විශ්ව තාරකා පාරාදීසයෙන් අඟහරු බවනට සිකුරුගේ සංක්‍රමණයක්

පෙබරවාරි 14, 2020

මීන රවි 15 භාග බක් මහේ පුර මාර්තු 28 ශනි දින පස්වරු 03.39 දක්වා අස්විද පාද 4 බෙරණ පාද 04 කැති පාද 01 කේතු, සිකුරු, රවි ආශි‍්‍රතව කුම්භ රවි 17 භාග මැදින් මහේ පුර පෙබරවාරි 29 ශනි දින පූර්වභාග 01.33 ට මේෂ රාශිය මේෂ නවාංශකය අස්විද පළමු පාදය, පෙරදැරිව රසකාමී සිකුරු තාරකාවිය පුරුෂ කාරක චර රාශියක් වූ සෙන්පති භූමිපුත්‍ර අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය විශ්ව තාරකා මන්ද්‍රකිණියෙහි ජවබල සම්පන්නව සිද්ධ වෙන්නේ ය.

දිව්‍යමය සුබ මුහුර්ත

14 ශු උදේ 07.19 - 07.32 දක්වා

15 ශ උදේ 07.55 - 08.18 දක්වා

16 ර උදේ 06.27 - 07.18 දක්වා

17 ච උදේ 07.19 - 07.30 දක්වා

18 කු උදේ 06.27 - 06.56 දක්වා

19 බු උදේ 07.19 - 07.30 දක්වා

20 ගු උදේ 06.27 - 07.30 දක්වා

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දිනවල දකුණු පය පෙරට තබාද, සඳුදා බදාදා, සිකුරාදා දිනවල වම්පය පෙරට තබා ද, ගමන් පිටත්වීමට,

සුබ කටයුතු ආරම්භයට සුබයි.

ඡ්‍යොතිෂවේදී -  ජයසේන ජයසිංහ ගොඩගම

බුධ ආධිත්‍ය කාල සර්ප යෝග බලැතිව නැගෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි වෘශ්චික රාශි උදාවෙහි නිර්මාණය වූ ග්‍රහ සටහන රවි චන්ද්‍ර ෂඩ් කෝණ, චන්ද්‍ර ශනි චතුර්කෝණ, චන්ද්‍ර කුජ ත්‍රිකෝණ චන්ද්‍ර බුධ ෂඩ්කෝණ දෘෂ්ටීන් සහ චන්ද්‍ර සිකුරු සංයෝගය ආදී ග්‍රහබලයෙන් අසිරිමත් ප්‍රශස්ත ස්වභාවයක් විද්‍යාමාන වෙන්නේ ය. ශ්‍රී ලාංකේය දේශප්‍රේමී ජාති හිතෛෂීන් චින්තකයන් ගවේෂකයන් දාර්ශනිකයන් දේශපාලඥයන්, ජනමාධ්‍යවේදීන් විශාරදයන්, බුද්ධිමතුන්, ප්‍රවීණ ඡ්‍යොතිර්වේදීන් සමඟ කලාකාමීන් විධිමත් කෙරෙණ ප්‍රාණවත් සක්‍රීය බවක් නිවේදනය කෙරෙන පෞරුෂමත් පෞඪ ප්‍රබල ග්‍රහචාරයෙකි. නිදහස් කුම්භ රාශියට අනුව ග්‍රහ විමර්ශනයද මෙසේ වෙන්නේ ය. නැප්චූන් වක්‍ර බුධ සමවද රවි සතුරුවද කුම්භ රාශි ගතව යුරේනස් චන්ද්‍ර සිකුරු සමව 03 වැන්නවූ වික්‍රමස්ථානගතවද රාහු මිත්‍රශීලීව 05 වැන්නේ ද කේතු කුජ ප්ලූටෝ මිත්‍රශීලීවද ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණගතව බ්‍රහස්පතිද අයස්ථානය වූ 11 වැන්නේද ස්වක්ෂේත්‍ර සෙනසුරු 12 වැන්නේ ද ප්‍රබලව තැම්පත්ව ඇත අධ්‍යාපන කලාකාමී ක්ෂේත්‍රයන්හි යුග කාලීන වූ සැළසුම්කරණය රැකියා ආදායම් මාර්ග දුර්වල ජනතාව කෙරෙහි දැඩි අවධාරණය සුඛෝපභෝගී යානවාහන දේපළ වස්තු , ගොඩමඩ ඉඩකඩම් ප්‍රතිලාභ, නවක මැති ඇමැතිවරුනගේ විවාහ මංගල්‍ය මෙන්ම තනතුරුවල සුවිශේෂ පදනමක් වනිතා සමාජගත පීඩනය අවමවීම ජනප්‍රධානීන්ට, ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදීන් කෙරෙහි රාජානුග්‍රහය පරිභෝගික භාණ්ඩ මිල ආරෝහණය, සංචාරක ව්‍යාපාරයෙහි ව්‍යාප්තිය ශුභවාදී නව ගමන් මඟකට ග්‍රහණය වීම සංවර්ධන ව්‍යාපාර පෞද්ගලික පොදු දිරිමත් කිරීමෙහි යෝජිත කඩිනම් ව්‍යායාමය, මන්ද බුද්ධික, උම්මත්තක, මානසිකත්වය යටතේ අන්තර් ජාලයට ආශි‍්‍රත ජන සමාජයට සිදු කෙරෙන්නාවූ කතාබහ ක්‍රියාකාරකම් අවම කිරීම සහ දඬුවම් ලබාදීමාදී කාර්යය භාරයක සාර්ථකත්වයක් අදාළ කාල පරාසය ආශි‍්‍රත කඩිනම්ව සිද්ධවීමෙහි මෙකී ග්‍රහචාරය බොහෝ දුරට බලපායි. කාලගුණික, දේශගුණික බලපෑම්ද ජලාශ සහ සාගර ආශි‍්‍රතව රැකියා සහ පදිංචිය ආශි‍්‍රත බලවේග උද්ගතවීමෙමහිලාද බොහෝ දුරට ඉඩකඩ ඇත. චිරංජයතු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.