බටහිර විද්‍යාව අභිබවා ගිය එදා අපේ හෙළ වෙදකම

ජනවාරි 22, 2021

හෙළ වෙදකම යනු වර්තමානයේ විශාල කතිකාවතක් නිර්මාණය වූ මාතෘකාවකි . ඒ කෙසේ වුවද අද අප හෙළයින්ට උරුමව තිබූ ඒ මහා ප්‍රෞඪ,මහා බලැති දේශීය වෛද්‍ය ක්‍රමය නොහොත් සිංහලයින්ගේ වෙදකම හෙවත් හෙළ වෙදකම අපෙන් බැහැරට යමින් ගිලිහෙමින් පවතී.

 

බටහිර වෙදකම කෙරේ දැඩි විශ්වාසයක්, කැමැත්තක් ,පැහැදීමක් ඇති කර ගත් හෙළයින් අපගේ දේශීය වෛද්‍ය ක්‍රමය එදා සුද්දා වැද්දා කල සිටම පැවති දියුණු වෛද්‍ය විද්‍යාවක් බව නොදැනුවත්ව ඇත්තේ අද හෙළයින්ගේ පවතින යටත් විජිත මානසිකත්වය හා එදා අප රටේ උරුම දීන බවට පත් කරමින් බටහිර ආක්‍රමණවලට ගැති වූ මෙම හෙළ දිවයින මත බිහිවූ කළුසුද්දන්ගේ පරගැති ආකල්ප නිසාවෙනි. අපගේ සිංහල ජනතාව පුරුදුව ඇත්තේ තම උරුමය, තම සංස්කෘතිය ,තම පැරණි ආකල්ප මතිමතාන්තර හෑල්ලුවට ලක් කරමින් බටහිර ආකල්ප,විද්‍යාව, සංස්කෘතියට කත් ඇදීමටය ,එයට ගරු කිරීමටය නමුත් අපි නොදන්නා කරුණ නම් බටහිර විද්‍යාව මෙම විද්‍යා හා තාක්ෂණ ක්‍රමවේද සොයා ගැනීමට වසර දහස් ගණනකට පෙර සිට ම අප හෙළදිව තුළ ජීවත් වූ ආදී මුතුන් මිත්තෝ මෙම සියලූ විද්‍යා ප්‍රගුණ කර සිටියහ.අදට ද බටහිර විද්‍යාව පරීක්ෂණ මට්ටමේ පවතින අතර අපගේ හෙළ වෙදකම හා

එදා හෙළයින් සතුව තිබූ තාක්ෂණික ක්‍රම වර්තමාන බටහිර විද්‍යාව පවා අභිභවා ගොස් තිබිණි.

හෙළ වෙදකමේ කඩාවැටීම

කොළඹ අවදියේ හෙළදිව ඉංග්‍රීසීන් අතට හරවමින් සිංහල ජාතිය පරාධීන වනු සමඟම ලක්වැසියාගේ ප්‍රධානම ජාතික උරුමයන් වන සිංහල භාෂාව බුද්ධාගම හා හෙළ වෙදකම යන ප්‍රධාන ජාතික උරුම තුනම ක්‍රමයෙන් ඇද වැටිණි. වෙදැදුරන් අවලංගු කාසි බඳු විය. වෛද්‍ය ග්‍රන්ථ විනාශ විය. සැත්කම්, විදුම් පිලිස්සුම්, රස වෛද්‍ය ක්‍රමය ක්‍රමයෙන් විනාශ මුඛය කරා ඇදිණි.වටිනා වෛද්‍ය ග්‍රන්ථ නූගතුන් සතු වීම සමඟම ඔවුන්ගේ ක්‍රියාකලාප නිසා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය බි¼දී ගියේය.තවත් බොහෝ වෛද්‍ය ග්‍රන්ථ විනාශ වී ගියේය.ඉංග්‍රීසින් විසින් දේශීය වෛද්‍ය ක්‍රමය කප්පාදු කළහ.ඔවුන් මෙහි වටිනාකම අවබෝධ කරගත් නිසා හෙළයාට ඇති විශේෂිත උරුමයක් වූ අපේ හෙළ වෙදකම සුද්දා විසින් මෙම පොළෝ තලයෙන් අතුගා දැමීමට කටයුතු කළහ.බටහිර වෙදකම හෙළයා තුළ කාවැද්දීමට ඉංග්‍රීසින් යත්න දැරූ නමුත් හෙළ වෙදකම නොමැරී බේරුණේ ප්‍රත්‍යක්ෂ චිකිත්සා ක්‍රමයන් නිසාවෙනි.

