යුරේනස් විස්මිත පිම්මක ලග්න පහකට නව ජීවනයක්

නොවැම්බර් 29, 2024

කටක, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ගේ ජීවිත නවෝදයෙන් පුරවමින් දෙසැම්බර් 13 වැනිදා පෙරවරු 11.20ට සෞරග්‍රහ මණ්ඩලයෙහි ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙන්නේ ය.

දක්ෂිණායනය, හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 28 භාග, උඳුවප් මහේ පුර තුදුස්වක තිථිය, මේෂ රාශිය, ධනු නවාංශකය, කැති 02 පාදයේ මෙය සිදු වෙයි. එහි බලපෑම 2025 මාර්තු මැද භාගය දක්වා බලපැවැත්වෙයි.

නෛසර්ගික පාපග්‍රහයකු වූ යුරේනස්ගේ උච්ච මූල ත්‍රිකෝණ රාශිය වෘශ්චිකය වන අතර කුම්භය ස්වක්ෂේත්‍ර රාශිය ලෙසටද වෘෂභය නීච සතුරු මුඬ රාශිය ද වෙයි. කටක, ධනු, මීන මිත්‍රරාශින් වෙයි. සිංහ රාශිය සතුරු රාශිය ලෙසටද අනෙකුත් රාශි සම රාශි ලෙස ද සැලකෙයි.

කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට පංචමහා පුරුෂ යෝග අතරින් ‘සස’ යෝගබලය ප්‍රබලව බලපානු ඇත. ධනය, බලය ඒකරාශි වෙමින් ජන ජීවිත උසස් තත්ත්වයකට පාත්‍රවනු ඇත.

රවි බුධ සංයෝග බලය සමඟ බුධ ආධිත්‍යය යෝගබලය ලග්න 12ටම විශිෂ්ට ලෙස පිහිටා ඇත.

යුරේනස් චන්ද්‍ර සංයෝගය, ගුරු, ශනි චතුර්කෝණ දෘෂ්ටිය ග්‍රහයන් බොහෝ දුරට පාපකර්තරී වීම, කාලගුණික, දේශගුණික මෙන්ම පාරාසරික විෂමතාවලට තුඩු දීමක් ලෙස පෙන්විය හැකිය.

කම්හල්, ජලනල, ගුප්ත කටයුතුª, මෝටර් වාහන, දුම්රිය, චන්ද්‍රිකා, රූපවාහිනි, ජල විදුලිය, ගෑස් වායු, පරමාණු, බයිසිකල් ආදිය මෙන්ම භූකම්පන ද යුරේනස් මඟින් නියෝජනය කෙරෙයි. සමාජ අයුක්තිය, අසාධාරණය, පාරිසරික හානිකර බව නව යුගයක අවශ්‍යතාවයට සරිලන මෝස්තර, නවීන විද්‍යාත්මක ඩිජිටල් ක්‍රමෝපාය මාර්ග, ශාස්ත්‍රීය ඥානය, මානුෂික කුසලතා නිපුණතා වර්ධනයට අවකාශ සැලසේ. ‘ඉන්ද්‍ර’ නැමැති දේවතවා බැඳි යුරේනස් කොඳු ඇටද, මොළයෙහි සියුම් කොටස් කෙරෙහි ද බලපෑම් ඇති කරවයි. චන්ද්‍රයාට සමාන ශීතල සෞම්‍ය බවක්ද, සෙනසුරු ග්‍රහයාට සමානවූ වියළි උෂ්ණ ගුණයක්ද යුරේනස් ග්‍රහයා කෙරෙහි බලපානු ඇත. ගතානුගතික ක්‍රියා කලාපයන්ට පිටුපාන නව අරමුණු සැලසුම් වර්ධනය වන කාලයක් යුරේනස් කෙරෙන් පෙනී යයි.

මේෂ ලග්නය

බුධ ආධිත්‍ය යෝගය 08 වැන්නේ ද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරු 03, 07, 11 ධර්මකෝණය ආශි‍්‍රතවද චන්ද්‍රයා සමව යුරේනස් සමව මුඪව ලග්නගතවද වෙයි. තැන්පත් ධන සම්පත් අඩු වී යාමද අන්‍යය ජනයා අතර හුවමාරුවීමද සිදුවෙයි. පදිංචියෙහි මෙන්ම රැකියා ආදායම් මාර්ගයන්හි අවහිර බාධක දුෂ්කරතා යෙදීමද සහෝදර සහෝදරියන් අතර ධනය ආශි‍්‍රත දුර්වල බවක් උදාවෙයි.

