වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සුබසෙත සුවසෙත
කේ.ඩී. ශි‍්‍රයාකාන්ති නාත්තන්ඩිය
ප්‍රශ්නය -
වෛද්‍යතුමනි, මම තිස් අට හැවිරිදි වැඩිහිටි නිවාසයක පාලිකාවක්මි. එදිනෙදා ආහාර සූදානම් කරන විට මුළුතැන්ගෙයි පාලිකාවන් විසින් ව්‍යාංජන තෙම්පරාදු කරන විට රසවත් කිරීමට ලුණුත් තරමක් වැඩිපුර යොදනවා. එමෙන්ම සමහර ව්‍යාංජන රසවත් කිරීම සඳහා සීනිත් තරමක් යොදනවා. මට දැන ගැනීමට අවශ්‍යව ඇත්තේ තෙල්, සීනි හා ලුණු මෙසේ එක් කිරීමෙන් සිරුරට වන හානිය කුමක්ද යන්නයි.
පිළිතුර -
උදේට සවසට දෙනු ලබන තේ, කෝපිවලට වගේම අමතරව දෙන බීම ජාතිවලටත් සීනි එක්කරනවා. ඊට අමතරව යම් යම් ව්‍යාංජනවලටත් සීනි එක්කිරීමේ පුරුද්දක් පවතිනවා. මේ ආදි වශයෙන් විවිධ වශයෙන් අපගන්නා ආහාරවලින් ලැබෙන සීනි ශරීරය තුළදී මේදය බවට පත්වෙනවා. කොලෙස්ටරෝල් මේදය ලෙස තැන්පත් වන්නේ මේ සීනිය. අධික රුධිර පීඩනයට හෘදයාබාධවලට හේතු වන්නේ මෙයයි. සීනි වැඩිපුර ගැනීම ඉතාම අහිතකරය.
බෝ නොවන රෝගවලට හේතුවන අනෙක් සාධකය වන්නේ අධික ලෙස ලුණු ශරීරගත වීමයි. ලුණු ඍජු ලෙසම අධිරුධිර පීඩනයට බලපායි. මේ නිසා ව්‍යාංජනවලට වුවද ලුණු ස්වල්ප වශයෙන් එක් කළ යුතුය. සෑම විටම තෙල් බැදුම් තෙල් තෙම්පරාදු කිරීම්වලින් ආහාරයට යම් යම් ආහාර ද්‍රව්‍යයන් එක් කිරීම සුදුසු නැත. නිතර නිතර කරවල ජාති පපඩම් වෙනත් ආහාර තෙලෙන් බැද හෝ තෙල් මිශ්‍රකර කෑම හෝ එතරම් සුදුසු නැත. පිත්තාශයේ ගල් ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ තෙල් අධික ආහාර වැඩිපුර ගැනීම බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. ගල් බොහෝවිට ඇතිවන්නේ කොලෙස්ටරෝල් මේදයෙනි. එබැවින් සීනි අධික තෙල් අධික ලුණු අධික ආහාර අවම කිරීමෙන් ඇතිවිය හැකි රෝග රැසකින් නිදහස් විය හැකිය.
කේ. ජයනී, ගනේවත්ත
ප්‍රශ්නය -
වෛද්‍යතුමනි, මා තිස් එක් හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ මවකි. මගේ තෙවැනි දරුවා වයස හතරකි. පිරිමි දරුවකු වන මේ ළමයා ඉතාමත් සැරපරුෂ විදියට හැසිරේ. ඔහුගේ අක්කලා දෙන්නට මෙන්ම ගෙදර අනෙකුත් අයටද කතා කරන්නේ දැඩි කේන්ති ගතියකිනි. මට අරක අරන් දෙන්නම ඕනමයි. මට එපා කිවුවොත් එපාමයි. මම කන්නෙම නැහැ. මේක පොළොවෙ ගහනවා කියමින් සැරවෙනවා. කොපමණ බැන්නත් තරවටු කළත් පලක් නැහැ. මේවගේ හැසිරෙන්නේ අසනීපයක් ද යන්න සැකසහිත නිසා කළ යුතු ප්‍රතිකාරයක් ඇතොත් කරුණා කර පහදා දෙන්න.