එදා හෙළ වෙදකමේ දස්කම් බිඳක්

හෙළ වෙදකමේ දියුණුම යුගයක් ලෙස අනුරාධපුර පොළොන්නරු යුගය හැඳීන්විය හැකිය. අනුරාධපුර යුගයේ දෙවැනි පෑතිස් රජු දවස මිහින්තලය ආරාම සංකීර්ණයේ පිහිටුවා තිබූ ආරෝග්‍යශාලාව ලොව ප්‍රථම ආරෝග්‍යශාලාව බවට විශ්වාස කරයි. මෙහි නටබුන් අතර පවතින ගලින් හා වානේවලින් නිපදවූ කතුරු පිහි වැනි වෛද්‍ය උපකරණ ද බෙහෙත් ඔරු ඇඹරුම් ගල් ද අදට ද දක්නට ලැබේ.බටහිර විද්‍යාඥයින් නිර්වින්දනය සොයාගනුයේ 18 වන සියවසේ අග භාගය වන විටය. නමුත් අපගේ හෙළ වෙදකමේ නිර්වින්දනය හා ශල්‍යකර්ම සිදු කිරීම ක්‍රිස්තු පූර්ව 4-5 වන සියවස්වලද සිදු කර ඇති බවට මෙහි පවතින පුරාවිද්‍යාත්මක සාක්ෂි මනාව පිළිබිඹු කරයි. මෙයම නිදසුනක් නොවේද එදා අපේ හෙළ වෙදකමේ පැවති දියුණු තත්ත්වය කියාපෑමට.

දුටුගැමුණු රජ දවස විජිතපුර සටනේදී උණු ලෝදියෙන් දැවීගිය කඩොල් ඇතාගේ පිටේ තෙල් පුළුන් අලවා ඇතා සුවපත් කළ ආකාරයත් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු වූ බුද්ධදාස රජු දවස බුද්ධදාස රජතුමා විසින් නාගයකුගේ සිරුරේ තිබූ ගෙඩියක් ශල්‍යකර්මයක් මඟින් සුවපත් කිරීමත් එදා අපේ හෙළ වෙදකමේ පැවැති දස්කම්ය

මෙම යුගයන්හිදී රාජ්‍ය කළ සියලුම රජවරු හෙළ වෙදකම දියුණුව පිණිස ආරෝග්‍යශාලා තැනීම වෙද සල් කරවීම රෝහල් පිහිටුවා නඩත්තුවට ගම්වර දීම,සූතිකාගාර සහ සූතිකාවන් උදෙසා වෙනම රෝහල් පිහිටුවීම වැනි කටයුතු සිදු කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි දරයි.

වර්තමානයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව ඔස්සේ විවිධ සොයාගැනීම් පරීක්ෂණ පවත්වන අතර අප ආදී මුතුන්මිත්තන් පෙර පටන්ම ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ මනා අවබෝධයකින් පසු විය. ඉඩෝරයකට පසු වසින වැස්සට එදා මිනිසුන් තෙමෙන්නට ගියේ නැත.

