කෝණ මාසය අරඹමින් ජුනි 15 රවි මිථුන රාශිගත වෙයි

පංචමහා පුරුෂ යෝග තුනකින් සියලු ලග්න බලවත් වෙයි
ජුනි 7, 2024

 

සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්‍යහ්නය දක්වා පවතිනු ඇත. එබැවින් මේ මාසයක කාලය තුළ මංගල නැකැත් ආදී සුබ කටයුතු නොයෙදෙන බව ජ්‍යෙතිෂයේ විශ්වාසයයි.

මේ අතර අඟහරුගේ මේෂ රාශිගත වීම නිසා මේෂ, කටක, තුලා, මකර යන ලග්න හතරට පංචමහා පුරුෂ යෝග අතරින් රුචක යෝගය පවතින බැවින් නිදුක් නිරෝගී ජවබල සම්පන්න වීරෝදාර ශක්තිබලය එම ලග්න හිමි ස්ත්‍රී පුරුෂයනට ලැබෙනවා ඇත. අනන්ත අප්‍රමාණ සංසාරගත පින්දහම් ගුණබල පලදෙන සමයකි.

එසේම සෙනසුරුගේ සස යෝගබලය වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට විශිෂ්ට ලෙස බලපානු ඇත. රාජකීය සැප සම්පත් භුක්ති විඳීමේ භාග්‍යය උදාවෙයි.

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට බුධගේ බලයෙන් භද්‍රා නම් පංචමහා පුරුෂ යෝගය යෙදෙන අතර එහි බලය අනන්ත බව කියැවේ. ශාරීරික ජව බලය ඉතා ප්‍රශස්ත වෙයි. ඥානකාරක බුධ, මිථුන රැසෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව පැවතීම අතිශයින්ම ප්‍රශස්ත ග්‍රහබලයකි.

ලග්න දොළසට පොදු ප්‍රතිඵල එසේ වුවත් ජුනි 22 මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 05 මැදියම් රැය දක්වා රවි, රාහුගේ නැකැතක ගමන් කරන බැවින් ඇතිවන විසයෝගය පාරිසරිකව එතරම් හිතකර නොවනු ඇත.

වායුගෝලීය කැලඹීම් සමඟ පාරිසරික බලපෑම්ද කාලගුණික, දේශගුණික බලපෑම්ද, ප්‍රචණ්ඩ සුළි සුළං, කුණාටු ඉදිරියේදී වර්ධනය වන අතර ඒවායේ බලපෑම බොහෝ දැඩිව දක්නට ලැබෙනු ඇත.

එහෙත් ජලය, විදුලිය, තැපැල් හා විදුලි සංදේශ සහ දුම්රිය, මහා මාර්ග, නාවික, ගුවන් සේවා, අධ්‍යාපනය, අධිකරණය, සෞඛ්‍යය සහ සුබ සාධන ක්‍රියාවන්හි නවතාවයක් ඇතිවන ලකුණු පෙනෙයි.

ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල ගුණාත්මක පරිවර්තනයක් ජව බල සම්පන්නව සිදුවන ප්‍රවණතාවයක් දක්නට ඇත.

 

මේෂ ලග්නය

ලෞකික ජීවන ගමනට 03, 07, 11 කාම කෝණය ද 01, 05, 09 ධර්ම කෝණය ද අතිශය ප්‍රශස්ත ලෙස ග්‍රහ රාශිචාරය යෙදී ඇත. විශේෂයෙන් අඟහරු ලග්නගත වීමෙන් පංච මහා පුරුෂ යෝග අතරින් රුචක නම් යෝග බලය අසිරිමත් ලෙස පිහිටා ඇත. කෙටි කාලීනව උසස් ගුණාත්මක ජීවිතයකට මඟ සැලසෙනු ඇත.

වෘෂභ ලග්නය

02, 06, 10 අර්ථ කෝණයද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සස යෝග බලයද බුධ, මිථුන රාශි ගතවීමෙන් මෙලොවදීම අන්තර් විඤාණ බලයද උදාකරගත යුත්තේ ය. මෙකී සංසාරික මෙලොව ආත්ම ශුද්ධිය ආශ්‍රිතව ශුභවාදී අව්‍යාජ මානුෂික පැවැත්ම ගුණාත්මක ලෙස සාර්ථක කරගත හැකි වෙයි.

