හර්නියා හෙවත් වෘද්ධිරෝග හර්නියා හෙවත් වෘද්ධි රෝග සුවකළ හැකිද?

නොවැම්බර් 25, 2022

ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට දැනේ දැයි බැලිය යුතුය. රෝග නිර්ණය තවදුරටත් අපහසු නම්, රෝගියාට ව්‍යායාම කර, හර්නියාව පහත්වූ පසු පරික්ෂාව සඳහා පැමිණීමට දන්වන්න.

 

 

උදර බිත්තියේ හර්නියා ඇතිවීම සුලභය. එනම් ඉකිළිය, නාභිය හෝ අන්තර බිත්තිය ආශි‍්‍රතවය. උදරයේ මාංසපේශි ඇදීම නිසා හෝ උදරයේ ශල්‍යකර්ම කළ තැනක මාංසපේශි දුර්වලවීම නිසාද හටගනී. උදරයේ නම්, හර්නියාව තුළ පවතින්නේ කුඩා අන්ත්‍රය හෝ ර්‍ණථඥබභද හෝ අන්ත්‍රයේ කොටසකි.

 

 

හර්නියා රෝග උදරයේ, ඉකිළියේ හ කලවා යන ස්ථානවල හටගනී. එම රෝග වර්ග තුනටම සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද ශල්‍ය තන්ත්‍රයේ දක්වා ඇත. නාභිය (පෙකණිය) යනු දරුවකු මවගේ ගර්භාෂයේ සිටියදී පෙකණිවැල (තඪටඥ - තඪදඥ) දරුවා මවට සම්බන්ධ වන ස්ථානයයි. උදරය තුළ ඉන්ද්‍රියයන් නෙරා සුළු පැල්මක් හටගෙන එම මල්ලට (ඩඥපදඪච ඵචජ) අන්ත්‍ර ආදිය, ප්‍රවේශ වීම නාභියේ හටගන්නා වර්ගයයි. දරුවා උපතේදීම හෝ පහරවැදීම වැනි අභිඝාතයක් නිසා මෙය හටගනී.

 

හර්නියාව, මොළය, පෙණහලු, අන්ත්‍ර, පේශියක හෝ කණ්ඩරාවක ඇතිවිය හැකිය. නිදසුනක් වශයෙන් ආමාශයේ සුළු කොටසක් අන්තර බිත්තියෙන් ඉහළට ගමන් කිරීම අපි ඩ්ඪචබභඵ ඩඥපදඪච යනුවෙන් හඳුන්වමු. ඔබ අම්ලපිත්ත ලක්ෂණවලින් පෙළේ නම් මෙම රෝගය තිබේ දැයි පරික්ෂා කරවාගත යුතුය.

උදරගත හර්නියා

උදර බිත්තියේ හර්නියා ඇතිවීම සුලභය. එනම් ඉකිලිය, නාභිය හෝ අන්තර බිත්තිය ආශි‍්‍රතවය. උදරයේ මාංසපේශි ඇදීම නිසා හෝ උදරයේ ශල්‍යකර්ම කළ තැනක මාංසපේශි දුර්වලවීම නිසාද හටගනී. උදරයේ නම්, හර්නියාව තුළ පවතින්නේ කුඩා අන්ත්‍රය හෝ ර්‍ණථඥබභද හෝ අන්ත්‍රයේ කොටසකි. මෙම හර්නියා යථා තත්ත්වයට පත් කළ හෝ නොහැකි වේ. එනම් හර්නියාව නැවත උදර කුහරයට තල්ලු කළ හැකි වන්නේ විශේෂිත නාඩිස්වේද වැනි ආයුර්වේද ප්‍රතිකාර තුළිනි.

උදරයේ ඇතිවන හර්නියා අතරින් 75% -80% ඉකිළියේ ද හටගනී. වක්‍ර වංක්ෂණ වර්ගය (ධ්දඤඪපඥජබ ඪදඨභඪදචත ඩඥපදඪච) 60% කි. ඍජු වංක්ෂණ වර්ගය (ච්ඪපඥජබ ඪදඨභඪදචත ඩඥපදඪච) 25% සහ ඌරු වර්ගය

(ජ්ඥථධපචත ඩඥපදඪච) 15% කි. ඉකිලියේ ඇතිවන වංක්ෂණ හර්නියා අතුරින් 85% පිරිමින්ට හටගනී. තරුණ වියේදී වැඩියෙන් හටගන්නේ වක්‍ර හර්නියාය. වයස 40ට පසු උදරයේ මාංසපේශි දුර්වලවීම නිසා විශේෂයෙන් පිරිමින්ට ඍජු වර්ගය හටගනී. කලවා ප්‍රදේශයේ හර්නියාව වැඩියෙන් හටගන්නේ කාන්තාවන්ටය. වක්‍ර වංක්ෂණ වර්ගයද කාන්තාවන්ට වැඩිය.

