මැයි මස 12 වැනි සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 11, 2023

ඉර උදාව - 05.54

ඉර බැසීම - 06.19

සුබ දිසාව - දකුණ

රාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වා

රාත්‍රී 10.39 - 12.07

 

මේෂ

හදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත වෙහෙසන දිනයක් වන අතර, කලක සිට පැවැති බලාපොරොත්තුවක් ඉටුවන බවක්ද පෙන්නුම් කරයි. දේපළක් සම්බන්ධ පැවැති නෛතික ගැටලුවක් මඟහැරී යයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන දිනයකි.

වෘෂභ

පැවැති ගැටලුදායක බවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන දිනයකි. නිතර තමාට පවුලේ අයගෙන් ප්‍රශංසා හිමි කරයි. පැරැණි හිතවත්කම් අලුත්වන දිනයක් වන අතර මුදල් ගනුදෙනුවකින් වාසි කීපයක් ද ඇති කරයි.

මිථුන

වෙනදාට වඩා අතමිට සරුවන දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් බාධා ගෙන දෙමින් පැවැති විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි විදෙස් ගත වීමකට සැලසුමක් ඇතිකර ගනී.

කටක

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරන දිනයකි. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරබැහැර ගමනක් යෙදේ. දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන දිනයකි.

සිංහ

ආදායම් මාර්ගවල වෙනස්කම් කීපයක් සිදුකරන දිනයක් වන අතර, නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි ගමනකට සැලසුමක් ඇතිකර ගනී. නිතර හටගන්නා උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

කන්‍යා

අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වන අතර, ගේ දොර කටයුතු පිළිබඳව විශේෂ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. එහෙත් ගනුදෙනුවලට සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. වෙනදාට වඩා උත්සාහයෙන් හා උනන්දුවෙන් කටයුතු කරන දිනයකි.

තුලා

වගකීම් කීපයක් තමාවෙත පැවරෙන දිනයකි. නිතර දරුවන් පිළිබඳ විමසිලිමත් වන්න. රැකියාවේ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට ඉඩකඩ ඇති දවසකි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

වෘශ්චික

දේපළ ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයක් බව පෙන්නුම් කරයි.

ධනු

අවිවේකී වුවත් වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙන්නුම් කරයි. සහෝදර බැඳීම්වලට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර ඇතිකරන මුත්‍රා අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මකර

වගකීම් බහුලවීමෙන් නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා වැයපස අධික වන බවක්ද පෙන්නුම් කරයි. වරින් වර පදිංචි ස්ථානයෙන් පිට වාසයට හේතු ඇති කරයි. දරුවකුගේ ඉදිරිසැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගන්නා දිනයකි.

කුම්භ

ගතට සිතට අවිවේකී බවක් ඇති කරන අතර, ගෘහ ජීවිතයේ කටයුතුවල ද වෙනස්කම් කීපයක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදුවන දිනයකි. එහෙත් මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

මීන

විශ්වාසවන්ත පුද්ගලයකුගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයක් වන අතර, අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමටද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. ආගමික සහන පතන දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

ඡ්‍යෝතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.