වෘෂභ ලග්නය

බුධ ආධිත්‍යය යෝගය 07 වැන්නෙහි උදාව පවතිනු ඇත. නිර්ණාමික නාමික සොර සතුරු බලවේග සමඟ රෝගාබාධ ආශි‍්‍රත ගැටලුකාරීබවක් පැන නඟියි. උදරබාධ අජීර්ණ රෝග හටගැනීමට ඉඩ ඇත. ආශි‍්‍රත ජනයා හෝ විවාහ සබඳතා, ලැබීම් මාර්ග, උත්සාහය උනන්දුව ආශි‍්‍රත විපරීතබවක් පැන නඟිනු පෙනී යයි. රැකියා ආදායම් මාර්ග උසස්වීම් විජයග්‍රහණ ආශි‍්‍රතව 10 වැන්නෙහි සස යෝගය ජයග්‍රහණය ගෙනදෙයි.

මිථුන ලග්නය

තැන්පත් දේපළ වස්තුව අතරින් හැල හැප්පිලි බාධක උදාවේ. 06 වැන්නෙහි බුධ ආධිත්‍ය යෝගයද ස්වකේෂ්ත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරු 09 වැන්නේද 11 වැන්න වූ අයස්ථානය ප්‍රබලවීමද යුගකාලීන දියුණුව සමඟ සමාදානය මතු කෙරෙනු ඇත. ජනතාව සමඟ සුහදශීලීව දෛනික ජීවිතය සතුටුදායක ලෙස ගෙවනු පෙනී යයි.

කටක ලග්නය

04 - 10 වැන්නට අධිපති අඟහරු ලග්නගතව තැන්පත්වීම බොහෝ දුරට රැකියා ආදායම් මාර්ග මෙන්ම ආශි‍්‍රත ජනයා ආශි‍්‍රත සතුටු දායක බවක් පෙන්නුම් කෙරෙනු ඇත. බුධ ආධිත්‍යය යෝගය 05 වැන්නෙහි උදාවී ස්වකීය සිතැඟියාවන් සාර්ථක කෙරෙනු ඇත. අභිමානයෙන් යුතුව ආකර්ෂණය ලෙස ජීවත්වීමෙහි සාමය සමගි සමාදානය, ඉවසීම, දුරදර්ශී බව බොහෝ දුරට ඉවහල් වෙනු ඇත.

සිංහ ලග්නය

රවි හිමි සිංහ රාශියෙන් ජන්ම ලාභය ලැබූ ඔබහට 07 වැන්නෙහි පංචමහා පුරුෂ යෝග අතරින් සසයෝගබලය උදාවී ඇත. බුධ ආධිත්‍ය යෝගය 04 වැන්නේ ද 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ආලෝක ග්‍රහබලද පවතිනු විද්‍යමාන වෙන්නේ ය. රැකියා ආදායම් මාර්ග නිර්ණාමික සොර සතුරු බලපෑම් ආදී කරුණු කෙරෙහි සුවිශේෂී අවධානයද යොමුකළ යුතුව ඇත. උදරාබාධක අජීර්ණ බලපානු පෙනී යයි. තැන්පත් දේපළ පිළිබඳව ආරවුල් පැනනැගිය හැක.

කන්‍යා ලග්නය

බුධ ආධිත්‍යය යෝගබලය 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණවූ සෙනසුරුගේ බලය 06 වැන්නේ ග්‍රහ පිහිටීම අනුව 02, 06, 10 ආශි‍්‍රතව ආර්ථික ගුණාත්මක බවක් ග්‍රහණය වෙයි. හදිසි තීරණ, ඉක්මන් කෝපය දුරුකර සාමකාමීවීමෙන් උසස් දියුණුවකට භාග්‍යය වාසනාව උදාවෙනු පෙනීයයි. ගොඩමඩ ඉඩකඩම් දේපළ වස්තු ළඟාවෙයි. පවුල් ජීවිතය දූ දරු ප්‍රශ්න භාග්‍යය, දියුණුව ආශි‍්‍රතව බාධක යෙදෙයි.

