වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
බලගතු නැකතක මහිමය
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසා
ජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණා
වර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස පත්වුණු ඩී.ඇස්.සේනානායක මැතිතුමන් මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස තෝරා ගනු ලබන්නේ නිතරඟයෙනි.
පසුව කාරක සභා හයක් පත්කර ගනිද්දී කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්වන්නේ ඩී.ඇස්. සේනානායන මැතිතුමාය.
ඉංගී්රසි ආණ්ඩුවේ පාලන සමයවූ මෙකල ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි කොමිෂන් සභාව මඟින් මෙම පාලන ක්‍රමය මඟින් ස්වදේශික නායකයන්ටද පාලන තන්ත්රයේ තැනක් ලබාදීමේ යෝජනාවලිය අනුව මෙම වර්ෂ 1931 සිට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්විණ. මෙහිදී වර්ෂ 1925 සැප්තැම්බර් 27 වැනිදා නව ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් තෝරා ගනිද්දීද ඩී.ඇස්. සේනානායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේද නිතරඟයෙන්මයි. ඒ එකලද ලංකා ජන සමාජයේ එතුමාට පැවති පිළිගැනීම අනුවය. මේ තත්ත්වය යටතේ සිංහල මන්ත්‍රීවරුන් ලෙස එදා වරාගොඩ ඩී.බී. ජයතිලක , බෝතලේ ඩී.ඇස්. සේනානායක, හොරගොල්ලේ ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක යන මහත්වරු නිතරඟයෙන් පත්වූහ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>