පිළිතුර -
සමහර අවස්ථාවල ඒ දරුවා ඉදිරියේ අනෙක් දරුවන්ට වැඩි ආදරයක් දැක්වීම, ඒ දරුවන්ගේ ගුණ වර්ණනා කිරීම, බාල දරුවාට වඩා අනෙක් දරුවන්ට හොඳ ඇඳුම් පැලඳුම් ලබාදීම ගමන් බිමන් එක්කන් යෑම ආදී වැඩි සැලකිලි වැඩිමහල් දරුවන්ට දැක්වීමෙන් බාල දරුවාගේ සිතට මහත් දුකක් හා වේදනාවක් ඇතිවේ. එබැවින් තුන්දෙනාටම එක හා සමානව ආදරය දැක්විය යුතු ය. දරුවකු මව්පියන්ට හෝ වෙනත් වැඩිහිටියකුට යමක් ඉල්ලා සිටිමින් නියෝග කරයි නම් මට ඕනෑමයි. දිය යුතුමයි. දෙනකම් මුකුත් කරන්නේම නැහැ. මම කන්නේම නැහැ. කියමින් අඬයි නම් කේන්තියෙන් එහෙ මෙහෙ ඇවිදී නම් කාමරයකට වී සිටී නම් දරුවා ඉල්ලා සිටින හෝ කළ යුතු දෙයක් හෝ ලබා දෙන්නවත් කියන දේ ඉටු කරන්නවත් යන්න එපා. එසේ කළොත් දරුවා ඉදිරියටත් ඒ දේම කරමින් නිවසේ අය යටත් කර ගැනීමට සූදානම් වේ. දරුවාගේ සිත වෙනත් දෙයකට යොමුකරමින් කේන්තිය මඟ හැරවීමට කටයුතු කරන්න. දරුවා කැමැති සෞන්දර්ය විෂයයක් සඳහා යොමු කරන්න.
යූ.එස්. සුබෝධා නාරම්මල
ප්‍රශ්නය -
වෛද්‍යතුමනි, මම දහ අට හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ කාලගුණික වෙනස්කම් සිදුවන අවස්ථාවලදී පැතිර යන වෛරස් රෝග පිළිබඳයි. සුබසෙත මඟින් දීර්ඝ විස්තරයක් ලබා දිය නොහැකි නම් කෙටි විස්තරයක් හෝ ලබාදෙන්නේ නම් මගේ අධ්‍යාපන කටයුතුවලට ලොකු උදව්වකි. විශේෂයෙන් මේ සඳහා ඔබතුමාගේ අවධානය යොමුකරනු ඇතැයි සිතමි.
පිළිතුර -
කාලගුණික විපර්යාස ඇතිවීමෙන් ජන ජීවිතයට මහත් අපහසුතා බලපෑම් ඇති කරමින් පැතිර යන රෝගාබාධ බොහොමයක්ම ඇත. මෙවැනි අවස්ථාවේදී වෛරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාම සහ පවතින ශ්වසන රෝග උත්සන්න වීමේ තත්ත්වයක්ද පවතී. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, හිසරදය, කිවිසුම්යාම, කැස්ස, උගුරේ වේදනාව, හන්දිපත් වේදනාව, අප්‍රාණික බව හා ශරීරයේ අධික දහඩිය දැමීම ආදී රෝගාබාධ ලක්ෂණ මතුවන අතර එය රෝගියාගෙන් රෝගියාට වෙනස්ව ද පවතී. මෙහි විශේෂත්වයක් වන්නේ කුමන රෝගී තත්ත්වයක් ඇති වුවද කැස්ස නම් දිගටම දින ගණනක් පැවතීමයි.
රෝගකාරක වෛරසයක් ශරීරගත වූ රෝගියකු කහින විටදී කිවිසුම් යවන විටදී හෝ කතා කරන විටදී පිටවන කෙළ බිඳිති මඟින් දහස් ගණනක් වෛරස පැතිරීම සිදුවන බැවින් රෝගියා ඒ ගැන විමසිලිමත්ව අනෙකුත් අයට එය බෝ නොකිරීමට වග බලාගත යුතු ය. වෛරස් ආසාදනයට ලක්වූ රෝගියකු (ඉහත කී රෝග ලක්ෂණ) දින තුනකට වඩා එවැනි තත්ත්වය පවතින්නේ නම් රුධිර පරීක්ෂණයකට ලක්වී පවතින රෝග තත්ත්වය ගැන දැන ගැනීම වඩාත්ම සුදුසු ය. වෛරස් රෝගයට ලක්වුණු රෝගියකු ප්‍රතිකාර ගන්නවා වගේම ඇඳ විවේකයද අත්‍යවශ්‍යම වේ.
