රුචක රාජයෝග උදා කරමින් කුජ වෘශ්චිකයට

දෙසැම්බර් 27, 2019

ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම රුචක යෝගය ලබා දෙන අතර මකර රැසට කුජ පැමිණීම ප්‍රධාන වේ. එහි බලය වැඩිය. මේෂ රැස කුජගේ මුල ත්‍රිකෝණ රැස වේ. එහි බලයද වැඩිය. අඩු බලයක් වුවද වෘශ්චිකයේ යෙදෙන රාජ යෝගය 2020 පෙබරවාරි 08 දින තෙක් පවතී. මේ කාලය තුළ වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ යන ලග්නවලින් ජන්ම ලාභය ලබන අයට පමණක් මෙම රාජයෝගය විද්‍යාමාන වේ. කුජ වෘශ්චික රාශි ගතවන අවස්ථාවේ රවි හිමි සිංහ ලග්නයත් කුජ හිමි මේෂ නවාංශකයත් ලබා තිබෙන අතර කේතු හිමි මුල නැකතේ ප්‍රථම පාදයද ගෙවෙමින් තිබේ. 2019 වසරේ යෙදෙන අවසාන පංචමහා පුරුෂ යෝගය ද මෙය වේ. පසුගිය නොවැම්බර් මස 05 වෙනි දින ගුරු ධනු රාශිගතවීමෙන් ‘ගුරුහංස’ රාජ යෝගය යෙදී තිබුණ අතර එය 2020 මාර්තු 30 තෙක් පවතී. ඒ අනුව ගුරු ධනු රැසට පැමිණ ගත කරන කාලය තුළ රටෙහි රාජ්‍ය පාලනයේ විශේෂිත වූ වෙනස්වීම් සිදු වූ බව නොරහසකි.

කුජ වෘශ්චික රාශි ගතවීමෙන් රටෙහි පවත්නා ආරක්ෂක අංශවලට වැඩි වගකීමක් දැරීමට සිදුවන අතරම, නීතියට පටහැනිව ක්‍රියා කළ සැමට තරා තිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නොකියා නොහැකිය. එමෙන්ම තමුන්ට බලය ලැබීමෙන් පසුව නීතිය නවා ක්‍රියා කළ සැමටද නීතියෙන් ගැලවීමක් නොවන බවද, ඔවුන් කරන සියලු කටයුතු ලෝක පාලක දෙවිවරුන්ද බලා සිටින බව හා දේව දඬුවම්ද ලබා දී ඔවුන් සමාජයෙන් ඈත් කර දමන බවද කිව යුතුව ඇත.

06 පිටුවට....

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.