අකුරු කියවීමට ශුභ මුහුර්තයක් 19 දා

ජුනි 14, 2024

මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි, බුධ, සිකුරු යෙදී ඇත. බුධ හිමි රාශිය, බුධ දිනය, බුධ හෝරාවේ බුධ පංචම කාල හෝරාව යෙදී ඇත. මෙදින ශුභ නක්ෂත්‍රයක් වූ විසා නැකත යෙදීමද, රවි සිටි නැකතේ සිට 12 වැනි නැකත යෙදීම සිදුවේ. ඔබේ සුදුසු වයස් පිරුණු දරුවා හට මේ මොහොතින් නියමිත චාරිත්‍රානුකූලව අකුරු කියවීමෙන් ඔහු හෝ ඇය දක්ෂයකු උගතකු කිරීමට හැකි වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.