හදවත් රෝගවලින් පරිස්සම් වෙමු

දෙසැම්බර් 28, 2018

ලෝකයේ හදවත් රෝග වේගයෙන් ව්‍යාප්ත වී ගෙන යන අතර කෘෂිකාර්මික රටාවකින් ඉවත්වී ලොව කාර්මීකරණය වීම නිසා මිනිසාගේ සරල ජීවිතය වෙනස්වීම මෙම හදවත් රෝග වැඩිවීමට බලපා ඇති බව පෙනේ. මිනිසුන් පස්දෙනෙකුගෙන් එක් අයකුට හදවත් රෝග ඇති බව සංඛ්‍යාලේඛනවලින් සොයාගෙන ඇත.

හෘද රෝගයක් ඇති බව අප දැන ගන්නා ලකුණු පපුවේ ඉදිරිපස සිට වම් අත හා උරහිස දෙසට වේදනාව පැතිරේ. ඒ සමඟම රෝගියාට අප්‍රාණික බව, දහඩිය දැමීම, ඔක්කාරය, වමනය, කරකැවිල්ල සහ නොසන්සුන්කම කම්පනය සමඟ සීතලවීම සුදුමැලිවීම, හුස්ම ගැනීමේ අපහසුව ඇතිවේ.

හෘද රෝගවලින් වැළකීමටනම් ආහාර පාලනය කොලෙස්ටරෝල් අඩු ආහාර හා යොදය සහිත කිරි භාවිතය එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම දහදිය දමන ව්‍යායාමවල නිරතවීම, බිත්තර ආහාරයට ගැනීම අඩු කිරීම ලුණු ආහාර අඩු කළ යුතු ය.

සිගරැට් බීම හෘද රෝගවලට ප්‍රධාන හේතුවකි. සිගරැට් දුමේ කාබන් මොනොක්සයිඩ් අඩංගු ය. එයින් ජෛවී ඉන්ද්‍රයයන්ට අක්මාව මොළය හා හෘදයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු කරයි. සිගරට් දුම්බීම හෝ දුම්පානය කරන්නෙකු අසල සිටීම කෙතරම් අහිතකර වේද යන්න මෙයින් පැහැදිලි වේ. සිගරැට් දුමේ කොටස් හාරසියයක් ඇත. ඉන් නිකොටින් වඩාත් අහිතකර ද්‍රව්‍යයක් වේ. නිකොටින් මඟින් ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් ඩ්ච්ඹ් මට්ටම අඩුකරන අතර අහිතකර කොලෙස්ටරෝල් ඹ්ච්ඹ් ප්‍රමාණය වැඩි කරයි. එයින් නාල තුළ රුධිර කැටි ගැසීම් ඇති කරයි. එයින් රුධිර පීඩනයද වැඩිවේ. හද ගැස්ම වැඩිවන අතර හෘදයේ රිද්මය වෙනස් වේ.

ආයුර්වේදයේ සඳහන් හෘද රෝගවලට හේතු......

උපදෙස් ආයුර්වේද වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන එම්. හෙට්ටිගේ

සටහන ජයන්ති කුරේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.