වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ලිංග භේදය අනුව ගුණ දෙන දියමන්ති
මම කොළඹ සරසවියේ ශාස්ත්‍ර අධ්‍යයනය කරන කාලයේ මාගේ ඉදිරි ජීවිතය හා සැබඳුණු ආදරණීය පි‍්‍රයාවිය, අනාගත සහකාරිය තෝරා ගැනීමට සමත්වීමි. මෙලොව මට සිටින වටිනාම කෙනා ඇය බව තහවුරු කිරීමටත් ඇය උපාධියෙන් ඉහළ පෙළ සාමාර්ථ්‍යයක් ලැබ බැජ් ටොප් බවට පත්වීමත් නිසාත් අපේ ආදරය ස්ථිර කර ගැනීමට මට අවශ්‍ය විය. ඒ සඳහා ඇයට දිය යුත්තේ කුමන ත්‍යාගයක් දැයි මම දන්නා හඳුනන යහළු මිත්‍රයන්ගෙන් විමසීමි. ඔවුහු විවිධ දේවල් ඒ සඳහා යෝජනා කළහ.
මේ අතරතුරදී ඇළහැර සහ බලංගොඩ මැණික් දෝනාවකට හිමිකම් පෑ මා මිත්‍ර ගුරුසිංහ මහතා අහම්බෙන් අගනුවරදී හමු විය. එහිදී මෙවැනි අවස්ථාවට වඩාත් සුදුසු ත්‍යාගය කුමක්දැයි මම විමසීමි.
එතුමා මැණික් සහ දියමන්ති පිළිබඳ ලංකාවේ ප්‍රවීණයකු විය. ඔහුගේ නිර්දේශය වූයේ බරින් අඩු කුඩා දීප්තිමත් දියමන්ති ඇල්ලූ රන් මුදුවක් ඇයට පිරිනමන ලෙසය.
තම ආදරණීය පි‍්‍රයාවියට දියමන්ති මුදුවක් තෑගි කිරීම බොහෝ කලක සිට ලොව පුරා පැවත එන අපූර්ව චාරිත්‍රයක් බව එතුමා පැහැදිලි කළේය. එමෙන්ම “වාසනාව ලැබීමේ උල්පත” දියමන්තිය බවට යුරෝපීයන්ගේ තදබල විශ්වාසයක් පවතී.
දියමන්ති මුදුව හෝ පෙන්ඩනය පැළඳවීම මඟින් එහි කිරණ භාවිත කරන්නාගේ ශරීරයට වැටෙයි. එය ඉතා අලංකෘත මනරම් දසුනක් වනවා පමණක් නොව එම කිරණ මඟින් පලඳින්නාට සුඛ විහරණයට මඟ පාදනුයේ නිතැතිනි.
ලොව පවතින සියලු මැණික් අතරින් දීප්තිය හා ඉතා දැඩි බව යන ගුණාංගවලින් පිරිපුන් වනුයේ දියමන්තියයි. එය ඉතාමත්ම පැරණිම මැණික ලෙසද සැලකෙයි. එමෙන්ම ලොව ඉතාමත් ජනපි‍්‍රය මැණික බවට පත්ව ඇත්තේද දියමන්තියයි.
දියමන්තිවල යහපත් සහ අයහපත් ගතිගුණ සුප්‍රසිද්ධ ඉන්දීය ද්‍රවිඩ ගීත කාව්‍යයක් වන ‘සීලප්පදිකාරම්’ හීද, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තන්ජාවූර් හි පිහිටි සරස්වතී මහල් පුස්තකාලයේ සංරක්ෂිත “රත්න පරීක්ෂා” නම් විශිෂ්ට ග්‍රන්ථයේ දැක්වෙන පරිදි දියමන්ති ස්ත්‍රී පුරුෂ, නපුංසක යනුවෙන් වර්ග තුනකට බෙදා ඇත. ඒ අනුව කුඩා දීප්තිමත් දියමන්ති ස්ත්‍රී ගණයට අයත්ය. එම දියමන්ති එබ්බ වූ ආභරණ පලඳින්නෝ ඉතා යහපත් දරුවන්ගේ මව්පියන් වෙති.