තුලා ලග්නය

සබඳතා යුගදිවිය ආශි‍්‍රතව සිතැඟියාවන් බොහෝ දුරට ගැටුම්කාරී වේ. බාධක අවහිර ඇති විය හැකි බැවින් දුර දර්ශීවීම අතිශයෙන් සතුටුදායක වෙයි. ඇවිදිලි ගමන් බිමන් ආශි‍්‍රතව බොහෝ දුරට බාධක උදාවිය හැකිය. උදාසීනත්වය, සොර සතුරු මෙන්ම රෝගාබාධක පැතිකඩයන් වළකා ජීවන ගමන් මඟ සාමකාමීව ඉදිරියට ශුභවාදීව සලසාගත යුතු වෙයි.

වෘශ්චික ලග්නය

ලග්නයෙහි මෙන්ම 06 වැන්නෙහි ආලෝක ග්‍රහයන්ගේ බලය විද්‍යාමාන කෙරෙයි. 04 වැන්නෙහි පංචමහා පුරුෂ යෝග අතරින් සස මහා යෝගබලය උදාවී ඇත. බුධ ආධිත්‍ය යෝගබලය ස්වකීය ජන්ම රාශිය වූ වෘශ්චිකයෙහි යෙදී තිබීම ජීවිතයෙහි නවතාවයකින් ඉදිරියට ගමන්කොට ශක්තිමත් ආර්ථිකයකට භාග්‍යය උදාකරගනු ලබන බවක් ද පෙන්නුම් කෙරෙයි. සමාරම්භක මෙන්ම හදිසි ක්‍රියාවන් බාධක විය හැකිය.

ධනු ලග්නය

01 - 04 ස්ථාන අධිපති සතුරුව 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතවෙනුයේ ලග්නගත මාන්දි ග්‍රහයා බ්‍රහස්පතිය. දෙගිඩියා සැක සාංකා සහ හදිසි ඉක්මන් තීරණ තීන්දු නොසළකා සිටීම ශුභවාදී වෙයි. බුධ ආධිත්‍ය යෝගය (රවි + බුධ) 12 වැන්නේ ද 05 - 12 ස්ථානයන්හි ආලෝක ග්‍රහ බලය ද උදාව යෙදී ඇත. උදරාබාධ අජීර්ණ වැළකීමට නොගැළපෙන කෑම බීමෙන් වැළකීම යහපත් වෙයි. අරමුණු සඵල වෙයි.

මකර ලග්නය

නිර්මාණශීලීව කාලය ගතවිය හැකි බවද 04 - 11 ස්ථානගතව ආලෝක ග්‍රහබලය සුබවාදීවීමද බුධ ආධිත්‍ය යෝගබලය 11 වැන්න වූ අයස්ථානගතවද සබඳතා පවුල් ජීවිතය ආශි‍්‍රතව හදිසි තීරණ තීන්දුවලින් වැළකීමද හිතවාදී වෙන්නෙකි. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථකත්වය කරා ගමන් ගනියි. හිස, යටිබඩ, උරහිස්, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධ ඇති විය හැකිය.

කුම්භ ලග්නය

පංච මහා පුරුෂ යෝග අතරින් ලග්නගතව සස යෝග යෝගබලයද 03 -10 ස්ථාන ආශි‍්‍රතව ආලෝක ග්‍රහබලයද බුධ ආධිත්‍යය යෝගබලය 10 වැන්නේද විද්‍යමාන වෙයි. නිර්ණාමික, නාමික සොර සතුරු බලවේග නිසා ජීවිතයේ අහිතකර අහිමිරි බවක්ද වරින් වර උදාවිය හැක. එහෙත් උසස්වීම්, විජයග්‍රහණ ආශි‍්‍රතව ජීවිතය පුරාවට සතුට සැනසුම උදා කෙරෙන භාග්‍යයමත් කාල පරාසයකි.

මීන ලග්නය

09 වැන්න බුධ ආධිත්‍ය යෝගයෙන් වාසනාව උදා කරයි. 02 වැන්න වූ වික්‍රමස්ථානය කෙරෙහි අවරෝහණ බවක් පෙනී යයි. බුධ ආධිත්‍ය යෝගබලය 09 වැන්න වූ භාග්‍යස්ථානගතවීමද සුවිශේෂ අවධානය තැන්පත් දේපළ වස්තූන් කෙරෙහිද රැකියා ආදායම් මාර්ගයන්හි මාන්දි ග්‍රහයාගේ ප්‍රබලතම බාධකයෙදී ඇත. 02 - 09 භාවස්ථාන ආලෝක ග්‍රහ ගමන් මඟින් උසස් බවකින් අනූනවෙයි. කෙසේ වුවත් හිස උරහිස්, උදරය, යටිබඩ, වකුගඩු පාද ආශි‍්‍රතව රෝගාබාධ බලපෑ හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.