මිථුන ලග්නය

රවි සමව, සිකුරු සමව, බුධ ස්වක්ෂේත්‍රව ලග්නගතවී භද්‍ර යෝග බලයද 03, 07, 11 කාම කෝණගතව අයස්ථාන ගතව 11 වැන්නෙහි අඟහරු ස්වකේෂ්ත්‍ර මුල ත්‍රිකෝණගතවීම සබඳතා, විවාහ මංගල මෙන් රැකියා ව්‍යාපාර කටයුතුද උත්සාහයද උනන්දුව උසස්ම දියුණුවකට පත් කරයි.

 

කටක ලග්නය

02, 06, 10 අර්ථ කෝණය රුචක යෝග බලයෙන්ද 04, 08, 12 මෝක්ෂ කෝණයද යෙදීම රැකියා ආදායම් මාර්ග සාර්ථක බවට පාත්‍ර කරයි. හදිසි තීරණ තීන්දු මෙන්ම අනවශ්‍ය කෑම බීමාදියෙන් මෙන්ම අනිසි හදිසි කටයුතුවලින් ද දුරස්ථව සිටීම වැදගත් වෙයි.

සිංහ ලග්නය

ශනිගෙන් 07 වැන්නෙන් සස යෝග බලය ද 03, 07, 11 කාමකෝණයද විශිෂ්ට ලෙස පිහිටා ඇත. උසස් ජන ජීවිතයක් ගත කරලීමේ භාග්‍යය උදා වෙයි. දෙස් විදෙස්හි ප්‍රකට ජීවිතයක් ගත කිරිමට හැකි වේ.

කන්‍යා ලග්නය

10 වැන්න වූ කර්මස්ථානගත චන්ද්‍ර යෝගයද 02, 06, 10 අර්ථ කෝණයද ඉතාම ප්‍රබලව යෙදී ඇත. මේ අනුව වාසනාවෙහි රන් දොරටු විවර කෙරෙන භාග්‍යමත් ග්‍රහචාරයෙකි.

තුලා ලග්නය

ලෞකික ජීවිතයෙහි බොහෝ කරුණු කාරණා සඵල කරගත හැකිය. යහපත් වූ සංකල්පනා මත ඉදිරි ජීවිතයෙහි දියුණුව සැලසෙයි. අනවශ්‍ය ආටෝප සාටෝප තුළින් දුරස්ථවීම සුදුසුයි.

වෘශ්චික ලග්නය

වෘශ්චික රාශිගතව ගෘහස්ත ජීවිතයට අදාළ වූ 04 වැන්නෙහි ශනිගෙන් සසයෝග පංච පුරුෂ මහා යෝගයද 08 වැන්නෙහි රවි බුධ ශුක්‍ර සුසංයෝග බලය ද 06 වැන්නෙහි අඟහරු ප්‍රබලත්වයට පාත්‍ර වීමද උසස්තම ලෞකික ජීවතයනට භාග්‍යය යෙදී ඇත.

ධනු ලග්නය

03, 07, 11 කාම කෝණයට ආශි‍්‍රත ග්‍රහ රටාව භද්‍රයෝග බලයෙන්ද රවි බුධ ආධිත්‍යය යෝග උදාවෙන්ද 03 වැන්නෙහි සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ බලයෙන්ද ප්‍රබල වෙයි. ඔබගේ ජීවන රටාවෙහි උදාරතම සිතැඟියාවන් ඉටුකරගත හැකි කාල පරාසයකි.

මකර ලග්නය

ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරු 02 වැන්න වූ ධනස්ථානගතවද රවි බුධ සහ සිකුරු 06 වැන්නෙහිද තැන්පත්වීම ප්‍රබලතම ග්‍රහ නිර්මාණ රාශි ශක්තිමත් වීමකි. රැකියා ආදායම් මාර්ග රැසක් සතුටුදායක බවට පාත්‍රාවෙනු ඇත.

කුම්භ ලග්නය

සෙනසුරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණගතවීමෙන් පංචමහා පුරුෂ යෝග අතරින් සස යෝගබලය යෙදෙයි. සිතැඟියාවන් ආර්ථික කටයුතු ඉටුවන සමයකි.

මීන ලග්නය

සෙනසුරු 12 යෙදී ඒරාෂ්ටක බලයක් පෙනී ගියත් රවි බුධ ආධිත්‍ය යෝගය ද රවි බුධ සිකුරු සුසංයෝගයද සිකුරුගෙන් මහා භද්‍රයෝග බලයද උදාවීමෙකි. මේ අනුව උසස්ම ජීවිතයකට භාග්‍යය වාසනාව ඇති බව පෙනී යයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.