පුරුෂ ගණයට වැටෙන දියමන්තිය කළු තිත් රහිත දීප්තිමත් ගෝලාකාර විශාල දියමන්තිය. මේවා අයිතිකරු වාසනාවන්තයෙකි.
නපුංසක ගණයට වැටෙන දියමන්ති කළුතිත්, දියබුබුළු හෝ ඉරි සහිත දියමන්ති වෙයි. එවැනි දියමන්ති අත්හැරිය යුතුය.
70 දශකයේදී “දියමන්තිය” නම් චිත්‍රපටයක්ද තිරගත විය. එහි මුළු තිර කතාවේම රැඳී පවතිනුයේ ඉතා වටිනා දියමන්ති මාලයක් තමන් සතු කර ගැනීමට කරනා අරගලයි. එයිනුත් විද්‍යාමාන වනුයේ සමාජයේ “දියමන්තිය” ධනවත් බවේ අග්‍ර සංකේතයක් වන බවයි.
ඡ්‍යොතිෂ විද්‍යාවට අනුකූලව දියමන්තිය උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ අපි දැන් සොයා බලමු.
පෙරදිග රටවල සිකුරාදා දිනවල දියමන්ති (ච්ඪචථධදඤ) පැලදීම චාරිත්‍රයක් කොටගෙන ඇත. එහෙත් බටහිර රටවල දියමන්තිය පලදින්නේ ඉරිදා දිනවලය. විශේෂයෙන් ඉරු දින පැවැත්වෙන දේව මෙහෙයට පැමිණීමේදී බොහෝ කතුන් මේවා පැලඳ සෝබමානව තම ධනවත්කම අනුන්ට පෙන්වීමට අවකාශයක් සපයා ගනී.
ලග්නයට අනුව මැණික් තෝරා ගැනීමේදී විශේෂයෙන් “තුලා” ලග්න හිමියන්ට දියමන්තිය වඩාත් යෝග්‍ය වෙයි. ‘දියමන්තිය’ අයත් ග්‍රහයා වනුයේ සිකුරුයි. එබැවින් සිකුරු ග්‍රහයාගේ අපලයටද දියමන්ති එබ්බවූ ආභරණ යොදා ගනී. අංක විද්‍යාව අනුව බලන කල 06 වාසනාවන්ත අංකයකි. මොවුන් දියමන්ති පලදින්නේ නම් ජීවිතයේ ඉදිරි යහපැවැත්මට එය වඩාත් හේතු සාධක වන බවට විශ්වාසද කෙරෙයි.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව අපේ‍්‍රල් මාසය සඳහා සුදුසුම මාණික්‍යය දියමන්තියයි. රාශි චක්‍රය අනුව ගෙන බැලුවද අගෝස්තු මස 24 සිට සැපතැම්බර් 23 දක්වා කාලය තුළ දියමන්ති පැලදීම වඩාත් උචිත වන අතර ඒ අය වාසනාවන්ත අය වෙයි.
ඡ්‍යොතිෂයට අනුව නවරත්න මුදුවේද දියමන්තියට ලැබෙනුයේ ප්‍රමුඛස්ථානයකි. නවරත්න මුදුව සෑදීමේදී එක පෙළට මැණික් වර්ග තුන බැගින් එහි පේළි 3කට මැණික් එබ්බ විය යුතුය. එහි පළමු පේළියේ මරකත, දියමන්ති, මුතු වෙයි. මුදුව පැලඳීමේදීද එම පේළිය ඉහළින් ම තිබිය යුතුය.
මේ ලෙස බැලීමේදි අපට පෙනී යන්නේ මිනිසා දියමන්තිය කෙරෙහි කෙතරම් වශීකෘතව තම ජීවිතය දිනීම උදෙසා මෙය උපයෝගී කරගන්නේද යන්නයි.
හොඳ දියමන්තියක ලක්ෂණ ගුණාංග 05කින් යුක්තය. ඒවා නම්
1. එය මුහුණත පැති 6කින් සමන්විත විය යුතුය.
2. එය බරින් අඩු විය යුතුය. (ඉතා බර නොවිය යුතුය)
3. එය එක සමාන පෙති අටකින් යුක්ත විය යුතුය.
