ඩයනාා කුමරිය ඇත්තටම ඇත්තට යළි ඉපදුණාද?

සැප්තැම්බර් 13, 2024

පුනර්භවය ගැන විවිධ තොරතුරු කාලෙන් කාලයට අසන්නට ලැබෙනවා. මේ එවන් පුනර්භවය පිළිබඳ වර්තමානයේ අසන්න ලැබෙන අලුත්ම කතාවයි. මේ කතාව අපට ඇහෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ලෝකයේ බාල, තරුණ, මහලු කාගේත් ආදරයට ලක්වන ඩයනා කුමරිය ප්‍රංශයේ සිදු වූ රිය අනතුරකින් මිය යන්නේ 1997 අගෝස්තු මස 31වැනිදා. එසේ මිය ගිය ඇගේ මතකය අලුත් කළේ, අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවායි.

මේ කුඩා දරුවා වයස අවුරුදු දෙකේදී තමන් ඩයනා කුමරිය බවත්, පැරීසියේ දී සිදු වූ අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් තමා මිය ගිය බවත් පවසන බව පියා වූ ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් පවසා තිබුණා. කුඩා බිලී ‍ලොවක් ආදරය කළ ඩයනා කුමරියට ජීවිතේ අහිමි වූ මෝටර් රථ අනතුර ගැන නිවැරැදි තොරතුරු මෙන්ම බැල්මෝරල් මාලිගාව ගැනත් සමීප තොරතුරු පැවසීම මත තමා සහ සිය බිරිද දැඩි සේ කම්පාවට පත්වූ බවද ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් වැඩි දුරටත් පවසනවා. ඩයනා කුමරියගේ ඡායාරූප පෙන්වූ විට පුංචි බිලී ඒ මම යැයි පවසන බවත් ඩයනාගේ ආදරණීය පුතුන් වූ හැරී සහ විලියම්ට මගේ කොල්ලන් දෙන්නා යැයි ආමන්ත්‍රණය කරන බවත් අසන්නට ලැබෙනවා. 2019 වර්ෂයෙදීත් ප්‍රසිද්ධ රංගන ශිල්පි ඩේවිඩ් කැම්බල් බිලීගේ මේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳ මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පුංචි බිලී සැබවින්ම ඩයනා කුමරියගේ පුනර්භවය යැයි විශ්වාස කරන පිරිසක් සිටිනවා. ඒ වගේ තම පියා මෙන් පුතාද ව්‍යාජ රංගනයක යෙදෙන බවට විවේචන එල්ල කරන්නන්ද මේ අතර අඩු නැහැ. බොහෝ දරුවන් වයස අවුරුදු දෙකේදී තුනේදී පෙර භවය ගැන කියනවා අප මීට පෙර අසා තිබෙනවා. නීතිය නම් පිළිගන්නේ කුඩා දරුවන් බොරු නොකියන බවයි. එනිසාම පුංචි බිලීටත් ඩයනා කුමරිය ගැන විශාල දැනීමක් තිබෙන බවට සමහරු පිළිගන්නවා.

පෙරදිග රටවල මෙන්ම බටහිර රටවලත් කලින් කලට මේ අත්දැකීම් ඉස්මතු වෙනවා. එහෙත් ප්‍රශ්නය වන්නේ මිනිසුන් පුනර්භවය විශ්වාස කරනවාද නැද්ද යන්නයි. දේශීය මෙන්ම විදේශීය රටවල්වලද මේ පුනර්භවය පිළිබඳ විවිධ කතන්දර ඉතාමත් වේගයෙන් ප්‍රචාරය වනවා. ඉතින් මේ විලී කැම්බල් දරුවාගේ කතාවත් ඒ වගේ එකක්. 1997 අගෝස්තු 31 වැනිදා ඩයනා කුමරිය මිය යෑමෙන් අනතුරුව ඩයනා කුමරියගේ පසු උපත ලෙසින් හදුන්වන බිලී කැම්බල් දරුවා උපත ලබන්නේ ඊට අවුරුදු 20කට අනතුරුවයි.

ඩයනා කුමරිය මරණයෙන් අනතුරුව අවුරුදු විස්සක් පුරා මතු උත්පත්තියක් නොලබා අතරමැදි අවස්ථාවක එනම් ගන්ධබ්බ අවස්ථාවක සිටියාද යන්න තවත් අයගේ මතයක්. මන්ද කෙනෙක් මිය ගිය විට කළ කුසල අකුසල කර්මයන් සමඟ තමයි ඒ කෙනා ඉන්නා කාලයක් ඉඳලා යම්කිසි තැනක අවශ්‍ය කාලයේදී ඉපදෙන්නේ. එසේත් නොමැති නම් ඇය පුංචි බිලී ලෙසින් ජන්මය ලබන්නට පෙර අවුරුදු කිහිපය තුළ විවිධ ආත්මභවයන් ලැබුවා නම් ඒ මතකය යළි මතු වුණේ කෙසේද? යන්නත් ප්‍රශ්නයක්.

කෙසේ වෙතත් එදි මෙන්ම අදත් අප අසා තිබෙන පුනරුත්පත්ති කතා ඇසු විට මෙවැනි සිදුවීම් එක දෙකක් කලාතුරකින් සිදුවිය හැකියි.

දැනට අවුරුදු අටක් වයසැති බිලී ඩයනා කුමරිය පිළිබඳ විස්තර කළ මතකයන් නිසා ඔහුගේ දෙමාපියන් සහ අනෙකුත් අය කල්පනා කරන්නේ ඩයනා කුමරියගේ ජීවිතය පිළිබඳ මෙතරම් සවිස්තරාත්මක දැනුමක් කුඩා දරුවෙකුට ලැබුණේ කෙසේද යන්නයි . අද බුදු දහමත් සසඳන විට බුදු දහමේ මනාව පුනර්භවය ගැන කියා තිබෙනවා. සියලු කෙලෙසුන් නසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන වකවානුව වන විට උන්වහන්සේ ඉදිරියට ආ පුද්ගලයන් විසින් අසන ලද යම් යම් කරුණුවලට පිළිතුරු සැපයීම සඳහා උන්වහන්සේ නිදර්ශන කර ගන්නේ තමන්ගේ පෙර ආතම භවයන්මයි. කෙසේ වෙතත් බුදුදහමේ පුනර්භවය පිළිබඳ විශ්වාසයත් සමගම පුංචි බිලී කැම්බල්ගේ කතාවත් හුදු මනංකල්පිතයක් ලෙස සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක්කක් බවයි පෙනී යන්නේ.

ඡායාරූප අන්තර්ජාලයෙනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.