ඒ ඉඩෝර කාලය තුළ වායුගෝලයේ ඉහළ ස්ථරවල රැඳුණු කුඩා විෂබීජ අංශු වර්ෂාව සමග පොළොවට පතිත වීම නිසාවෙන් එම වර්ෂාවට තෙමීම නිසා රෝගාබාධ ඇති වන බව ආදී මුතුන් මිත්තෝ දැන සිටියහ. එමෙන්ම එසේ ඇදහැලෙන වර්ෂාවෙන් පසු ගවයින්ට ,මුවන්ට වැනි කුර සහිත සිවුපා සතුන්ට ඇතිවන මුඛ කුර රෝග පවා ක්ෂුද්‍ර ජීවී විද්‍යාව ඇසුරින් අවබෝධ කරගැනීමට අපේ හෙළ මුතුන්මිත්තන් දැනුමින්

පෝෂිතව සිටියේ අන්වීක්ෂ පවා නොමැති,බටහිර විද්‍යාව ක්ෂුද්‍ර ජීවී විද්‍යාව කුමක්ද යන්න හඳුනා ගැනීමටද ප්‍රථම ය.

වර්තමානයේ ගර්භණීභාවය සනාථ කිරීමට සිදුකරන ඩ්ට්ඛ් බඥඵබ සොයා ගැනීමට ප්‍රථම මීට වසර තුන්දාහකට පමණ පෙර හෙළයින් විසින් ගර්භිණී

පරීක්ෂාව සිදු කර තිබිණි.ඒ පාලක පාලිත පරීක්ෂාව ද සමඟිනි.ගර්භිණී මුත්‍රා සාම්පලය, සාමාන්‍ය මුත්‍රා සාම්පලය, ජල සාම්පලය ලෙස ගෙන එයට අබ ඇට ස්වල්පය බැගින් දමා පරීක්ෂා කිරීමේදී ගර්භ මුත්‍ර සාම්පලයේ අබ ඇට පැළ නොවන අතර අනෙක් සාම්පල්වල අබ පැළ දැකගත හැකිය.

බටහිර විද්‍යාව ඩ්ට්ඛ් හෝමෝන පරීක්ෂාව සිදු කිරීමට වසර දහස් ගණනකට ප්‍රථම මෙන්ම බටහිර විද්‍යාව පාලක පාලිත පරීක්ෂා හඳුන්වා දීමට ප්‍රථම අපේ හෙළවෙදකම මෙලෙස දැනුමින්, ක්‍රියාවෙන්, අත්දැකීම් පරීක්ෂණ නිරීක්ෂණයෙන් පෝෂණය වී සිටියේය.

මේ අපේ හෙළයාගේ විද්‍යාවේ දැනුමෙන් විස්තර බිඳක් පමණි. අප බටහිරට ආවැඩූවද අපගේ ඉතිහාසය පිළිබඳ විශ්ලේෂණයේදී අපටම අපගේ ආදි හෙළයන් ගැන ආඩම්බර විය හැකි අතර අද අප සිටින තැන පිළිබඳ කනගාටුව ද ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අප අද දීන පරාදීන ජාතියක් බවට පත් කර ඇත්තේ ඒ සුද්දා විසින් ම ය.අපේ ජාතියේ අභිමානය විනාශ කිරීම ආරම්භ කළේ අපේ සිංහල හෙළ ජාන වෙනස් කරමින් කළු සුද්දන් බිහි කරමින් අපට යටත් විජිතවාදී මානසිකත්වයක් ගොඩනංවමිනි.

ඒ හේතුවෙන්ම අදට ද බටහිර ගැති වෙමින් පවතී.දැන් අපට ජාතියක් ලෙස එක්ව නැගිටීමට කාලයයි. අපේ දේ රැක ගනිමින් එම දැනුම වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි. හෙළ අභිමානය අපිට දැනිය යුතු කාලයයි. හෙළ වෙදකම ද පෝෂණය කර ගනිමින් එකිනෙකා කා කොටා නොවැටෙමින් හෙළ වෙදකම දියුණු කර ගත යුතු කාලය එළඹ ඇත.

සියලු දෙනා එක්ව රාජ්‍ය අනුග්‍රහය ද සහිතව අපට අභිමානයක් වූ අපේ හෙළවෙදකම ආරක්ෂා කර ගනිමු .

 

වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ

(ඩී.එස්.ඒ.සී.ගෞරව )

බෙහෙත්ශාලාව මැදගොඩ අමිතිරිගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.