි බලපෑම ජූනි 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මසක පමණ කාලයක් පවතිනු ඇත...
2024-05-09 18:30:00
බොහෝ අය ඔවුන්ගේ පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ඇස් කණ්ණාඩි හෝ අක්ෂි කාච පැළඳ සිටිති. කෙසේවෙතත්, ඇස් කණ්ණාඩි ඇත්ත වශයෙන්ම දුර්වල ඇස් පෙනීම සුව...
2024-05-02 18:30:00
අපට නිතර නිතර ඇතිවන පුංචි පුංචි රෝගාබාධවලට භාවිත කළ හැකි අත්දුටු ඖෂධ සුබසෙත පුවත්පතේ පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වේ යැයි සිතමි.මුත්‍රා දැවිල්ලට...
2024-05-02 18:30:00