ජලය නොසිඳෙන ළිං කැපීමට ජූනි 02 වැනිදා නන්දා යෝගය උදා වෙයි

මැයි 24, 2024

එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.

මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ නැත. පිරිසුදු මිහිරි ජලය ලැබේ.

එසේම ඇළවේලි කැපීමද, වැව් අමුණු බැඳීමද, පොකුණු සෑදීම, පිහිනුම් තටාක සෑදීම වැනි දේවලට බොහෝ සුබදායක වේ. ජලාශි‍්‍රත කටයුතුවලට අගනා නැකතකි.

ඇළවේලී අමුණු බැඳීමෙන්ද කැඩී බිදී යාමක් සිදු නොවේ. ස්ථිර තත්ත්වයක් ඇති වේ.

මෙම නන්දා යෝගය මුහුර්ත චින්තාමානියේ කවියකින් මෙසේ දැක්වේ.

සිත අද රේවතී මුලය සියාවස
කැති අස්ලිස සා රවි කුජ දෙ දවස
තිථි එක සය එකොළස උනි එදවස
ඇති ශුභ නන්දා යෝගෙලු පෙරබස

ඉහත කී කවියෙන් විස්තර වන පරිදි රවි දිනයේ රේවතී නැකතත් එකොළොස්වක තිථියත් යෙදීම සහ සිකුරුගේ පංචම හෝරාව යෙදීමත් නිසා මේ ප්‍රශස්ත වූ නන්දා යෝගය උදා වෙයි.

සිකුරුගේ හෝරාවම නියමිත නැතත් ග්‍රහයෙකුගේ ශුභ හෝරාවක්ද පංචම හෝරාවක්ද ගත යුතුය.

මේ නැකත අනුර, උත්‍රපුටුප, පුස, අද, සා, සියාවස, රෙහෙන, හත, සුවන, මුල, මා, අස්විද, පුවපල්, බෙරණ, පුවසල නැකත් හිමි අයට විශේෂයෙන් ශුභදායක වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.