ලක්ෂ්මන් රුද්‍රිගු, කකළුව
ප්‍රශ්නය -
වෛද්‍යතුමනි, සෙංගමාලයේ ලක්ෂණ හා එම රෝගය වැළඳෙන ආකාරය හා ප්‍රතිකාර විධි හා පැවතුම් අයුරින් දියයුතු ආහාර පිළිබඳවත් දැනුවත්වීමට අවශ්‍ය වී ඇත. ඒ ගැන යම් තොරතුරක් ලබා දෙන්නේ නම් මැනවි.
පිළිතුර -
සෙංගමාලය වැලඳුණු රෝගියකුගේ ඇස්, නිය, සම, කහපාට ගැන්වේ. සමහර විට කහපාට නොවුවත් බොර පාටින් වර්ණ වේ. උදර වේදනාව, උණ, වමනය ඇතිවන මේ රෝග තත්ත්වයේ දී වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු ය. පිත රස රක්තාදී ධාතු දූෂණය කිරීම නිසා පළමුව ඇස්, හම, මුත්‍ර වර්ණවත් වෙයි. පිත වර්ධනය කරන ආහාර හා විහරණ සෙංගමාලය ඇතිවීමේ ප්‍රබල කරුණක් වෙයි. පිත පිත්තාශය කරා නොගොස් ලෙයට මිශ්‍රවීම නිසා මේ තත්ත්වය ඇතිවේ. සුදුපාටට මලපහ පිටවිය හැකිය. පසුව එය කහ පැහැවීමෙන් පිටවේ. සෙංගමාලය වැලඳුණු රෝගියෙකුට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතුය.
රෝගියාට කැඳ වර්ග වැඩිපුර දීම සීනි සහිත හකුරු, රට ඉඳි වැඩියෙන් කෑමට දීම, එළවළු සහ පලතුරු පමණක් ආහාරයට දීම, මිරිස් අඩුවෙන් ආහාරයෙන් ගැනීම, වැඩිපුර ඔසුපැන් බීමට ලබාදීම, තවද රෝගියාට ඇඳ විවේකය අවශ්‍යම වේ. යම් යම් ව්‍යායාම්වලද, නිරත විය යුතු ය. සෙංගමාලයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර ලබාදිය යුතු වන්නේ නම් එම වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.
ලක්මිනී, මට්ටක්කුලිය
ප්‍රශ්නය
වෛද්‍යතුමනි, අම්මාවරුන්ගේ අසනීපයක් ලෙස සැලකෙන කම්මුල්ගාය වැලඳීමේ ලක්ෂණ හා කළ යුතු ප්‍රතිකර්ම විධි දැනගන්නට අවශ්‍යව ඇති බැවින් ඒ ගැන තොරතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. එවැනි රෝගියෙකුට කෑම බීම ලබා දීමේ නියමයක් පවතී ද යන්න දැනගැනීමටත් අවශ්‍ය වේ.
පිළිතුර
කම්මුල්ගාය බෝවන රෝගයකි. ගම්බද පළාත්වල කම්මුල්ගාය වැලඳුණු විට එම දරුවන්ට දෙහි ඇඹුලින් නිල් දියකර කම්මුලේ ආලේප කරයි. නැතහොත් අලිහක්ක ඇල්වතුරෙන් ගලගා කම්මුලේ ආලේප කරති. තවද කොත්තමල්ලි, පත්පාඩගම් තම්බා බීමට දීමෙන්ද සුවය ගෙන දේ. කම්මුල්ගාය ගැන නොසලකා සිටියහොත් තත්ත්වය භයානක තත්ත්වයකට පත්වීමටද ඉඩ ඇත. බොහෝ ප්‍රදේශවල කම්මුල්ගාය දෙවියන්ගේ ලෙඩක් ලෙස සලකමින් වත්පිළිවෙත් ඉටුකිරීමටද උනන්දු වෙති. අඩස්පරය, ඇකන්සාව හා කර්ණමූලක යන නම්වලින්ද හඳුන්වන කම්මුල්ගාය වැලඳුණු අයකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ ස්පර්ශයෙන් හා රෝගියා හුස්ම හෙළන විට පරිසරයට මුදා හැරෙන විෂබීජය නීරෝගි පුද්ගලයකුගේ ශරීරගත වීමෙනි. රෝගය බෝවීමෙන් දින හතක්, දහයක් හෝ තවත් දින කීපයක් තිබිය හැකිය. එහෙත් දෙසතියක් ගිය කල රෝග සුව වේ. රෝගය ඇතිවූ බව දැනගන්නට හැකිවන්නේ හක්කේ ඇතිවන වේදනාව යමක් විකනවිට ඇතිවන වේදනාවත් සමහර ඇතිවන උණගතියත් හේතුවෙනි. නිතරම කට පිරිසුදුව තබාගත යුතුය. ඒ සඳහා ලුණු මිශ්‍ර ජලයෙන් කට සේදිය යුතුය. රෝගියාට සැහැල්ලු ආහාර දිය යුතුය. පලතුරු ලබා දීමේ වරදක් නැත. කෙසේ වෙතත් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබා ගන්න.