වක්‍ර වංක්ෂණ හර්නියා

වක්‍ර වංක්ෂණ හර්නියාව උපතේදී ඉකිලියේ ඇතිවන දුර්වලතාවයක් නිසා බාහිර වංක්ෂණ මුද්දෙන් (ඥයබඥපදචත ඪදඨභඪදචත පඪදඨ) පහළට පැමිණේ. එය බුබුළක් මෙන් ඉකිළියේ දක්නට ලැබේ. මෙය පිරිමින්ගේ දකුණු ඉකිළියේ බොහෝ විට හටගනී. එකවර ඉකිළියේ වේදනාව හටගෙන, හෝ නැතිව ඉකිළියට පහත් වේ. බරක් උසුලන විට හෝ තටමන විට අදිනවාක් වැනි අපහසුතාවක් ඉකිළියේ හටගනී. හර්නියාව ඇඹරුන විට පමණක් වේදනාව තවදුරටත් පවතී. වෘෂණ කෝෂයට ඉහළින් හෝ වෘෂණයේ පසෙක ඉදිමුමක් හටගත හැකිය. කහින විට හර්නියාව මතුපිට අත තැබූවිට, ශබ්දයක් දැනේ. යට ඇඳුමක් (ඊපභඵඵ) තදට ඇදීම සුදුසුය. නමුත් මෙහිදී උදරයේ යටි කොටසේ මාංසපේශි දිය විය හැකිය. රෝගියා නිදිකරවා අතින් ඉහළට තල්ලු කිරීමේදි හර්නියාව ඉහළට තල්ලුවේ නම් එය වක්‍ර (ධ්දඤඪපඥජබ) හර්නියාවකි. අභ්‍යන්තර මුද්දෙන් ඇඟිල්ල තද කළ විට හෝ රෝගියා කහින විට ඇතිවන තරංගය ඇඟිල්ලට දැනේ.

ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට දැනේ දැයි බැලිය යුතුය. රෝග නිර්ණය තවදුරටත් අපහසු නම්, රෝගියාට ව්‍යායාම කර, හර්නියාව පහත්වූ පසු පරික්ෂාව සඳහා පැමිණීමට දන්වන්න.

ඍජු වංක්ෂණ හර්නියා

ඍජු වංක්ෂණ හර්නියා, වංක්ෂණ හර්නියා, අතුරෙන් 40% කි. මෙම හර්නියාවට හේතුව උදරයේ මාංසපේශි දුර්වලවීම, ශ්වසන මාර්ගය අවරෝධවීම, අධිස්ථූලභාවය. කල්ගත මලබද්ධය හෝ පෞරුෂ ග්‍රන්ථිය විශාලවීමයි. මෙහිදී හර්නියාව, බාහිර වංක්ෂණ මුදුව තුළින් පහළට එනමුත් නැවත ඉහළට නොයයි. කලාතුරකින් ඇඹරේ. මෙහිදී ඉකිළියේ හටගන්නා ඉදිමුම ඇඟිල්ලෙන් තල්ලු කළ විට අඩුවේ.

ප්‍රතිකාර

උපද්‍රව රහිත වංක්ෂණිය හර්නියාවක් ළදරුවෙකුට හටගත් විට ප්‍රතිකාර නොකරම සුවවේ. ළදරුවාගේ නැප්කිනයට යටින් ඉදිමුම මතුපිට කපු පුළුන් පෑඩයක් තබන්න. මේවා ඇඹරෙන්නේ කලාතුරකිනි. වයස අවුරුදු 2වන විටත් ඉදිමුම පවතී නම්, ශල්‍යකර්මයක් කළ යුතු වේ. වැඩිහිටියෙකුගේ මෙම හර්නියාවේදී උදෑසන ඇඳෙන් බැසීමට පෙර යටඇඳුම (ඊපභඵඵ) අන්දවා දවස පුරාම තබාගත යුතුය. රෝගියා දෙපා දෙපසට කර සිටුවා, කහින්න සලස්වා, හර්නියාව මතුවේ දැයි බලන්න. ස්ථානික නිර්වින්දන යොදා ශල්‍යකර්ම කළ යුතු බැව් නව්‍ය මතයයි. නමුත් විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම හර්නියා (අන්ත්‍රවෘද්ධි) රෝගය සුවකළ හැකිය.

ටඥථධපචත හර්නියා

කළවා ප්‍රදේශයේ ඇතිවන ටඥථධපචත හර්නියාව උතුරු ප්‍රදේශයේ ජ්ඥථධපචත ඛ්චදචත) එකට පැමිණේ. මෙය කලවේ සිරාවට (ටඥථධපචත ඍඥඪද) ඇතුළුපස කලවා මුදුවෙන් උදරයට විවර වේ. මේද සහ තන්තුමය පටක රැසක් මැද මෙම හර්නියාව කුඩා මල්ලක් (ඉචජ) පෙනේ. මේ තුළ කුඩා අන්ත්‍රය, (ර්‍ණථඥදබභථ) හෝ දෙකම පවතී. ඉකිළියේ ඇතිවන හර්නියා අතුරෙන් මෙම කලවාවේ ඇතිවන හර්නියාව පිරිමින්ගේ 5%ක් වන අතර ස්ත්‍රින්ගේ 20%කි.

කලවා ප්‍රදේශයේ ඇතිවන හර්නියාව කලවේ ඇතුළුපස දක්නට ලැබේ. එය මෘදු හෝ දැඩි ඉදිමුමකි. මෙය කලවෙහි ඇතිවන ලසිකා ග්‍රන්ථි විශාලවීමක් හෝ මේද ග්‍රන්ථයක් ලෙස වරදවා වටහා නොගත යුතුය. මෙහි ඇතිවන ලසිකා ග්‍රන්ථි විශාලවීමකදී ග්‍රන්ථි කීපයක් පවතින අතර ඒවා තද කළ විට අඩු නොවේ. ඉකිළියේ තිබෙන සිරාවක් පළල් වී හර්නියාවක් මෙන් පෙන්විය හැකිය. රෝගියා හාන්සි වී පාදය ඉහළට එසවූ විට මෙම ඉදිමුම නොපෙනී යයි. මෙම ස්ථානයේ හටගත් මේදොජ ග්‍රන්ථියක් මෘදුය. තද කලත් අඩු නොවේ.

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මී සේනාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.