වෛද්‍යාදී චතුෂ්පාදයේ වෛද්‍යවරයාට නොදෙවෙනි ඖෂධ පාදය

අගෝස්තු 7, 2020

වෛද්‍යාදි චතුෂ්පාදය අතුරින් වෛද්‍යවරයාට පමණක් දෙවැනි, ඊළඟ වැදගත්ම අංගය වන්නේ ද්‍රව්‍ය හෙවත් භෙෂජයි. භෙෂජ යනු ඖෂධයි. චරක මතානුකූලව භෙෂජ දෙයාකාර වේ. එනම් ද්‍රව්‍ය හා අද්‍රව්‍ය වශයෙනි. අද්‍රව්‍ය චිකිත්සාව ද්‍රව්‍යයන්ගෙන් තොරව සිදුකරන බැවින් එහිලා ද්‍රව්‍ය පාදය උපයෝගී නොවේ. එහෙත් ද්‍රව්‍ය චිකිත්සාවේදී ද්‍රව්‍ය පාදය ඉතාම වැදගත්. අංගයකි. ප්‍රධාන වශයෙන් මෙය ප්‍රභේද තුනකට විග්‍රහ වේ.. එනම් ඖද්භීද, පාර්ථීව, හා ඡාන්තව වශයෙනි. 

ඖද්භිද යනු ගස්වැල් ආදියෙන් ලබාගන්නා ඖෂධ වේ. පොළොවෙන් ලබා ගන්නා දෑ පාර්ථිව වන අතර සත්වයින්ගෙන් ලබා ගන්නා කොටස් ඡාන්තව නම් වේ. 

ආයුර්වේද ඖෂධ සංස්කරණයේදී ආසව, අරිෂ්ට, ක්වාථ, අර්ක. ගුලි, කල්ක, චූර්ණ, ඍත, තෛල, ලේහ, ප්‍රලේප, ආදි විවිධාකාරවූ ඖෂධ යෝග රාශියක් දක්නට ලැබෙන අතර මේ සියලුම සංස්කරණයන් සඳහා ත්‍රිවිධ ඖෂධ වර්ගම වෙන් වෙන්ම සේම සම්මිශ්‍රව ද ගනු ලැබේ. 

බහුතා තත්‍ර යෝග්‍යත්ව අනේක විධ කල්පනා 

සමීපච්චේති චතුෂ්කෝයං ද්‍රව්‍යාණ්‍යං ගුණ උච්චතේ වෛද්‍ය පාදය මෙන්ම ඖෂධ පාදයද ප්‍රධාන ගූණ සතරකින් යුක්ත විය යුතු බව ඉහත ශ්ලෝකයෙන් පෙන්වා දෙයි. 

අෂ්ටාංග හෘදය සංහිතාවට අනුව බහු කල්පං බහු ගුණං සම්පන්න යෝග්‍ය මෞෂධම් යනුවෙන් දක්වා ඇත. එනම් 

1.බහුතාව හා බොහෝ ගුණ යුක්ත බව 

2.රෝග ශමනයට සුදුසු බව 

3. විවිධ සංස්කරණවලින් සිදු කළ හැකි බව 

4.රස ගුණ, වීර්යය විපාක ආදිය පිහිටා තිබීම 

බහුතාව 

01.බහුතාව  

අදහස් කෙරෙනුයේ ඖෂධ බහුල වශයෙන් තිබිය යුතුය යන්නයි. ද්‍රව්‍යන් අල්පව තිබීම රෝග ප්‍රශමනයට බාධාවකි. බොහෝ ගුණ යුක්ත ඖෂධ නොඅඩුව තිබීම බොහෝ රෝග දුරු කිරීමට හේතු වේ. 

02.යෝග්‍යතාව 

යම්කිසි ඖෂධයක් කිසියම් රෝගයකට හේතුවු දෝෂ, දූෂ්‍ය කාල, දේශ, මාත්‍රා, වයස ආදි සියල්ල විමසා බලා යෙදු කල්හි රෝගය දුරුවී යයි නම් එම ඖෂධය යෝග්‍ය ලෙස සැලකේ. ඖෂධ නොවන කිසිවක් මෙලොව නොමැති හෙයින් රෝගයට යෝග්‍ය ඖෂධ තෝරා ගැනීම වෛද්‍යවරයා සතු වැදගත් කාර්යයකි. 

03. අනේක විධ කල්පනා 

විවිධාකාර සංස්කරණවලින් ඖෂධ යෙදීම අනේක විද කල්පනා නම් වේ. ස්වරස, ගුලි, කල්ක, චූර්ණ, පාණ්ඨ, තෛල ආදී වශයෙන් ආයුර්වේදයේ විවිධ ඖෂධ කල්පනා පවතින්නේය. එක් එක් රෝගියා එකම ප්‍රකෘතියක පිහිටා නොමැති බැවින් රෝගියාගේ රුචිය අනුවත්, බලා බලත්වය අනුවත් ඖෂධ සකස් කර දීම සිදුවිය යුතුය. 

04. සම්පන්නතාවය 

මින් අදහස් කෙරෙනුයේ ඖෂධ ද්‍රව්‍ය ලබා ගන්නා ස්ථානය, ලබා ගන්නා වේලාව, කාලය, අවශ්‍ය අංගය, එහි රස ගුණ වීර්ය, විපාකය, ප්‍රභාව යනාදිය සම්පූර්ණ වීමයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.