සිකුරු මීන රාශියට

ජනවාරි 17, 2020

මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගය

මේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝග

ව්‍යාපාර කටයුතු දියුණු වේ.

ධන යෝග උදා වේ.

රටට විශේෂ වාසි.

සූදු කාරයන්ට අපලයි ගමනා ගමනවලට බාධා භෝගවලට හානි

මානසික හැඟීම් පුබුදු වේ.

ත්‍යාගශීලී අදහස් මතු වේ,

2020 පෙබරවාරි 2 ඉරිදා රාත්‍රී හෙවත් පෙබරවාරි 03 අලුයම 02.18 ට සිකුරු ග්‍රහයා ස්වකීය උච්ච රාශිය වන මීන රාශියට පිවිස පුවපුටුප, උත්‍රපුටුප, රේවතී සහ අස්විද නැකතත් ප්‍රථම පාදය ඇසුරු කරමින් පෙබරවාරි 29 අලුයම 1.34 දක්වා මීන රාශියේ ගමන් කරයි.

ගුරුට ළඟට සෞම්‍ය ග්‍රහයා සිකුරු වෙයි. සුබපල දීමේ ප්‍රධාන වේ. මිනිසාගේ ඔපය පිරිසුදු බව කෞශල්‍ය ආලය ප්‍රේමය සිකුරු නිසාම ඇති වේ. සැපසේ වාසය වාසනාවන්තබව යහපත් විවාහය රූපසොබාව සිකුරු බලවත්වීම නිසාම ඇති වේ. සිකුරු කේන්ද්‍රගතවීම ත්‍රිකෝණගතවීම එකොළෙහේ සිටීම යහපත්වන අතර උච්ච ස්වක්ෂේත්‍ර නම් ඉතා අගෙයි. සිකුරු කුජ සමග සිටීමෙන් දූෂිත චරිත ඇතිවේ. සිකුරු ශුක්‍ර ධාතුවට සහ ඊට අදාළ ඉන්ද්‍රියන්ට බලපවත්වන අතර වකුගඩුව උගුර නිකට කම්මුල් සිකුරුට අයිති වේ. සිකුරු නරක් වීමෙන් සෙම් රෝග වකුගඩු දුර්වලතා මුත්‍රාරෝග ඇතිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.