4.එයට උල් සහිත තුඩක් තිබිය යුතුය.
5. එහි කළු ලප නොතිබිය යුතුය.
දියමන්ති සාමාන්‍යයෙන් වර්ණ රහිතය. හොඳින් පවිත්‍ර ගලන දියපාරක් මෙන් ඉතා පැහැදිලි වර්ණ රහිත ඒවා වටිනා දියමන්තියක් ලෙස සැලකේ. එනමුත් නිල්, කොළ, කහ, රතු, දම්, දුඹුරු, කළු යන පැහැයෙන්ද දියමන්ති හමුවේ.
වර්ණ රහිත වූ දියමන්තියක් පලඳින තැනැත්තා ත්‍යාගශීලි සහ පුණ්‍ය කටයුතුවල යෙදෙන්නකු මෙන්ම වාසනාවත්, යහපතත් උදා කර ගනී. රතු දියමන්තිය පලඳින අය වීර ක්‍රියාවන්හි නියුක්තව වීරවරයෙක් වෙයි. කහපාට දියමන්තියක් පලඳින්නා ධනවත් වෙයි. එමෙන්ම ප්‍රසිද්ධ කලාකරුවෙකුද වෙයි. කළු දියමන්තියක් පලඳින්නාට විනාශය ළඟා කරයි. කළු ලප හෝ වතුර බින්දු නිසා වයිරම් වැටී තිබෙන හෝ අග කෙළවර කැඩුණු දියමන්ති නොපැලඳිය යුතුය.
මෙතරම් අගනා දියමන්තියේ සම්භවය පිළිබඳ තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසය වනුයේ වර්ෂ බිලියන ගණනකට පෙර විශාල තරුවක් පුපුරා කැබලි සිය දහස් ගණනතකට කැඩී ඒවා කුඩා කාබන් අංශු ලෙස පිලිස්සී අභ්‍යාවකාශයෙහි විසිරුණු බවත් මේ කාබන් කොටස් වර්ෂ මිලියන ගණනක් යෑමේදී දියමන්ති අංශු බවට පත්වී ඇති බවත් ඒ දියමන්ති අංශු අභ්‍යාවකාශයෙහි පාවෙමින් තිබී පසුව පෘථිවි තලයේ විසිරව තැන්පත් වී ඇති බවත්ය.
ලොව සියලු මැණික් අතරින් දැඩි බව (දෘඪ බව 10) වැඩිම ඇත්තේ දියමන්තියටය. මේ තද බව නිසා සීරීමට ලක් නොවන බැවින් දියමන්තිය “අපරාජිත බවේ සලකුණ” ලෙස විරුදාවලිය ලබයි.
දියමන්තිය (ච්ඪචථධදඤ) යන නම සෑදී ඇත්තේද “ඇඩමාස්” නැමැති ගී‍්‍රක වචනයෙනි. එනම් “වෙන අයකුට ජයගත නොහැකි” යන අදහසයි. තත්ත්වයෙන් අඩු දියමන්ති අනෙක් දියමන්ති කැපීමට, ඔප දැමීමට, මෘදු මැණික් හා වීදුරු වර්ග කැපීමට හා ඔප දැමීමට භාවිත කරයි. ඒවා හඳුන්වන්නේ කාර්මික දියමන්ති ලෙසය.
“වජ්‍ර” යන සංස්කෘත වචනයේ අදහසද “අන් අයට දිනිය නොහැකි” යන තේරුමයි. ඉන්දු දෙවියයන්ගේ ආයුධය වජ්‍රායුධයයි. එනම් අපරාජිත ආයුධයයි.
ලෝක ජනවහරේදී දැඩි බව විස්තර කිරීමේදි එයට සම කිරීම සඳහා “දියමන්තියක් සේ දැඩි යැයි කියැවේ. එසේම දීප්තිය ගැන කතාකිරීමේදී දියමන්තියක් සේ දීප්තිමත්” යයි සසඳයි. මෙයින් සනාථ වනුයේ “දියමන්තිය” නොවෙනස් ගුණයන්ගෙන් පිරිපුන් බවය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