සිසිලින් නෝනා, කොස්ගොඩ
ප්‍රශ්නය
වෛද්‍යතුමනි, මගේ වැඩිමහල් දියණියගේ පුතාගේ වයස අවුරුදු දෙකකි. දත් ඒමේ ප්‍රමාදයක් දරුවාට පවතී. නිතර නිතර දරුවාගේ හිසට දහඩිය දමයි. මල බුරුල්වී යනවා නිතරම හඬන අතර කේන්ති යෑමක්ද පෙන්නුම් කරනවා. කටහඬ පවා වරින්වර වෙනස් වෙනවා. දරුවාගේ සමද ගොරෝසු බවක් පෙන්නුම් කරනවා. බඩගිනි බවක්ද නැතිව වගේ. මේ රෝගී තත්ත්වයට කළ යුත්තේ කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍යව ඇත. කළ යුතු ප්‍රතිකාර ඇතොත් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.
පිළිතුර
සඳහන් කර ඇති රෝග විස්තරය අනුව නම් පෙන්නුම් කරන්නේ මාන්දම් රෝගය බවයි. දරුවාගේ කායික හා මානසික වර්ධනය කෙරෙහි තදින්ම බලපාන මාන්දම් රෝගය වැඩීම අඩපණ කරයි. දරුවාට අවශ්‍ය පෝෂණය නොලැබීම දෙනු ලබන ආහාරවල නිසි ගුණාත්මකභාවයක් නොතිබීම ගර්භීණී කාලයේදී මව මන්දපෝෂණයෙන් පෙළීම ආසාදන රෝගවලින් පෙළීම දරුවාට මවුකිරි නොදීම වැඩි වේලාවක් තම්බන හා තෙල් අධික ආහාරදීම ආදී කරුණු රෝගී තත්ත්වයට හේතුවන කරුණු ස්වල්පයකි. නොයෙකුත් අයුරින් වැලඳෙන මාන්දම් රෝග සෑහෙන සංඛ්‍යාවක් ඇති බැවින් දරුවා ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.
සී.ඩබ්. පුෂ්පකුමාර, කුඩුවාමුල්ල
ප්‍රශ්නය
වෛද්‍යතුමණි
මා ගරාජ් එකක වැඩකරන හතළිස් දෙහැවිරිදි කාර්මිකයෙකි. දැනට සති දෙකක පමණ කාලයක සිට දහවල් දොළහත් දෙකත් අතර කාලයේදී බඩේ දැවිලි ගතියක් හට ගනී. එයට තැඹිලි බිව්වත් සව් කැඳ වගේම කොළකැඳ බීවත් සුවයක් ලැබුණේ නැත. කරුණාකර උපදෙසක් ලබා දෙන්න
පිළිතුර
ඔබට වැලඳෙන්නාවූ මේ රෝගයට හේතුවෙන් නේ පළමුකොට නිසි වේලාවට ආහාර නොගැනීමයි. එමෙන්ම ගන්නා ලද ආහාරවලට වැඩියෙන් කුළුබඩු එක්කිරීමත්, තෙම්පරාදු කිරීම් හා තෙල් බැදුම් වැඩියෙන් තිබෙන ආහාර ගැනීමත් නිසාය. මත්පැන් දුම්වැටි පානය වගේම අධික උෂ්ණාධික ආහාරමෙන්ම බීම ජාති ගැනීමත්ය.
මස්වර්ග, තෙල් අධික යෙදූ ආහාර කුළුබඩු, මිරිස් යෙදූ ආහාරද ගුණාත්මක නැත. එළකිරි පානය කිරීම, කොළ කැඳ, පිපිඤ්ඤා, පුහුල්, නෙළුම් අල, කෙසෙල් ගෙඩි යනාදී ආහාර සුවදායකය.
එළවළු සහ කුඩා මාළු සහිත වේලක් නිසි වේලාවකදී කෑමට ගන්න. කෑම ගන්නා විට බඩ පිරෙන තෙක් ආහාර ගැනීම සුදුසු නැත. පවතින තත්ත්වය දිගටම පවතීනම් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමෙන් සුවයක් ලබාගත හැකිය.
ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර